දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වාර්තාකරණයට ඉඩ නොදීම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක්

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වාර්තාකරණයට ඉඩ නොදීම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක්

මාසිකව පැවැත්වෙනල මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ආවරණය කිරීමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදීමල ජනමාධ්‍ය නිදහසල මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතියද උල්ලංඝනය කිරීමක් බව මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සෑම මාසයකදීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන අතර මෙහි සම සභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සහ ආණ්ඩුකාර ලලිත් යූග ගමගේ යන මහත්වරු කටයුතු කරති. මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම්කාර්යලවල ලේකම්වරුල ප්‍රාදේශීය සභාවල සභාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා මැති ඇමැතිවරු මෙම අවස්ථාවට සහභාගි වෙති.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කෙරෙන මුදල් මගින් සිදුකරන වැඩවල ප්‍රගතිය ඇතුළු කාරණා රැසක් මෙහිදී සාකච්ඡාවට බදුන්වෙයි. මහජන මුදල් සංවර්ධන වැඩ සඳහා වෙන් කිරීමල ඒවායේ ප්‍රගතියල වංචාල දූෂණ ආදී මහජනතාවට වැදගත් කරුණු රැසක් සාකච්ඡා වන මෙම රැස්වීම මාධ්‍යවේදීන්ගේ ප්‍රධාන පුවත් මූලාශ්‍රයක් වූ අතර එම කටයුතු අධීක්ෂණයට ලක් කිරීම ජනමාධ්‍ය සතු කාර්යභාරයක් ලෙසද සැලකිය හැකි ය. එහෙත් මෙම රැස්වීම් ආවරණය කිරීම මේවන විට මාධ්‍යවේදීන්ට අවහිර කර තිබේ.

මේ සම්බන්ධව සංවර්ධන කමිටු සභාපතිවරයා හා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ රජය මගින් චක්‍රලේඛයක් මගින් ආදළ රැස්වීම ආවරණය කිරීමේ අවකාශය මාධ්‍යවේදීන්ට ලබා නොදීම නිසා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යවේදීන් කැඳවිය නොහැකි බවයි.
මෙම පසුබිම තුළ කමිටු රැස්වීම අවසානයේ දේශපාලනඥයින් තමන්ට අවශ්‍යය ප්‍රකාශ කිහිපයක් මාධ්‍යවේදීන්ට ලබාදීමට පෙළඹී සිටින අතර ඒවා කිසිසේත්ම ජනතාවට වැදගත් වන රැස්වීමට අදාළ කරුණු නොවන්නේය.

මාධ්‍යවේදීන්ට පමණක් මෙම රැස්වීමට සහභාගි වීමට අවස්ථාව ලබා නොදීමට බලධාරීන් පියවර ඇතත් මැති ඇමැතිවරුන්ගේල ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ඒකකවල සේවකයින්ල මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ මාධ්‍යවේදීන්ල ඡායාරූප ශිල්පීන් හා කැමරා ශිල්පීන්ට රැස්වීමට සහභාගි වීමට අවකාශ තිබේග ඔවුන් මහජනතාවට තොරතුරු ගෙනයන පුද්ගලයින් නොවන අතර මහජන නියෝජිතයින්ට හා නිලධාරීන්ට සේවය කරන අයයිග මෙමඟින් පැහැදිලි වන්නේ හිතාමතාම ජනතාවට තොරුතුරු ගලායෑම අහුරා තිබෙන බවයි.

මහජන නියෝජිතයින්ව පත්කරනු ලබන්නේ මහනතාවයිග රජයේ නිලධාරින් නඩත්තු වන්නේ මහජන මුදලිනිග මෙම දෙපිරිස එකතු වී සිදුකරන සංවර්ධන වැඩසටහන්වල තත්ත්වය දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබේ. විශේෂයෙන් කොන්ත්‍රාත් පිරිනැමීම් ආදියේ සිදුව තිබෙන දූෂණ වංචා පිළිබඳව ජනතාව දැනුවත් වීම වැදගත්ය. ඒ සියල්ල අහුරා දමමින් සිදුකර තිබෙන්නේ තොරතුරු දැන ගැනීම සඳහා ජනතාවට ඇති අයිතියට වැට බැඳීමකි.

This post is also available in: தமிழ் සිංහල

More News

Recent Judicial and Commission Interventions ensuring Language Equality

By C. De Silva A number of recent cases and complaints from many parts of Sri Lanka have resulted i...

Read More

Threatened for reporting sand mining news!

Threatened for reporting sand mining news! Mr. Achchudan, who lives in Trincomalee, has lodged a ...

Read More

Discussion on the Sub-Committee Report on Centre – Periphery Relations; Southern Provincial Council

The Sub-Committees formed in tandem with the process of composing the new Constitution released sect...

Read More

Political party member violates human rights!

Political party member violates human rights! The complaint was lodged by his brother on behalf o...

Read More