අප ගැන

hBuQm_O5XUmegu

අප ගැන

1.වැඩසටහන පිළිබඳව

ශී‍්‍ර ලංකාව පශ්චාත් යුද තත්ත්වයක සිට පශ්චාත් ගැටුම් තත්ත්වයට එනම් ගැටුමේ මූලාශ‍්‍ර චිරස්ථායී නොවන්නා වූ හෝ ප‍්‍රතිනිෂ්පාදනය නොවන්නා වූ හා සමගි සන්ධානය මුදුන්පත් කරගන්නා වූ තත්ත්වයකට ගමන් ගත යුතු නම් භාෂා ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීම අති ප‍්‍රමුඛ වැදගත්කමක් ගන්නා බවට බලගතු විශ්වාසයක් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයට තිබිණ. භාෂාව ජනවාර්ගික ප‍්‍රශ්නයේ හදවතේ වෙයි, එමනිසා භාෂා ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීම ශී‍්‍ර ලංකාවේ ජනතාවට විශාල සංකේතාත්මක හා වඩා වැදගත්ව ප‍්‍රායෝගික වැදගත්කමක් ගනු ඇත. එය අති මූලික වන අතර භාෂා සමානත්වය සහතික කිරීම සඳහා යොදා ගන්නා සම්පත්/වියදම්වල අගය පුරවැසියන්් අතර කෙටි කාලීනව, මධ්‍ය කාලීනව හා දිගු කාලීනව අවංක විශ්වාසය හා අව්‍යාජ ගරුත්වය ගොඩ නැගීමේ දී අත් කර ගනු ඇති ප‍්‍රතිලාභ විසින් බොහෝ සේ වැඩිකරනු ඇත.විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ භාෂා වැඩසටහන මේ සම්බන්ධයෙන් වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරයි. එය ඔවුන්ගේ ව්‍යවස්ථාමය අයිතීන් ඉටුකරලීමෙහිලා පුරවැසියන් හා සම්බන්ධවන අතර එමගින් ඔවුන්ගේ අයිතිවාසිකම් රැුක ගැනීම සඳහා පුරවැසියන් ලෙස ඔවුන්ගේ යුතුකම් සේම වගකීම්වලට ද ආමන්ත‍්‍රණය කරයි.මෙම වැඩ සටහන කි‍්‍රයාවට නැංවීමේ දී රාජ්‍ය අංශයෙන් එයට සපයන ලද සහයෝගය වෙනුවෙන් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය එහි කෘතඥතා පූර්වක ඇගයීම සටහන් කරන අතර ප‍්‍රශ්නයට ප‍්‍රතිපත්තිමය ප‍්‍රමුඛතාව හා එයට ලැබිය යුතු අවශ්‍ය කරන සම්පත් ලබා දෙන ලෙස ඉල්ලා සිටී. ඒ කෙසේ වෙතත් අවසාන අරමුණ වනුයේ ආයතනවලට භාෂා අයිතිවාසිකම් කාවැද්දීම හා පාලන හා ආණ්ඩු කි‍්‍රයාවලීන් මෙන්ම ජනපි‍්‍රය සංස්කෘතිය තුළ ගැටුමේ, ක්ෂය වූ පුරවැසිභාවයේ හා/හෝ ආන්තීකරණ හැ`ගීම්වල මූලාශ‍්‍රයක් ලෙස තවදුරටත් විශේෂව සඳහන් කිරීම හා අවධානය අවශ්‍ය නොකරන මට්ටමකට ගෙන ඒම ය.වැඩසටහනක් ලෙස අප මෙහිලා යම් මුදුන්පත්කර ගැනීමක් කරගෙන තිබේ යයි අපි විශ්වාස කරමු. එලෙසම එය එහි පූර්ණ විභවයෙන් යුතුව මුදුන්පත්කර ගැනීම පිණිස අධිෂ්ඨාන සහගතව රටක් ලෙස යා යුතුව තිබෙන දිගු ගමනක් තිබෙන බව අපි විශ්වාස කරමු.ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තුවිධායක අධ්‍යක්ෂවිකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය2015 සැප්තැම්බර්

2.වැඩසටහනේ බලපෑම

ව්යාපෘතිය භාෂා සමානත්වයට ආධාර කරන නෛතික පූර්වාදර්ශයක් නිර්මාණය කළේ ය, රාජ්ය භාෂා ප්රතිපත්තියේ විධිවිධාන, රජ්‍ය භාෂා පනත හා ආණ්ඩුක්රම ව්යවස්ථාව කි්රයාත්මක කිරීම උදෙසා වූ නඩු හා පැමිණිලි ඉදිරිපත් කළේ ය, භාෂා අයිතිවාසිකම්වල අදාළත්වය පිළිබඳව දැනුවත් බව නිර්මාණය කළේ ය, රාජ්ය නිලධාරීන් විශාල සංඛ්යාවක් වෙත ළ`ගා වූ අතර භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා ආකල්ප වෙනසක් ඇති කළේ ය. එසේම සුළුතර ජනයාගේ භාෂා අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීමේ ව්යාපෘතිය (ඡුඛඍඵ* ඔවුන්ට ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් භාවය ලබා දෙමින් හා ඔවුන්ට ආධාර වශයෙන් ප්රතිකර්ම සෙවීමේ ක්රම පෙන්වා දෙමින් භාෂා සමාජ යනුවෙන් හඳුන්වන ලද යාන්ත්රණයක් ඔස්සේ පුරවැසි කණ්ඩායම් බලගැන්වීම හා එක්සත් කිරීම කළේ ය. ව්යාපෘතිය පුද්ගලයින් 7600– පමණ සාමාජිකත්වයකින් යුත් භාෂා සමාජ 300– ක් ස්ථාපිත කළේ ය.ව්යාපෘතියේ වැඩිමනත් මුදුන්පත් කිරීම්වලට පහතින් එන ඒවා ඇතුළත් විය:භාෂා සමානත්වය වෙනුවෙන් පැවරූ මූලික අයිතිවාසිකම් නඩු දෙකක් දිනීම

  • එක එක බැගින් නඩු 340 ක් මානව හිමිකම් කොමිසමට (්යඍක්* හා රාජ්ය භාෂා කොමිසමට ඉදිරිපත් කරනු ලැබීම
  • 70– මාධ්ය ලිපි සම්පාදනය කිරීම
  • වෙනස් වීමේ සබෑ අවස්ථා 2200– සලස්වාලීම
  • වැඩසටහන ඔස්සේ 5000– රාජ්ය නිලධාරීන් වෙත ප්රවේශවීම
  • ව්යාපෘති ප්රදේශවල ස්වාධීන ආයතනයක් විසින් ප්රථම වරට විස්තීරණ භාෂ විගණනයක් කරනු ලැබීම.

සුළුතර ජනයාගේ භාෂා අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීමේ ව්යාපෘතියේ (ඡුඛඍඵ* 4 වෙනි අදියරේ දී ගම් මට්ටමේ අනෙකුත් ස්වෙච්ඡුා සංවිධාන සමග එක්ව වැඩ කරන්නේ නම් භාෂා සමාජ ශක්තිමත් වනු ඇති බව හා එසේම එමගින් එවැනි ආයතනවලට ලැබී තිබෙන බල වරයන් තුළ හරස් කැපුම් අගයක් ලෙස භාෂා සමානත්වය ප්රවර්ධනය කරනු ඇති බව පිළිගැනුණි.

3.භාෂා අයිතිය පිළිබඳ නීතිමය රාමුව

4.ආරක්ෂා කිරීමේ ආයතන අන්තර්ගතය සපයනු ලැබේ. කරුණාකර සම්බන්ධක සමග රැුඳෙන්න

5.භාෂා අයිතිවාසිකම් පිළිබඳ විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ ප්රකාශන

භාෂා අයිතිවාසිකම් පිළිබඳ විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ ප්රකාශනඅන්තර්ගතය සපයනු ලැබේ. කරුණාකර භාෂා අයිතිවාසිකම් පිළිබඳ නෛතික රාමුව අන්තර්ගතය සපයනු ලැබේ. කරුණාකර සම්බන්ධක සමග රැුඳෙන්න

භාෂා අයිතිවාසිකම් සම්බන්ධක සමග රැුඳෙන්නභාෂා තුනෙන්ම පළ කරන විභාෂා ද්වි මාසික පුවත් හසුන පාසල්, මහජන පුස්තකාල, පිරිවෙන්, අමාත්යාංශ පිරිස්, සිවිල් සමාජ සංවිධාන, භාෂා සමාජ සාමාජික සාමාජිකාවන් හා විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ සම්බන්ධතා ලැයිස්තුවල සියල්ලන් ඇතුළුව පොදුවේ පංගු පාර්ශවකරුවන් ඉලක්ක කරන භාෂාව හා සමගි සන්ධානය සම්බන්ධ කාරණා එකතු කිරීමේ හා බෙදා හැරීමේ කටයුත්ත සඳහා මුද්රණය කරනු ලැබී ය.විද්යුත් තැපෑල, ලියුම්, පුරවන ලද ප්රශ්න මාලා ආදිය ආකාරයෙන් විභාෂා වාරිකයේ පාඨකයින්ගෙන් වර්ධිත මහජන දැනුවත්භාවය හා භාෂා සමානත්වය සඳහා සහාය විදහා දක්වමින් ප්රතිපෝෂණය ලැබිණ.ව්යාපෘතිය ති්රභාෂා පුවත් හසුන, පොත් පිංචවල් 5 ක්, පාඨක හිතකාමී මාර්ගෝපදේශ/පරිවර්තන 2 ක්, 40 කට ආසන්න පුවත්පත් ලිපි හා ශී්ර ලංකාවේ භාෂා ප්රතිපත්තිය කි්රයාත්මක කිරීම සම්බන්ධ ප්රතිපත්ති නිර්දේශ පිළිබඳ අවසන් සංක්ෂිප්ත ලියවිල්ල හරහා ඉලක්ක කණ්ඩායම් අතර භාෂා අයිතිවාසිකම් සඳහා දැනුවත්භාවය හා ගෞරවය වර්ධනය කළේ ය.රාජ්ය භාෂා ප්රතිපත්තිය හා ඒ හා සම්බන්ධ නීතිය පිළිබඳ මාර්ගෝපදේශයක 1550 ක් සිංහලෙන් ද 1550 ක් දමිළෙන් ද මුද්රණය කරනු ලැබිණ. මේවා පුහුණුකරුන්ට හා භාෂා සමාජ නායකයින්ට ද භාෂා නිලධාරීන්ට ද බෙදා හැරිණ. අමාත්යාංශ නිලධාරීන් හා තවත් අදාල පාර්ශව ගණනාවක් වැඩි පිටපත් ප්රමාණයක් සඳහා තවදුරටත් ඉල්ලීම් කර තිබේ. මෙම ප්රකාශනය ආණ්ඩුවේ නිලධාරීන් සමග කටයුතු කිරීමේ පේ්රක්ෂක පහසුව වඩාත් පහසු කළේ ය.එසේම මෑත දී ස්ථාපිත කළ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්යාංශයේ පැමිණිලි සඳහා වූ ඝෘජු දුරකථනය අනුපූරණය කරන්නට කටයුතු කරමින් විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ ව්යාපෘතිය 1956 ඝෘජු දුරකතනයට ප්රචාරයක් ලබා දීමට දැන්වීම් පුවරු 45 වඩා සවි කළ අතර පෞද්ගලික හා රාජ්ය අංශයේ කාර්යාලවල හා ව්යාපාරික ස්ථානවල සෑම ආකාරයකින්ම ප්රයෝජනයට ගැනීම සඳහා මුද්රණය කළ හැකි ෆෝමැටයක භාෂා තුනෙන්ම වචන 1000 කට වඩා තිබෙන ති්රභාෂා පොදු නාම, සංඥා හා මාර්ගෝපදේශ අඩංගු සංයුක්ත තැටියක් දියත් කිරීමට නියමිතව තිබේ.මෑත ද්විභාෂා ප්රකාශන

    1.රාජ්ය භාෂා ප්රතිපත්තිය හා ඒ හා සම්බන්ධ නීතිය

2.ශී්ර ලංකාවේ දමිළ භාෂා අයිතිවාසිකම් (ආචාර්ය දේවනේසන් නේසයියා විසිනි*

3.භාෂාව හා මනුෂ්ය වර්ගයා (නීතීඥ එස්. ජී. පුංචිහේවා විසිනි*

4.විභාෂා පුවත් හසුන 1-14 කලාප

5.උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාව පිළිබඳ මාර්ගෝපදේශ ග්රන්ථය

6.උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාව පිළිබඳ මත සමීක්ෂණයක්

6. භාෂා සමානත්වය ප්රවර්ධනය කිරීමට ඔබට ඛල හැක්කේ කුමක් ද? අන්තර්ගතය සපයනු ලැබේ. කරුණාකර සම්බන්ධක සමග රැුඳෙන්න7.ශී්ර ලංකාවේ භාෂා ප්රශ්නය පිළිබඳ පුවත්පත් ලිපි/ මාධ්ය ආවරණය සඳහා වෙනත් පිටුවකට සම්බන්ධ වන්න

http://listserv.linguistlist.org/pipermail/lgpolicy-list/2006-September/003563.html

http://asiafoundation.org/in-asia/2013/01/16/in-post-conflict-sri-lanka-language-is-essential-for-reconciliation/

http://www.tamilguardian.com/article.asp?articleid=1609

http://www.lawandsocietytrust.org/PDF/Briefing%20Note%20on%20Tamil%20Language%20Rights%201%20Oct%202010.pdf

http://groundviews.org/2011/10/24/reflections-on-issues-of-language-in-sri-lanka-power-exclusion-and-inclusion/

http://www.ceylontoday.lk/51-13915-news-detail-language-issues-in-sri-lanka.html

http://usefoundation.org/view/827

http://cimogg-srilanka.org/2006/07/language-issues/

http://www.irinnews.org/report/95931/analysis-bridging-the-language-divide-in-sri-lanka

https://srilankanews.wordpress.com/2006/09/01/linguistic-discrimination-against-the-tamils/

https://www.ceylontoday.lk/51-88507-news-detail-positive-step-towards-reconciliation-singing-of-national-anthem-in-tamil.html

මෙහි දී භාෂාව පාදක ඛ්බටම්ටැ ෂිිමැ රැුීරස ඛ්බන් පිළිබඳ ඍීී ත්ැැාකයක් භාවිතා කළ හැකි ය
භාෂා අයිතීන් පිළිබඳ වැඩිමනත් යාවත්කාලීන සඳහා අපේ ලිපි යොමු ලැයිස්තුව හා සම්බන්ධවන්න
මෙහි ලියා පදිංචිවීම මගින් ඔබේ දුරකතනයට ීඵී පණිවිඩ ලබා ගන්න

විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ ප්රජා සහභාගිත්ව වැඩසටහනේ

හැඳින්වීම:

විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ ප්රජා සහභාගිත්ව වැඩ සටහන් අංශය එහි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ පළාත් පාලනය පිළිබඳ දැනුවත් භාවය නගාලීමේ වැඩ සටහනත් සමග 2007 ජනවාරි ආරම්භයේ දී ය. කෙසේ වුව ද එම න්යෂ්ටීය කණ්ඩායම් සාමාජික සාමාජිකාවක්ම මෙයට පෙර සම්පූර්ණයෙන්මවාගේ වසර පහක පමණ කාලයක් විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ සාමය හා ගැටුම් විශ්ලේෂණ ඒකකයේ වැඩ කර තිබුණි.
ප්රජා සහභාගිත්ව වැඩ සටහන් අංශය විකල්ප ප්රතිපත්ති කේන්ද්රය විසින් සාමය, ප්රජාතන්ත්රවාදය හා යහ පාලනය පිළිබඳව මහජනතාව විශේෂයෙන් අපේ ව්යාපෘතිවල පංගු පාර්ශවකරුවන් අතර තරුණ හා ස්තී්ර කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධාරණයකින් යුතුව පවත්වා ගන්නා ලද මූලික දෘඩතර විශ්වාසයන් පිළිබඳ අවබෝධයෙන් හා පරම විශ්වාසයෙන් යුතුව ඒවා පිළිබඳ දැනුවත්භාවය නංවාලීමට ප්රයත්න දරයි.

වරම:

සාමයේ, ප්රජාතන්ත්රවාදයේ හා යහ පාලනයේ සමස්ත පරමාර්ථයක් උදෙසා අදාළ ප්රශ්න පිළිබඳව අවබෝධිත මහජන සංවාදයක් පහසුකරණය පිණිස පුරවැසියන් අතර දැනුවත්භාවය ව්යාප්ත කිරීම මගින් විකල්ප ප්රතිපත්ති කේන්ද්රය මුල පුරන ලද මැදිහත්වීම් පරිපූරණය කිරීම.

පොදුවේ එහි කි්රයාකාරකම්වලට පහතින් එන දෑ ඇතුළත් වේ:

  • තරුණ ජනයා, පළාත් සභා මන්තී්රන්, ලේකම්වරුන් හා පළාත් පාලන නිලධාරීන්, නියෝජිතයින් හා ප්රජා නායකයින් සඳහා දැනුවත් භාවය නගාලීමේ වැඩමුළු
  • වාරික හා වරක් පමණක් වන ප්රකාශන නිෂ්පාදනය හා බෙදාහැරීම
  • ක්රමෝපායික ජාල උදා. සිවිල් සමාජ සංවිධාන (ක්ීධ*, රාජ්ය නොවන සංවිධාන, පාසල් හා විශ්වවිද්යාල සබඳතා, පළාත් සභා හා පළාත් පාලන අධිකාර සබඳතා – නිර්මාණය කිරීම හා පවත්වා ගැනීම මෙන්ම එකිනෙක සමග අන්තර් ප්රජා සබඳතා පවවත්වා ගැනීමට ඒවා දිරි ගැන්වීම
  • ග්රාමීය පංගු පංගු පාර්ශවකරුවන් ද මධ්යම ප්රතිපත්ති සම්පාදකයින් හා තීරණ ගන්නන් ද අතර සන්නිවේදක අතරමැදියෙකු වශයෙන් කි්රයා කිරීම

අපේ ප්රවීණතා ක්ෂේත්ර

ප්රජා සහභාගිත්ව වැඩසටහන් කාර්ය මණ්ඩලය සාධාරණාත්මක ජනවාර්ගික හා ස්තී්ර පුරුෂ සමාජභාව තුලනයකින්, විවිධ පසුබිම්වලින් හා නම්ය හා නූතන කළමනාකරණ ප්රවේශයකින් ප්රතිලාභී වෙයි.
වැඩසටහන් අංශයට විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ අනෙක් අංශවලින් මෙන්ම විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ නාමයට ඇති පුළුල්ව පැතුරුණු පිළිගැනීමෙන් ද අංශයේ ප්රජා සහභාගිත්ව ක්ෂේත්ර වැඩවලින් ද සැලසෙන යටිතල පහසුකම් සහායේ හා සහයෝගිතාවයේ වාසිය තිබේ. එහි ප්රධාන ශක්තීන් අතර පුහුණු, පලපුරුදු හා කැපවුණු කාර්ය මණ්ඩල, සම්පත් දායක පදනමක් හා අදාළ ක්ෂේත්රවල පිළිගත් විශේෂඥයින් වන උපදේශකයින්ගේ සම්බන්ධතා පදනමක් වේ.
විකල්ප ප්රතිපත්ති කේන්ද්රය හරහා මූල්ය හා සම්පත් සහාය ලැබෙන ස්ථාවර ප්රදානක පදනමක් ස්ථාපිතකර තිබෙන අතර විශේෂඥතාව හා තොරතුරු ලබා ගැනීමෙහිලා ආධාර කරන ස්ථාවර ජාත්යන්තර රාජ්ය නොවන සම්බන්ධතා පවත්වා ගෙන යනු ලැබේ.
අංශයට ලාභය සඳහා නොවන සංවිධාන (භඡුධි*/ප්රජා මූල සංවිධාන (ක්ඊධි*/තරුණ/පළාත් පාලන අධිකාර (ඛ්* සම්බන්ධතා අතර විස්තෘත සබඳතා ජාලයක් පවත්නා අතර විකල්ප ප්රතිපත්ති කේන්ද්රය හරහා ප්රතිපත්ති සම්පාදනය හා පළාත් පංගු පාර්ශව මට්ටම් අතර වටිනා ද්වි මාර්ග සන්නිවේදන මාර්ග පවත්වා ගනී.
ෆෙඩරල් සංකල්පය හා බලය බෙදීම පිළිබඳ වැඩෙන ජාතික සංවාදයක හා අදාළ උපදේශනයේ හා පර්යේෂණයේ ඉදිරි පෙරමුණේ ඉන්නා විකල්ප ප්රතිපත්ති කේන්ද්රය පිළිබඳ පිළිගැනීම මේ අංශයට පළාත් මට්ටමක දී එම කාරණයම සම්බන්ධයෙන් වටිනා බලපෑමක් කිරීමේ බොහෝ අවස්ථා ලබා දෙයි.
ප්රජා සහභාගිත්ව වැඩ සටහන් අංශයේ ශිෂ්ය වැඩසටහන් සහභාගිකයින් අතර වර්ධිත අන්තර්-වාර්ගික සංවේදිතාව හා ඉවසීම ප්රවර්ධනය කිරීම පිළිබඳව අවධාරණය හා විකල්ප ප්රතිපත්ති කේන්ද්රය පාලනය/ගැටුම් විසඳීම/සුළුතර අයිතිවාසිකම්/බලය බෙදීම ආදිය පිළිබඳ ක්ෂේත්රවල අධිකාරියක් ලෙස ස්ථාපිතකර ගෙන තිබෙන කීර්තිය ප්රජා සහභාගිත්ව වැඩ සටහන් අංශය දේශීය වශයෙන් ඔවුන්ගේ අධ්යයනයන් වඩාත් ගැඹුරින් කර ගෙන යාමට අපේක්ෂා කරන තරුණ අධ්යාපනඥයින් හා සිසුන් සඳහා වඩාත් විධිමත් ආශ්රෙය ලක්ෂ්යයක් බවට පත් කරයි.

ස්ථාවර ජාලගත කිරීම

පසුගිය කාලය මුළුල්ලේ ප්රජා සහභාගිත්ව වැඩ සටහන් අංශය විසින් මුලපුරන ලද වැඩසටහන් ග්රාමීය ප්රදේශවල මෙන්ම ප්රතිපත්ති සම්පාදන පරිමණ්ඩලයෙහි ද සැලකිය යුතු සබඳතා ජාලයක් ගොඩ නැගීමෙහිලා ප්රතිඵල අත්කර ගෙන තිබේ. නිදසුන් ලෙස අන්තර් විශ්ව විද්යාල හා අන්තර් ප්රජා ශිෂ්ය හුවමාරු වැඩසටහන් හා පළාත් පාලන අධිකාරවල යහ පාලනය පිළිබඳ වැඩසටහන වැඩ සටහන් අංශය හා

  • අමාත්යාංශ- ශී්ර ලංකාවේ අධ්යාපන අමාත්යාංශය හා පළාත් පාලන අමාත්යාංශය විශේෂයෙන්
  • රටේ සියලූ ප්රධාන විශ්වවිද්යාලවල කතිකාචාර්යවරුන් හා අධ්යාපනඥයින්,
  • දිවයින පුරා පාසල් 60 ක අධ්යාපනික පිරිස්
  • ප්රජා මූල සංවිධාන (යටත් පිරිසෙයින් සංවිධාන 2000 ක පදනමක් අප සමග ඝෘජුව වැඩ කර තිබේ*. තරුණ, ස්තී්ර, ගොවි, වෘත්තීය සමිති ආදී සංවිධාන,
  • පළාත් ජන මාධ්යවේදීන්ගේ සංවිධාන හා මාධ්ය නියෝජිතයින් (විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ මාධ්ය ඒකකය*,
  • පළාත් පාලන අධිකාර පිරිස්, නියෝජිතයින්, සියලූම මට්ටම්වල නිලධාරීන් ආදීන්,
  • හවුල්කාර සිවිල් සමාජ සංවිධාන එම ක්ෂේත්රවලම වැඩවලට මැදිහත්වූ (ආසන්න වශයෙන් 40 පමණ*අතර ඉතා ප්රයෝජනවත් සන්නිවේදන මාර්ගවලට මග පෑදී ය.

සාම විමර්ශී වැනි වාරික ප්රජා සහභාගිත්ව වැඩසටහන් අංශ ප්රකාශන 25,000 දක්වා ළ`ගා විය. ඒවා රට මුළුල්ලෙහි පාසල්, පිරිවෙන්, පල්ලි හා මාධ්ය ආයතනවල පුස්තකාලවලට ලබා දෙන අතර ළ`ගා විය හැකි සියලූ ක්ෂේත්රවලට සන්නිවේදනය සඳහා විශිෂ්ඨ පොදු වේදිකාවක්ව තිබේ.

විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ ප්රජා සහභාගිත්ව වැඩ සටහන් අංශයේ ප්රකාශන සමහරක්

  • සුළුතර ජනයාගේ භාෂා අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීම 2011-2015
  • වතු අංශයේ කම්කරුවන්ගේ ප්රජා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ව්යාපෘතිය 2013
  • උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසම පිළිබඳ පුරවැසි සංවාදය 2012
  • පළාත් පාලනය පිළිබඳ දැනුවත් බව නංවාලීම (පාරදෘශ්ය, වගවිය යුතු පළාත් පාලනය-ඔ්ඛඨ*
  • අන්තර් ප්රජා ශිෂ්ය හුවමාරුව
  • අන්තර් විශ්වවිද්යාල විවාද මාලාව
  • ජනවාර්ගික ගැටළුව පිළිබඳ වාර්තා චිත්රපටය
  • පළාත් අවශ්යතා ඇගයුම 2008
  • නැගෙනහිර පළාත් සභාව පිළිබඳ අධ්යයනය – ෆ්රෙඞ්රික් නවුමාන් පදනම (ත්භීඑ* 2009-2010
  • ප්රකාශනය: නැගෙනහිර පළාතේ බලය බෙදීම: 13 වෙනි සංශෝධනය කි්රයාත්මක කිරීම සහ
  • පළාත් සභාවල ඵලදායී නීති සම්පදනය පහසු කිරීමේ අධ්යයනය- ත්ෑී
  • නැගෙනහිර පළාත් සභාව පිළිබඳ අධ්යයනය 2009-2010
  • ග්රාමීය අධ්යාපන ආධාර වැඩසටහන 2009-2012
  • සුළුතර කණ්ඩායම්වල ජනතා අයිතිවාසිකම්- පුවත්පත් ලිපි මාලාව 2010
  • ෆෙඩරල්වාදය පිළිබඳ දැනුවත් භාවය නංවාලීම

1.ව්යාපෘති නාමය – සුළුතර ජනයාගේ භාෂා අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීම

ස්ථාන -උතුර, නැගෙනහිර, මධ්යම හා ඌව පළාත්වල දිස්ති්රක් 15 ක
ඉලක්ක කණ්ඩායම්- පොදු මහජනතාව, පෞද්ගලික හා රාජ්ය ආයතන, රාජ්ය නිලධාරීන්
කාල සීමාව- 2011 සිට කි්රයාත්මකව පවතී

විස්තරය- 2011 දී විකල්ප ප්රතිපත්ති කේන්ද්රය ශී්ර ලංකාවේ රාජ්ය භාෂා ලෙස සිංහල හා දමිළ භාෂා දෙකටම සමාන ප්රමුඛතාවක් දෙන ලද රාජ්ය භාෂා ප්රතිපත්තියේ (ධඛඡු* ප්රතිලාභ අවධරණය කරන උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාව විසින් දක්වා ඇති නිර්දේශවලට අනුකූලව ශී්ර ලංකාවේ සුළුතර ජනයාගේ භාෂා අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීමේ අරගලයක් දියත් කළේ ය. විකල්ප ප්රතිපත්ති කේන්ද්රය සුළුතර ජනයාගේ භාෂා අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීමේ ව්යාපෘතිය (ඡුඛඍඵ* ඔස්සේ අවුරුදු හතරක් පුරා රාජ්ය භාෂා ප්රතිපත්තියේ අන්තර්තය හා එහි වැදගත්කම පිළිබඳව ආණ්ඩු/රාජ්ය නිලධාරීන් හා පොදු මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීය. එසේම එය රාජ්ය භාෂා ප්රතිපත්තිය උල්ලංඝනය කරනු ලැබ තිබුණ විට මානව හිමිකම් කොමිසමට හා රාජ්ය භාෂා කොමිසමට පැමිණිලි ගොනු කිරීමේ ආකාරයෙන් නඩු මගට බැසීමේ මහජන උනන්දුව යොමු කරවීමට කටයුතු කළේ ය.

සුළුතර ජනයාගේ භාෂා අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීමේ ව්යාපෘතියේ (ඡුඛඍඵ* ප්රධාන නිෂ්පාදිතයක් ලෙස විකල්ප ප්රතිපත්ති කේන්ද්රය සෑම වර්ෂයකම පුහුණුකරුවන් පුහුණු කිරීමේ සැසි පැවැත්වී ය. කලාපීය හවුල්කාර සංවිධානවලින් නියෝජිතයින් තෝරා ගනු ලැබ විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ කාර්ය මණ්ඩලය (පළාත් සම්බන්ධීකාරකයින්, නීති විශාරදයින් හා ජ්යෙෂ්ඨ පර්යේෂකයා* විසින් රාජ්ය භාෂා ප්රතිපත්තිය හා අයෙකු ප්රාදේශීය අධිකාරීන්ට, පොලීසියට හෝ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව පුහුණුව දෙන ලදී. අනතුරුව ප්රතිඵලයක් වශයෙන් ඔවුන් සමග එක`ගතාවක් ඇතිකර ගෙන කි්රයාකාරීවන දිස්ති්රක්ක 15 හි භාෂා සමාජ (ඛක්ි* නිර්මාණය කිරීමේ වගකීම දෙනු ලැබීය. ඔවුන්ගේ කලාපවල භාෂා සමානත්වය වෙනුවෙන් කි්රයා කරන ලද ගමේ කි්රයාකාරකයින්ගෙන් භාෂා සමාජ සකස් කරනු ලැබිණ. මෙම ව්යාපාරයේ ප්රතිඵලයක් වශයෙන් දිස්ති්රක්ක 15 වේ ම භාෂා සමාජ 150 – නිර්මාණය කරන ලද අතර සමස්තයක් වශයෙන් 2000 –පමණ වෙනස්කම් (නාම පුවරු ති්රභාෂා නාම පුවරු බවට වෙනස් කිරීම, රාජ්ය භාෂා දෙකෙන්ම නිල ආකෘති පත්ර ඉල්ලීම, පොලිස් ස්ථානවලට සිංහල හා දමිළ යන භාෂා දෙකෙහිම ප්රවීන නිලධාරීන් බඳවා ගැනීමට ඉල්ලීම වැනි* ඇති කරනු ලැබිණ.

2.වතු අංශයේ කම්කරුවන්ගේ ප්රජා අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳ ව්යාපෘතිය 2013ඔවුන්ගේ කායික ශ්රමය බහුකෝටිමය ඩොලර් කර්මාන්තයට එනම් ශී්ර ලංකාවේ තේ කර්මාන්තයට ශක්තිය සපයයි. එහෙත් බදුල්ල දිස්ති්රක්කයේ වතු අංශයේ කම්කරුවෝ තවමත් දුප්පත්ම සමහරෙක්, ශී්ර ලංකාවේ ඉතාමත්ම ආන්තීකරණයට පත් ජනයා වෙති. ලාභ ශ්රමය මත අල්ලා ගෙන සිටින එහි ග්රහණය අත් හරින්නට උවමනා නොකරන ක්රමයක් මගින් පෝෂණය කරනු ලබන ඌව පළාතේ වතු අංශයේ තත්ත්වයන් මෑත පශ්චාත් යුද සංවර්ධන මෙහෙයුම්වලින් ද මුළුමනින්ම වාගේ නොවෙනස්ව පවතී. වැවිලි අංශයේ බොහෝ කම්කරුවන්ට ඔවුන්ගේ නමට කිසිදාක ස්ථිර සබැඳි ලිපිනයක් නොතිබුණේ ය යන්නට හේතුව නිදසුන්් කොට දක්වන මෙම ප්රජාවන් පරිපාලනමය වශයෙන් නොසලකා හැරීමයි.බොහෝ කාමරවලට අංක ලබා දී නොමැති අතර ලිපි නිතරම වාගේ බෙදා දෙන්නේ එකම නම තියෙන වෙනත් පුද්ගලයන්ට ය. පුද්ගලයෙකුට ලියුමක් ලැබෙනවා ද යන්න රඳා පතින්නේ ඔහුගේ අසල්වැසියන්ගේ හොඳ හිත කෙරෙහි කංකානිගේ (ඒවා බෙදා හැරීම පවරා තිබෙන කම්කරුවාගේ* ගරුත්වය මත ය. බොහෝ විට ලියුම් ලැබෙන්නේම නැත. ලැබුණත් අහම්බෙනි….ව්යාපෘතිය විසින් ආමන්ත්රණය කරන ලද තවත් ප්රශ්නයක් වන සමහර කම්කරුවන් අතර ජාතික හැඳුනුම්පත් නැතිකම නිදසුන් ලෙස සීමිත යාම් ඊම් නිදහස, ගනු දෙනු කිරීමේ ¥ෂ්කරතාව, සිවිල් හා අපරාධ සිද්ධීන්ට පහසුවෙන් ගොදුරු වීම, ආරක්ෂාව නැතිකම, නිල ලියවිලි ලබා ගැනීමේ ඇති සංකීර්ණතාවන් හා රැුකියාවක් සෙයා ගැනීම ආදී බරපතල ප්රශ්න ගණනාවකට මග පාදයි.විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (ක්ඡු්* ප්රාදේශීය හවුල්කාර සංවිධානයක් වන ඌව ශක්ති පදනම සමග එක්ව ඔවුන්ගේ මානව හිමිකම් දෛනිකව ප්රතික්ෂේපකර තිබෙන හා කොන් කිරීමට භාජනය කර තිබෙන මෙම ප්රජාවේ ජීවිතවලට ගරුත්වයේ බිඳක් ගෙන ඒම ඉලක්ක කර ගෙන බදුල්ලේ (ඌව පළාතේ* පස්සර නියමු ව්යාපෘතියක් කරගෙන ගොස් තිබේ. පසුගිය මාස හය තුළ මෙම ව්යාපෘතිය වතු කම්කරුවන්ගේ පවුල් 3000කට ස්ථිර ලිපින ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර තිබේ. එසේම ව්යාපෘතිය ලියුම් බෙදීමේ සුරක්ෂිතතාව ඇති කිරීමට දරන ලද උත්සාහයේ දී ප්රාදේශික 20 ක ආරක්ෂිත තැපල් ලියුම් එකතු කිරීමේ පෙට්ටි ස්ථාපනය කිරීම, පාරවල නම් තෝරා ගැනීම හා ප්රදේශයේ අතුරු පාරවල් 40 කට සංඥා පුවරු ලබා දීම සංවිධානය කළේ ය.300 කට වැඩි ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේ කි්රයාවලිය වේගවත් කිරීම පිණිස ජංගම සායන පිහිටුවනු ලැබිණ. නොඑසේ නම් ඒවා හිමිකරුවන්ට ලැබීම ප්රමාද වන්නට හෝ කිසිදා නොලැබන්නට ඉඩ තිබුණි. පසුව කියන ලද දෙය විශේෂයෙන්ම ටික කලකින් විභාගවලට වාඩි වීමට නියමිත සිසුන් විශාල සංඛ්යාවකට අදාළ වේ.අයෙකුගේ ලියුම් සුරක්ෂිතව ලබා ගැනීමට ඇති අයිතිය රටේ අනෙකුත් ප්රදේශවල ලබා දී ඇතැයි සැලකිය හැකි වුව ද මෙම ප්රදේශයේ ඇති කර තිබෙන තත්ත්වය දුර්ලභ විශ්වවිද්යාල ප්රවේශයක්, කොළඹ රැුකියාවක්, විදේශයක සිටින ඥාතියෙකුගෙන් ඉතා බරපතල ලෙස අවශ්යව තිබෙන මුදලක් තැපෑලෙන් ගෙන්වා ගැනීමක් ආදිය අතර වෙනසක් ඇති කරයි. නැතහොත් එවැනි අවස්ථා නැති කරයි. වතු කම්කරු ප්රජාවන්ගේ ජීවිතවල එවැනි දුර්ලභ අවස්ථා එන්නේ මුළු ජීවිත කාලයකටම වරක් හෝ දෙවරක් පමණක් විය හැකි ය. තිබෙන්නේ බලාපොරොත්තුව හා දුක් දොම්නස්වලින් පිරි ජීවිතයක් අතර වෙනස පමණි.

3.උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසම පිළිබඳ දීප ව්යාප්ත පුරවැසි සංවාදයෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීමවිකල්ප ප්රතිපත්ති කේන්ද්රය (ක්ඡු්* උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසම හා එහි නිර්දේශ කි්රයාත්මක කිරීම පිළිබඳව මහජන දැනුවත් භාවයේ මට්ටම් නියාමනය කිරීමෙහිලා නායකත්වය ගෙන තිබේ. විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (ක්ඡු්* උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසමේ කාර්ය පටිපාටි නියාමනය කර තිබෙන අතර එහි වෙබ් අඩවි ඔස්සේ කි්රයාවලියෙහි අඩුපාඩු විවේචනාත්මකව විශ්ලේෂණය කරමින් මහජනතාවට තොරතුරු බෙදා හැර තිබේ.අපි උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසමේ නිර්දේශ කි්රයාත්මක කිරීම පිළිබඳ විස්තීරණ ප්රකාශනයක් නිකුත් කළෙමු. ප්රමාද නොවී එය ප්රකාශයට පත් කළෙමු. එසේම එහි නිර්දේශ කි්රයාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටියෙමු. තව ද විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (ක්ඡු්* 2012 මැයිවල උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාවේ 9 වෙනි පරිච්ෙඡ්දයේ (නිර්දේශ* සිංහල හා දමිළ පරිවර්තනයක් හා පශ්චාත් යුද ශී්ර ලංකාවේ සාමය හා සමගි සන්ධානයේ කඩඉම් පිළිබඳ වාර්තාවක් නිකුත් කළ ශී්ර ලංකාවේ ප්රථම ආයතනය වූයේ ය. එසේම අපි එහි නිර්දේශ පිළිබඳව හා ශී්ර ලංකාවේ ගැටුම් විපරිවර්තන කි්රයාවලිය සඳහා ඒවායේ ඇත් වැදගත්කම පිළිබඳව දැනුවත් බව නගාලමින් උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසම පිළිබඳ පුරවැසි සංවාදයක් ප්රවර්ධනය කිරීමේ ව්යාපෘතියක් ද සාර්ථකව කි්රයාත්මක කළෙමු.මෙම ව්යාපෘතියේ එක් වැදගත් ප්රතිඵලයක් වූයේ මුල් කොමිෂන් වාර්තාව හා එහි නිර්දේශ කි්රයාත්මක කිරීමේ කි්රයා සැලස්ම යන දෙකම සරල කර ප්රකාශන මගින්, තැපල් පති්රකා හා විද්යුත් තැපෑල මගින් හා දීප ව්යාප්ත කලාපීය පුහුණුකරුවන් 47 විසින් පහසුකරණය කරන ලද රැුස්වීම් 1033 ක දී සිංහලෙන් හා දමිළෙන් පවත්වන ලද සංවාද මගින් එක් ලක්ෂ තිස් දහසකට අධික පුරවැසියන්ට ලබා ගැනීමට සැලස්වීමය.අද පවත්වන ලද මාධ්ය සමුළුවේ වාර්තා දීප ව්යාප්ත සාකච්ඡුාවන්ගේ අත්දැකීම් මෙන්ම උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කොමිසම හමුවේ සාක්ෂි දෙන ලද සාක්ෂිකරුවන් පිළිබඳ සමීක්ෂණයක සෙයා ගැනීම් ද බාගත කර ගැනීම සඳහා (ඡුෘත් ලෙස* විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ (ක්ඡු්* වෙබ් අඩවියෙන් ඉංගී්රසි, සිංහල හා දමිළ යන භාෂා තුනෙන්ම ලබා ගැනීමට සලස්වනු ලැබේ.එසේම ඔබට මෙම වාර්තා ඉංගී්රසි, සිංහල හා දමිළ යන භාෂා තුනෙන්ම අන්තර් ජාලයෙන් (ඔබේ බව්සරයෙන්* කියවන්නට ද පුළුවන. http://www.lankastandard.com/2012/11/cpa-issues-resources-to-promote-awareness-on-llrc/

4. පාරදෘශ්ය වගවිය යුතු පළාත් පාලනයමෙම ව්යාපෘතිය උතුර හා නැගෙනහිරෙන් 11 ඇතුළුව දිවයිනේ සියලූම කොටස්වල පළාත් පාලන අධිකාර සමග අන්තර් කි්රයාකාරිත්වයේ නියැලූණි. අරමුණ වූයේ පළාත් පාලන අධිකාර පිරිස්වල හා සිවිල් සමාජයේ විවිධ ස්තර අතර සම්බන්ධීකරණය හා සහයෝගය වැඩි දියුණු කිරීම ය. එසේම පාරදෘශ්යභාවය හා වගවීම කෙරෙහි අවධාරණය මගින් පළාත් පාලනයෙහි ජනතා සහභාගිත්වය වැඩි කිරීම ය. මෙය සපුරා ගනු ලැබුවේ:

  • නියෝජිතයින්/නිලධාරීන් ඇතුළු පළාත් අධිකාරිවල අදාළ පිරිස් සමග රැුස්වීම්
  • සිවිල් සමාජ සංවිධානවල හා ප්රජා මූල සංවිධානවල නායකයින් සමග රැුස්වීම්
  • නායකයන්ගේ ස්තර තුනෙහි ඒකාබද්ධ රැුස්වීම්
  • යහ පාලනය හා පාරදෘශ්යභාවය/වගවීම සඳහා වන අවශ්යතාව සංවේදීකරණය
  • අතීත අත්දැකීම්/නිලධාරීන් හා නියෝජිතයින් යන දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් යුතු ඒකාබද්ධ කි්රයා සැලසුම් සැකසීම හා පාරමාර්ථ නියම කර ගැනීම හා වගකිව යුතු නිලධාරීන් යොදවා ගැනීම
  • කි්රයා සැලසුම් කි්රයාවට නැගීම
  • පළාත් පාලනය පිළිබඳ ප්රකාශන/මාර්ගෝපදේශ ග්රන්ථය/යහ පාලන පුවත් හසුන් ආදිය
  • අත්යවශ්ය අතුරු නීති ඇති කර ගැනීම වැනි අතිරේක කාරණා
  • නියාමනය සහ ඇගයීම

යන ඒවා මගිනි.

සිවිල් සමාජ සංවිධාන හා ප්රජා මූල සංවිධාන සමග රට පුරා දළ වශයෙන් එක් දින රැුස්වීම් 200 ක් ද නියෝජිතයින් හා නිලධාරීන් සඳහා 3 දින රැුස්වීම් 10 ක් ද නිලධාරීන් හා සිවිල් සමාජ නායකයින් යන දෙපාර්ශවයේ ඒකාබද්ධ රැුස්වීම් 20 ක් ද පවත්වනු ලැබිණ. ඒවායේ දී පළාත් පාලන අධිකාරිවල වැඩවලදී යහ පාලනය ඒකාබද්ධ කිරීමේ අවශ්යතාව මෙන්ම ඒ සඳහා අවශ්ය ක්රම වේද පිළිබඳව දැනුවත් භාවය ඉහළ නැංවිණ.
පාරදෘශ්ය වගවිය යුතු පළාත් පාලන වැඩ සටහනේ (ඔ්ඛඨ* අත්දැකීමෙන් අනතුරුව එලෙසම ප්රජා සහභාගිත්ව වැඩසටහන් අංශය ජනතා පිහිට (ඡුෂභ* සංවිධානය වෙනුවෙන් ජර්මන් තාක්ෂණික සහයෝගිතාවේ (ඨඔ’* හවුල්කාරිත්වයෙන් යුතුව කින්නියා ප්රාදේශීය සභාවේ හා නගර සභාවේ සහභාගිකයින් සඳහා පුහුණුවක් ලබා දුනි.

5.අන්තර් ප්රජා සිසු හුවමාරුමෙම ව්යාපෘතිය පිහිටුවන ලද්දේ දිවයින මුළුල්ලෙහි පාසල්වල ගුරුවරුන්, සාමාන්ය පෙළ හා උසස් පෙළ සිසුන් අතර අන්තර් වාර්ගික ඉවසීම, විවිධත්වය ඇගයීම හා ‘‘සාම සංස්කෘතිය’’ ප්රවර්ධනය කිරීමේ අරමුණෙන් යුතුව ය. වැඩසටහනේ පුළුල් අරමුණ වන තරුණ පරම්පරාව අතර පෝෂණය කළ යුතුව තිබෙන අන්තර් ප්රජා මිත්රත්වය හා අවබෝධය සාක්ෂාත් කර ගැනීමේ දී දාර්ශනික විවාද, ඒකාබද්ධ කලා හා සංස්කෘතික වැඩසටහන් හා අන්තර් පාඨශාලීය වාරික පුවත් හසුනක් සැලසුම් කරනු ලැබීය.2005 සිට හා අනතුරුව 2006 ශිෂ්ය හුමාරු මාලාවේ සිට කෙරුණු ප්රතිපෝෂණය අත්යන්තයෙන්ම දිරිගන්වනසුළු වූ අතර වැඩසටහන ආරම්භයේ පැවති ආකල්පවල වෙනසක් පෙන්නුම් කරයි. සම්මුඛ සාකච්ඡුාවලට භාජනය කරන ලද ශිෂ්ය ශිෂ්යාවන්ගෙන් 90% ක් ම වාගේ කීවේ ඔවුන්ට කිසිදාක වෙනත් ජනවර්ගයක මිතුරෙකු/මිතුරියක නොසිටි බව හා ඔවුන්ගේ පසුබිම් අළුත් මිතුරු මිතුරියන් සමග බෙදා හදා ගැනීමේ දී ඉතාමත්ම අධ්යාපනික වූ බව හා නිශ්චිතවම නොමැකෙන සේ කාවද්දා තිබුණ ආකල්ප සැලකිය යුතු අන්දමින් වෙනස් කරන ඇස් අරවන්නක් වූ බව ය.නිදසුන් ලෙස ‘‘සියලූම දමිළයෝ ත්රස්තවාදී කොටි වූහ’’ යනුවෙන් විශ්වාස කරන්නට හැදී වැඩුණු සිංහල තරුණයා හෝ ‘‘සියලූම සිංහලයෝ හමුදා සෙබළු මෙන් හිංසාකාරී ඝාතකයෝ වූහ’’යනුවෙන් කලින් විශ්වාස කළ දමිළ කතාකරන තරුණයින් අනෙක් ජනවර්ගයේ තරුණ ජනයා කරුණාවන්ත, අවබෝධයෙන් යුත් හා ඔවුන් මෙන්ම ඉවසිලිවන්ත මනුෂ්යයන් වූ බව හා එකම වෙනස ඇතැම් විට තර්ජනයක් වීමෙන් බොහෝ දුර වන ජාතියේ පොහොසත්බවට හා විවිධත්වයට එකතු කිරීමක් කරනු ලබන භාෂා හා සංස්කෘතික ඒවා බව අවබෝධකර ගැනීමෙහිලා සැලකිය යුතු අන්දමින් ආකර්ෂණය වුණි. මෙලෙස අන්තර් සංස්කෘතික සහානුභූතිය කරා වූ තරුණ ජනයාගේ ස්වාභාවික නැමියාව මෙම අමතක කළ නොහැකි අත්දැකීම මගින් තව දුරටත් වගා කරනු ලැබීය. නිදසුන් ලෙස පුවත් හසුන සඳහා ඔවුන්ගේ ලේඛන හා කවි ක්ෂේත්රවල ප්රයත්නයන් බහු සංස්කෘතික ඉවසීම කරා වූ වර්ධිත සංවේදිතාවක් පිළිබිඹු කළ අතර සාමය ගොඩ නැගීමේ හා තිරසරව පවත්වා ගැනීමේ මාර්ග සඳහා වඩාත් නවෝත්පාදනීය අදහස් හා යෝජනාවලට මග පෑදී ය.සිද්ධීන් පිළිබඳ මාධ්ය ආවරණය රාජ්ය රූපවාහිනිය විසින් විකාශනය කරන ලද අතර ශී්ර ලංකාවේ ප්රධාන දිනපතා හා ඉරිදා පුවත්පත්වල මුද්රිත ආවරණය ලැබිණ.ව්යාපෘතිය 2006 දෙසැම්බර්වලට දිස්ති්රක් 15 ක පාසල් 45 කට මැදිහත් විය.The project to 2006 December involved 45 schools in 15 districts. http://cpalanka.org/wp-content/uploads/2008/1/Arunodayaprintfile_Eng.pdf

6.පළාත් අවශ්යතා ඇගයුම 2008 ප්රජා සහභාගිත්ව වැඩසටහන් අංශය 2008 මාර්තු- මැයි කාලය තුළ 13 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ පළාත් සභා හා බලය බෙදීම යන තේමා පිළිබඳව සමාන්තර වැඩසටහන් දෙකක වැඩ කළේ ය. මෙම වැඩසටහනට ආධාර කරන ලද්දේ එක්සත් ජනපද ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ආයතනය (ඹී්ෂෘ* හරහා විකල්ප සංවර්ධන ඒකාබද්ධ සංස්ථාව (ෘැඩැකදචපැබඑ ්කඑැරබ්එසඩැි ෂබජග* විසිනි.එක් දින මූලික වටයක දී එක් එක් පළාත් සභා ශ්රවණාගාරයන්හි දී සභාපති, මහ ඇමතිවරු, පළාත් සභා ඇමතිවරු, ප්රධාන ලේකම්වරු හා හැකි අවස්ථාවල ආණ්ඩුකාරවරයා යන අයගේ සහභාගිත්වයෙන් කලාපීය රැුස්වීම් පවත්වනු ලැබිණ. මේවායේ අරමුණ වූයේ මෙම වැඩසටහන් සංකල්පය සැකෙවින් හඳුනා ගැනීම, පළාත් සභා නිලධාරීන්ගේ සහාය හා සහභාගිත්වය ලබා ගැනීම හා යෝජිත නේවාසික වැඩමුළු සඳහා සැපයුම් අවශ්යතා පැහැදිලිකර ගැනීම ය.සැලසුම් කරන ලද වැඩමුළුවල දී ආමන්ත්රණය කළ යුතු ක්ෂේත්ර පිළිබඳව සහභාගික යෝජනා එක්රැුස් කර ගනු ලැබිණ. මෙයින් අනතුරුව පළාග් සභා කි්රයාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ ගැඹුරු දින තුනේ වැඩමුළු මාලාවක් පවත්වනු ලැබිණ.සම්පත් දායකයින්ගේ අනෙක් අය අතර කොළඹ විශ්වවිද්යාලයේ නීති පීඨයේ ජ්යෙෂ්ඨ කතිකාචාර්ය හා නීති හා ව්යවස්ථා ඒකකයේ ප්රධානි රොහාන් එදිරිසිංහ; නීතීඥ, ජාතික පුහුණුකරු හා කතුවර එස්. ජී. පුංචිහේවා; මූල්ය කොමිසමේ සභාපති අශෝක ගුණවර්ධන වූහ.නේවාසික වැඩමුළු අරමුණු කළේ පළාත් සභා ප්රතිසංස්කරණය උදෙසාවන අවසන් නිර්දේශ ගොනුවකට දායක වනු ඇති යෝජනා හා අත්දැකීම්, සාර්ථක කතාන්තර හා සහභාගික පළාත්් සභා පිරිස් විසින් මුහුණ දෙන ලද අභියෝග එකතු කිරීම හා ප්රලේඛනය කිරීම ය.මෙම වැඩමුළුවලදී එළඹගත් නිර්දේශ ගොන්නක් මත පදනම් වූ අවසන් වාර්තාව ප්රකාශයට පත් කරන ලද අතර 2008 මැයි 28 වෙනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ ද පවත්වන ලද පළාත් සභා පිළිබඳ ජාතික සම්මේලනයේ දී අදාළ සියලූ දෙනා වෙත පිරිනමනු ලැබිණ.

7.අන්තර් විශ්වවිද්යාල විවාද මාලාවමෙම ව්යාපෘතිය කතිකාචාර්යවරුන් හා විශ්වවිද්යාල ශිෂ්යයින්, බුද්ධිමතුන් හා උනන්දුවක් දක්වන මහජනතාව සමග අන්තර් කි්රයාකාරිත්වයකට මැදිහත්වන අතර තෝරා ගන්නා ලද විෂය ක්ෂේත්රයන්හි විවෘත විවාදයේ දී අනාගත තීරණ ගන්නන්වන තරුණ විද්වතුන්ගේ සහභාගිත්වය දිරි ගන්වයි. අරමුණු වන්නේ ශී්ර ලංකාවේ තිරසර සාමයකට මග පාදන විභව්ය විකල්ප පිළිබඳ සාකච්ඡුාවක් සඳහා වේදිකාවන් සැපයීමයි.පළමුව විවාද මාලාව 2005 දී පවත්වන ලද අතර මුළු ගණනින් සිසුන් 400 එයට සහභාගි විණ. එම ස්වභාවයේම 2007 ව්යාපෘතියට සමාජ විද්යාව, දේශපාලන විද්යාව, ආර්ථික විද්යාව හා ජන සන්නිවේදනය යන සිසුන් අතර විවාද 4 ක් අඩංගු විය. එය සම්පූර්ණ විවාද සැසි සංඛ්යාව අට දක්වා ගෙනෙන ලද අතර සහභාගි වූ සිසුන්ගේ මුළු ගණන 1000 ක් විය.මෙය මේ එක් එක් ප්රධාන විෂයයක් තුළ ශිෂ්ය රැුස්වීමක් පහසුකරණය කරන ලද ශී්ර ලංකාවේ පළමුවැන්න විය. මෙය ශී්ර ලංකාවේ අනාගත ප්රතිපත්ති සම්පාදකයින් තවදුරටත් ප්රජාතන්ත්රවාදයේ, මානව හිමිකම්වල හා විවිධත්වය ඉවසීමේ සාරධර්මවලට සංවේදීකරණය වීම සහතික කිරීමේ වැදගත් පියවරක් බව සංවිධායකයෝ විශ්වාස කරති. ශිෂ්ය හුවමාරුවේ දී මෙන්ම මෙම වැඩසටහනත් සහභාගියන් අතර අන්තර් වාර්ගික අවබෝධය හා මිත්රත්වය ගොඩ නැගීම හා අඛණ්ඩව පවත්වා ගැනීම පහසුකරණය කළේ ය. සංවිධායකයින් සමාලෝචන කටයුතු සඳහා සහභාගික සබඳතා පිළිබඳ දත්ත ගබඩා පවත්වා ගෙන යනු ලැබේ. එක් එක් විෂය ක්ෂේත්රයක පර්යේෂණ මාතෘකාවක් මත ශිෂ්ය රචනා ආකාරයෙන් කණ්ඩායම් වැඩවල සංග්රහයක් එක්රැුස් කරනු ලැබූ අතර මෙම ව්යාපෘතිය සඳහා පිහිටුවන වෙබ් අඩවියක ඒවා පළ කරනු ඇත.

8.ජනවාර්ගික ගැටළුව පිළිබඳ වාර්තාමය චිත්රපටයමෙම වාර්තාමය චිත්රපටයෙන් අපේක්ෂා කරන්නේ ගැටුම් නිරාකරණ අධ්යයනයන් පිළිබඳ අනාගත වැඩමුළුවල සම්පත් මෙවලමක් ලෙස හා ගැටුම් නිරාකරණ හා සාම අධ්යයන ක්ෂේත්රයෙහි ජාත්යන්තර හවුල්කරුවන් සඳහා පරිශීලන මෙවලමක් ලෙස භාවිතා කිරීමට ය. ප්රමුඛ මාධ්ය හා සිවිල් සමාජ පුද්ගලයින්ගේ උපදේශනාත්මක උපදෙස් මගින් යෝග්ය ලෙස ඇගයීම් ලද ගැටුම් අධ්යයනයෙහි ප්රමුඛ නිර්මාණාත්මක වෘත්තිකයන්ගෙන් ඇතැමෙකු හා විශේෂඥ විද්වතුන් අතර නව සොයා ගැනීම් කරන්නා වූ සහයෝගිතාවක් තුළ ජාතික ප්රශ්නය පිළිබඳව කෙන්ද්රීය අවධානයක් යොමු කරමින් ප්රශ්නයට හේතු වී ඇති කාරණය දර්ශනය කරන්නාගේ අවධානය වෙතට ගෙන යන මෙය වාර්තාමය චිත්රපට මාධ්යයේ අවධානය ඇදගන්නා වූ භාවිතයක් වෙයි.ශී්ර ලංකාවේ ප්රධාන කලාකරුවන් දෙදෙනෙකු භාෂා තුනෙන්ම වත්මන් ගැටුම් තත්ත්වයට මග පාදන සිද්ධීන්ගේ කෙටි හා පහසුවෙන් තේරුම්ගත හැකි කාලානුක්රමයක් හා එම තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු නිෂ්පාදනයක් කිරීම සඳහා මෙම මාධ්යය යොදා ගනු ඇත. චිත්රපටය විවිධත්වය ඉවසන හා දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා මැදිහත්වීමට ආධාර කරන ජන සමාජයක් විසින් තත්ත්වය කෙරෙහි සානුකම්පිත අවධානයක් පුබුදුවන ඇති අන්දමින් තිර රචනය කිරීමට නියමිත ය. යෝජිත විසඳුම තුළට ෆෙඩරල්වාදය පිළිබඳ සංකල්පය ඒකාබද්ධ කෙරෙනු ඇත.

9.නැගෙනහිර පළාත් සභාව පිළිබඳ අධ්යයනය- ත්භීඔෆ්රෙඞ්ර්ක් නවුමාන් පදනම (ත්භත්* විසින් ආධාර කරන ලදුව විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (ක්ඡු්* නැගෙනහිර පළාත් සභාවේ අත්දැකීමට විශේෂ අවධානයක් යොමු කරමින් 13 වන සංශෝධනය හා ශී්ර ලංකාවේ බලය බෙදීම පිළිබඳව විස්තීරණ අධ්යයනයක් කළේ ය. මෙම අධ්යයනය ප්රමාණාත්මක හා ගුණාත්මක උදාහරණ සහිතව 13 වන සංශෝධනයේ හා නැගෙනහිර පළාත් සභාව ඔස්සේ එය කි්රයාවට නැගීමේ නීතිමය හා ව්යවස්ථාමය ගම්යයන් විශ්ලේෂණය කරයි. එසේම ඊට අමතරව අධ්යයනය නැගෙනහිර පළාත් සභාවේ කි්රයාකාරිත්වය පිළිබඳව පොදු මහ ජනතාවගෙන් මෙන්ම අලූතින් තේරීපත් වූ පළාත් සභිකයින්ගෙන් හා නිලධාරීන්ගෙන් එකතු කර ගන්නා ලද අදහස් හා පර්යාවලෝකයන් ද ඉදිරිපත් කරයි.මෙම ති්ර භාෂා ප්රකාශනය දියත් කරන ලද්දේ පළාත් සභිකයින්, නිලධාරීන්, සිවිල් සමාජ නායකයින් හා විද්වතුන්ගේ සහභාගිත්වය ඇතිව ය. කොළඹ විශ්ව විද්යාලයේ නීති පීඨයේ ජ්යෙෂ්ඨ කතිකාචාර්යවරුන් වන රොහාන් එදිරිසිංහ හා වී. ටී. තමිල්මාරන් මේ අවස්ථාවේ කතා කළහ.ප්රකාශනය: නැගෙනහිර පළාතේ බලය බෙදීම: 13 වෙනි සංශෝධනය කි්රයාත්මක කිරීම හා මහජන සංජානනයන් 2008-2010අසංක වැලිකල හා ලයනල් ගුරුගේ, විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (ක්ඡු්*දියත් කරන දිනය 2010 සැප්තැම්බර් 21 දිනමෙම අධ්යයනය පළාත් සභා ක්රමය ශක්තිමත් කිරීම පිළිබඳව 2008 දී පළ කළ වාර්තාවක් මත ව්යාප්ත වෙයි.1 කොටස නැගෙනහිර පළාත් සභාවට අදාළව පළාත් බලය බෙදීම පිළිබඳව නීතිමය හා ව්යවස්ථාමය විශ්ලේෂණයක් සපයන අතර 2 කොටස තේරී පත් වූ නිලධාරීන්, නිලධාරි තන්ත්රය හා ප්රදේශයේ මහ ජනතාව බලය බෙදීම සම්බන්ධව ඔවුන්ගේ අත්දැකීම පිළිබඳව දක්වන මත හා පර්යාවලෝකයන් විශ්ලේෂණය කරයි.ප්රකාශනයේ ඉංගී්රසි, සිංහල හා දමිළ සංස්කරණ විකල්ප ප්රතිපත්ති කේන්ද්රයෙන් මෙන්ම අදාළ ඊ පිටපත් වශයෙන් ද ලබා ගත හැකි ය.

10.පළාත් සභාවල ඵලදායී අණ පනත් සම්පාදනය පහසු කිරීම සඳහා අධ්යයනයක් – ෆ්රෙඞ්රික් ඊබට් පදනම (ත්ෑී*මෙම අධ්යයනයේ අරමුණ වූයේ පළාත් සභාවල අණ පනත් සම්පාදනය කිරීමේ වත්මන් තත්ත්වයඇගයීම හා අදාළ පංගු පාර්ශවකරුවන් අතර විෂයය පිළිබඳ අවබෝධය වැඩි කිරීම ය.එසේම සියලූම අතීත අණ පනත්වල, කෙටුම්පත් හා සැලසුම් කරන ලද අණ පනත්වල සම්පත් සංචිතයක් ද මෙම පර්යේෂණ ව්යායාමයේ මෙම පර්යේෂණයෙන් ලද ප්රතිඵලයක් විය.මෙම අධ්යයනයේ කොටසක් වශයෙන් ප්රජා සහභාගිත්ව වැඩසටහන් අංශය සියලූම පළාත් සභාවල විමර්ශන චාරිකාවල යෙදුන අතර ප්රධාන අමාත්යවරුන් හා ප්රධාන ලේකම්වරුන් ඇතුළු බොහෝ වගකිය යුතු සභිකයින් හා නිලධාරීන් මුණ ගැසුණි. අණ පනත් කෙටුම්පත් කිරීමේ කි්රයාවලියට සම්බන්ධ ප්රධාන පුද්ගලයින් සමග සාකච්ඡුා මාලාවක්ම පවත්වනු ලැබිණ. සාකච්ඡුා කරන ලද ඇතැම් මාතෘකාවලට අණ පනත් සම්පාදනය කිරීමේ උත්සාහයන්හි දී මුහුණ දුන් අභියෝග, නැවත කෙටුම්පත් කරන ලද නීතිය ඔස්සේ පරිපූර්ණ වශයෙන් ආමන්ත්රණය කළ යුතු අන්යෙන්ය සැලකිල්ල හාක්ෂේත්ර පිළිබඳ මෙම ප්රශ්නය සම්බන්ධයෙන් අනෙකුත් පළාත් සභා සමග ජාලගතවීමේ සම්භාවිතාව යන ඒවා ඇතුළත් විය.පළාත් සභාවල නීති කමිටුවල සාමාජිකයෝ පළාත් සභාවල අණ පනත් කෙටුම්පත් කිරීමේ කි්රයාවලියට අදාළ අදහස් හා යෝජනාවලින් දායකත්වය සැපයූහ. එක් තීරණාත්මක නිරීක්ෂණයක් වූයේ පළාත් සභා බොහොමයකට විශාල වශයෙන් සුදුසු අණ පනත්වල අඩුව හේතු කොට ගෙන ඒවායේ නිශ්චිත විෂය ඇතුළත කි්රයා කරන්නට නොහැකි ය යන්න ය.පළාත් සභා අට (උතුරු පළාත හැර* තුළ පළාත් අදාළව තීරණ ගන්නන් හා අදාළ පළාත් රාජ්ය කි්රයාකාරකයන් යෝජිත අධ්යයනයේ සෙයා ගැනීම් පිළිබඳ සාකච්ඡුාවට සම්බන්ධ වුණි. සඳහන් කළ යුතු විශේෂ දෙයක් වූයේ මෙම වැඩ සටහනේ ප්රතිඵලයක් වශයෙන් සම්පත් හා අණ පනත්, අණ පනත් සම්පාදනය කිරීමේ මාර්ගෝපදේශ වැනි අදාළ ලිපි ලේඛන පළාත් සභා අතර හුවමාරු කර ගනු ලැබීමයි. එසේම පළාත් සභා අතර වූ විසංගතතාවන් ද මතුකර දැක්විණ. නිදසුන් ලෙස බස්නාහිර පළාත් සභාවට කෙටුම්පත් කරන ලද අණ පනත් 60 වැඩියෙන් තිබූ අතර ඌව පළාත් සභාව කෙටුම්පත් කර තිබුණේ අණ පනත් 30 ක් පමණි. මෙම තත්ත්වයට බලපෑ හේතුවලට මානව සම්පත්වල හා පලපුරුදු කාර්ය පිරිස්වල අඩුව, නිෂේධනීය නිලමය ආකල්ප හා ඇතැම් ආණ්ඩු නියෝජිතායතනවල ප්රතිරෝධනය ඇතුළත් විය. මෙම වැඩසටහන අවසානයේ දී අවසන් වාර්තාවක් ඉදිරිපත් කෙරිණ.

11. නැගෙනහිර පළාත් සභාව පිළිබඳ අධ්යයනය 2009-20102009 අග සිට 2010 මැද දක්වා ෆ්රෙඞ්ර්ක් නවුමාන් පදනමේ (ත්භත්* ආධාර ඇතිව ප්රජා සහභාගිත්ව වැඩසටහන් අංශය අලූතෙන් තේරී පත් වූ නැගෙනහිර පළාත් සභාවේ අත්දැකීම් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් 13 වෙනි සංශෝධනය හා ශී්ර ලංකාවේ බලය බෙදීම පිළිබඳව විස්තීරණ අධ්යයනයක් කළේ ය. මෙම අධ්යයනය ප්රමාණාත්මක හා ගුණාත්මක උදාහරණ සහිතව 13 වන සංශෝධනයේ නීතිමය හා ව්යවස්ථාමය ගම්යයන් හා නැගෙනහිර පළාත් සභාව සම්බන්ධ කාරණයේ දී දක්නට ලැබුණු පරිදි එහි ප්රතිවිපාකය විශ්ලේෂණය කළේ ය. එසේම ඊට අමතරව අධ්යයනය නැගෙනහිර පළාත් සභාවේ කි්රයාකාරිත්වය පිළිබඳව පොදු මහ ජනතාව අතරින්් මෙන්ම අලූතින් තේරීපත් වූ පළාත් සභිකයින්ගෙන් හා නැගෙනහිර පළාතේ නිලධාරීන්ගෙන් ඝෘජුවම එකතු කර ගන්නා ලද අදහස් හා පර්යාවලෝකයන් ද ඉදිරිපත් කළේ ය. මෙම අධ්යයනය ප්රතිඵලදායී ලෙස පශ්චාත්-යුද සැකස්මක් ඇතුළත නැගෙනහිර පළාත් සභා ක්රමය සංවර්ධනය කිරීමේ හා ප්රතිව්යුහගත කිරීමේ සුවිශේෂී අභියෝග හා සංකීර්ණතා සම්පිණ්ඩනය කරයි.ප්රජා සහභාගිත්ව වැඩසටහන් අංශය විසින් කර ගෙන යන ලද මේ විශේෂ වැඩසටහනේ දී පළාත් රාජ්ය සේවා කොමිසම යටතේ වැඩ කරන ආණ්ඩුවේ සේවකයින් 150 සම්මුඛ සාකච්ඡුාවන්ට භාජනය කළ අතර කේන්ද්රීය කණ්ඩායම් සාකච්ඡුා (ත්ෘඨි* 72 ක් (දිස්ති්රක්කයකට 24 ක්* පවත්වනු ලැබිණ. අමතර වශයෙන් නැගෙනහිර පළාත් සභාවේ පළාත් සභිකයින් 36 දෙනාගෙන් අමාත්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළුව පළාත් සභිකයින් 30 දෙනෙකු හා අමාත්යාංශ ලේකම්වරුන් ඇතුළු ප්රධාන නිලධාරීන් සමග ද අදහස් හුමාරු කර ගනු ලැබිණ.වැඩසටහන අවසානයේ දී කොටස් දෙකකින් යුත් ති්ර භාෂා ප්රකාශනයක් ද ඉදිරිපත් කෙරිණ.සග ෂ කොටස: නැගෙනහිර පළාතේ අත්දැකීමට අදාළව ඒකීය රාජ්යයක් ඇතුළත බලය බෙදීම: දහතුන්වන සංශෝධනය පිළිබඳ ව්යවස්ථාමය ඇගයුමක් මැයෙන් වූ විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ (ක්ඡු්* නීති හා ව්යවස්ථා ඒකකයේ අසංක වැලිකල විසින් ලියන ලද 1 කොටස දහතුන්වන සංශෝධනයේ ව්යුහාත්මක රාමුව හා නැගෙනහිර පළාත් සභාවේ සංයුක්ත අත්දැකීම මත කේන්ද්රීය අවධානයක් යොමු කිරීම ඔස්සේ එහි සජීවකරණ භාවිතයන් පිළිබඳ කරන ලද නීතිමය හා ව්යවස්ථාමය ඇගයීමක් වේ.එය අදාළ නීති හා ව්යවස්ථාමය ප්රතිපාදන හා කාලයක් මුළුල්ලේ ඒවායේ අධිකරණමය හා පරිපාලනමය අර්ථ නිරූපණ මෙන්ම අදාළ ආයතනික කි්රයාකාරකයින්ගේ භාවිතයන් හා චර්යා රටාවන් පිළිබඳ දේශපාලන ඇගයුමක් පිළිබඳ පඨිතමය සලකා බැලීමකි. මෙම විශ්ලේෂණය දහතුන්වන සංශෝධනයේ පරාමිතීන් ඇතුළත බලය බෙදීම වැඩි දියුණු කිරීම පිණිස ව්යවස්ථාපිත රාමුවේ හා පරිපාලනමය භාවිතයෙහි වෙනස්කම් සඳහාවන ඇතැම් නිර්දේශ සම්බන්ධව පදනම සංස්ථාපනය කරයි.සසග කි්රයාත්මකව පවතින අලූතෙන් තේරී පත් වූ සභාවක් පිළිබඳ ඇගයුම: ඉහළ මට්ටමේ සමීක්ෂණයක් නමින් වූ අධ්යයනයේ ෂෂ කොටස සමීක්ෂණ ක්රමවේදවල සංයෝජනයක් යොදා ගනිමින් නැගෙනහිර පළාත් සභාවේ තේරී පත් වූ සභිකයින්ගේ හා පරිපාලන නිලධාරීන්ගේ ද නැගෙනහිර පළාත් පොදු ජනයාගේ ද පැත්තෙන් බලය බෙදීමේ ව්යහුයන් හා භාවිතයන් කෙරෙහි වන සංජානනයන් හා ආකල්ප පිළිබඳ කෙරෙන විභාග කිරීමකි. ප්රතිචාර දක්වන්නන්ගෙන් පළාත් සභා, ඉඩම් ප්රශ්න හා සුළුතර ජාතීන් පිළිබඳ ප්රශ්නවලට අමතරව ප්රජාතන්ත්රවාදය, අලූතෙන් තේරී පත් වූ පළාත් සභාවේ කටයුතු, සමගි සන්ධානය හා පශ්චාත්-යුද තත්ත්වය පිළිබඳව ප්රශ්න අසනු ලැබිණ. සමීක්ෂණය පවත්වන ලද්දේ අම්පාර, මඩකලපුව හා ති්රකුණාමලය යන දිස්ති්රක්කවල ය.

12.ග්රාමීය අධ්යාපන ආධාර වැඩසටහන 2009-2012ග්රාමීය අධ්යාපන ආධාර වැඩසටහනට අරමුදල් සපයන ලද්දේ ශී්ර ලංකාවේ දිළිඳුම ළමුන් කොටසක් වන වැවිලි අංශවල වතු කම්කරුවන්ගේ ළමුන් සඳහා අධ්යාපනයට සාධාරණ ප්රවේශය සැලසීමෙහිලා ආධාර කිරීම පිණිස එක්සත් ජනපදයේ සහය පදනම (ී්ය්හ් ත්දමබා්එසදබ* විසිනි. එහි දේශීය හවුල්කරුවා වන විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (ක්ඡු්* විසින් පරිපාලනය කරන ලද මෙම වැඩසටහන ඉතා දුෂ්කර තත්ත්වයන් හමුවේ ඉන්නා ශිෂ්ය ශිෂ්යාවන්ගේ කාර්ය සාධනය සැලකිල්ලට ගනිමින් ඔවුන්ට කුඩා පරිමාණයේ ශිෂ්යත්ව ප්රදානය කරයි.කලින් පැවති 2006/7 අන්තර් ප්රජා හුවමාරු වැඩසටහනට සම්බන්ධ වී තිබුණ පාසල් ගණනාවක් තෝරා ගැනිණ. සිසුන් විසින් වර්තමානයේ ඉගෙන ගනු ලබන විෂයයන් මත පදනම්ව එක් එක් පාසලේ විදුහල්පතිවරයා හා උසස් පෙළ ගුරුවරුන් විසින් තෝරා ගන්නා ලද ශිෂ්යත්ව ප්රතිලාභීන් සම්මුඛ සාකච්ඡුාවන්ට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ නියෝජිතයින් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ පවුල් පසුබිම සමීක්ෂණය කර තවදුරටත් ඔවුන්ගේ යෝග්යතාව තක්සේරු කරනු ලැබිණ. මෙම වැඩසටහන අදියර දෙකකින් සමන්විත වූ අතර 2011 දක්වා කි්රයාත්මක විය.

This post is also available in: English தமிழ்