කල්ලරාව මෝය කට වසා දැමීම හෙවත් ගැහැණු මුහුද වද කිරීම.

කල්ලරාව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ පිහිටි මත්ස්‍ය  සම්පත බහුල ධීවර ගම්මානයකි.යාං ඔය මුහුදට වැටෙනුයේ,කල්ලරාවෙනි.යාං ඔය හේතුවෙන් කල්ලරාව මුහුදේ සරු මතස්‍ය අස්වැන්නක් ලැබෙන බව ධීවරයන්ගේ විශ්වාසයයි.කල්ලරාව මුහුද ධීවරයන් අතර ප්‍රකටව ඇත්තේ,ගැහැණු මුහුද නමිනි.මහ මුහුදේ මසුන් සිය අභිජනනය සදහා කල්ලරාව මෝය කටට පැමිණිම ඊට හේතුවයි.කල්ලරාව සුළු පන්න ධීවරයන් මහ මුහුද රළු වන වාරකන් සමයේ යාංඔය මුහුද හා එක්වන කල්ලරාව කලපුවේ ධීවර රැකියාවේ නිරතව ජීවිතය ගැට ගසා ගනිති.මේ හේතුවෙන් කල්ලරාව ධීවරයන් කිසිවෙකුටත් අත නොපාන ධීවරයන් පිරිසක් බව ප්‍රකටය.

කෙසේ වෙතත්,2011 වසරේ මෙම මෝය කට ආසන්නයේ ඉඩමක් මිළදී ගන්නා එක්තරා සමාගමක් මෙම ස්භාවික මෝය කට වැලි කොට්ට ගසා අවහිර කොට යාංඔයේ ගමන් මග වෙනස් කිරීමට කටයුතු කර තිබේ.ඒ සදහා කල්ලරාව ගමේ ගම්වාසීන්ම දෛනික වැටුපට යොදවා ගෙන ඇති බව ධීවරයන් කියා සිටිති.සෙන්ටිනල් රියලටි නැමැති මෙම සමාගම මිලින්ද මොරගොඩ මහතාට අයත් හෝටල් සමාගමක් බව කල්ලරාව ගම්වාසීන් කියා සිටිති.

මේ වන විට කල්ලරාව මෝය කට මුලින් තිබු ස්ථානයේ සිට මීටර් 800 ක පමණ දුරකින් මුහුද හා එක්වේ.එසේම පෙර පරිදි සෘජුවම මුහුදට මුහුණලා මෝය කට පිහිටා නැති බැවින් වඩදිය බාදිය නිසි ලෙස සිදු නොවේ.මේ හේතුවෙන් මුහුදේ සිට බිත්තර දැමීමට පැමිණෙන මසුන්ට කලපුවට පැමිණිමට භාදා සිදුව තිබේ.

එසේම මෙම තත්වය මත කලපුවේ මසුන් බෝවීමද සීමා වී තිබේ.මේ නිසා වාරකන් සමයේ කලපුවේ ධීවර කටයුතු වල නිරත ධීවරයන්ට සිය රැකියා අවස්ථාව අහිමි වී ඇති අතර,මේ වන විට ගම්මානයේ දිවි ගෙවු සුළු පන්න ධීවරයන් රැසක් මාදැල් මුදලාලිලාගේ කම්කරුවන් බවට පත්ව තිබේ.තමන්ට අයත්ව තිබු කල්ලරාව මෝය කට නැවත පෙර පරිදිම සකස් කර දෙන ලෙස බළධාරීන්ට අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ඉදිරිපත් කලද,වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඊට මැදිහත්වීමට අකමැත්තක් දක්වන බව කල්ලරාව සාන්ත අන්තෝනි සුළු පන්න ධීවර සමිතියේ ලේකම් සී.මානෙල් පොඩිනේරිස් මහත්මිය කියා සිටිති.

This post is also available in: தமிழ் සිංහල

More News

ICT Services Policy of the Ministry of Education 2011

ICT Services Policy of the Ministry of Education 2011 ICT Services Policy of the Ministry...

Read More

The Right to Information and Media Practice

The Right to Information and Media Practice Click Here - PDF - The Right to Information and Media...

Read More

Opportunity required to complete the course that stopped halfway!

Opportunity required to complete the course that stopped halfway! He said that his human rights h...

Read More