බිය ගෙන දෙන මාර්ග අනතුරකට මැදි වූවා යයි ද මෙය ඔබේ මව්බිම වුවත් ඔබ ඔබේ ජීවිත කාලය පුරාම මේ රටේ ජීවත්ව තිබෙනවා වුවත් සහ ඔබේම භාෂාව මේ රටේ රාජ්ය භාෂාවක් වන්නේ වුවත් පොලීසිය විසින් ඔබ නොදත් භාෂාවකින් ඔබව ප්රශ්න කරනු ලැබී යයි ද සිතන්න. අනතුරුව සායනයකට යාම, වෛද්යවරයා ඔබට ප්රතිකාර කරන්න උත්සාහ කිරීම හා මෙය ඔබේ රටේ සියල්ලන් සඳහා යයි කියනු ලබන සෞඛ්ය සේවාවක් වුවත් ඔබට තේරුම්ගත නොහැකි භාෂාවකින් කතා කිරීම ගැනත් සිතන්න. භාෂා සමානත්වයක් තිබේ නම් මෙවැනි සිදුවීම් මග හරවා ගත හැකි ය.
“කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්තී්ර පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය යනුවෙන් පවසයි.”
එහෙයින් භාෂා අයිතිවාසිකම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ, විශේෂයෙන් 13 වෙනි සංශෝධනයේ ඇතුළත් කර හා 1956 රාජ්ය භාෂා පනත, 1620/27 අති විශේෂ ගැසට් පත්රය, රාජ්ය පරිපාලන චක්රලේඛ වැනි ශී්ර ලංකාවේ අනෙකුත් නීති හා නෛතික සාධනපත්ර මගින් පිළිගෙන මූලික අයිතිවාසිකම් වේ. එසේම මෙම සාරධර්ම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සහාය වීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නමින් අමාත්යාංශයක් පවා පිහිටුවනු ලැබිණ. මෙම අමාත්යාංශය රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්ය භාෂා කොමිෂන් සභාව හා ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනය යන ඒවායේ ප්රධානත්වය දැරීය. මෙම සියලූ වැදගත් ආයතනවලට පැවරුණු බලය ශී්ර ලංකාව ගැටුමකින් තොරව සමාජ සංගතිය කරා යාමට නම් භාෂා බාධක ජය ගැනීම අවශ්ය ය යන්න පිළිගනියි.
12(2* වගන්තිය “කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්තී්ර පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය” මෙය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ 2 වෙනි වගන්තියට තරමක් සමාන ය. එය මෙසේ සඳහන් කරයි: