ප්‍රවෘත්තික් පළ කිරීමට විරුද්ධව පොලිය නඩු පැවරීම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක්!

ප්‍රවෘත්තික් පළ කිරීමට විරුද්ධව පොලිය නඩු පැවරීම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක්!

පූජකවරයකුගේ සාවද්‍ය ටික්‌ටොක් වීඩියෝව හා සහ්බන්ධ ප්‍රවෘතිය වාර්තා කිසා පොලිසිය තමන්ට නඩුව පැවරු බව පවසමින් තිරිකුණාමලයේ වෙසෙන අලියාර් මොහොමඩ් මහතා (45) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

තිරිකුණාමලය, සාරධා වීදිය, 26/1 ලිපිනයෙහි පදිංචි ඔහු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අතර පැමිණිල්ල කරන ඇත්තේ උප්පුවේලි පොලිසියේ හිටපු ස්ථානාධිපති දයාන් මහතාට එරෙහිවය.

කොවිඩ් හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ අවස්ථායේ දී, භාණ්ඩ බෙදා හරින බවට සාවද්‍ය වීඩියෝවක් ටික්ටොක් යෙදුම හරහා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් පූජකවරයකු අත්අඩංගුවට පත්වීමේ ප්‍රවෘත්තියක් පළ වු බවත්, ඒ සම්බන්ධයෙන් උප්පුවේලි පොලිස් ස්ථානාධිපතිවරයා තමාව විමර්ශනයට කැඳවා පසුව තමන්ව විරුද්ධව තිරිකුණාමලය මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් ගොනු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වන අතර,  පැමිණිල්ලෙ හි එම නඩුව ගොනු කළ දිනය වශයෙන් 2022.05.25 සඳහන් කර ඇත.

මෙම මානව හිමිකම් උල්ලංඝණය කිරීම 2021.02.05 වන දින සිදු වූ බවත් හිරු, දෙරණ සහ ස්වර්ණවාගිනියේ පළ වු ප්‍රවෘත්ති ලේඛන සාක්ෂි බවත් පැමිණිල්ලේ සඳහන්.

මාධ්‍යවේදී අලියාර් මොහොමඩ්

This post is also available in: English தமிழ்

More News

කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ගැටුම්.

කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්ම...

Read More

තොරතුරු ලබා ගැනීමේ ආකෘතිය

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය PDF link...

Read More

මාධ්‍ය නිදහස තහවුරු කරන්න පියවර ගන්න!

මාධ්‍ය නිදහස තහවුරු කරන්න පියවර ගන්...

Read More

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!...

Read More