මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ ටිකට්පත් නිකුත් කරන්නා!

මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ ටිකට්පත් නිකුත් කරන්නා!

වාහන නැවැත්වීමේ ටිකට්පත් ලබා දීමේ දී සිදුවන වංචාව සම්බන්ධයෙන් පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේ   තමාගේ මානව හිමිකම් කඩ වූ බවට ත්‍රිකුණාමලයේ මාධ්‍යවේදී අලියාර් මොහොමඩ් හීත් මහතා (46) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදී 2021-05-25 දින මෙම සිද්ධිය සිදුවූ බවත් ඊට සාක්ෂි වශයෙන් වීඩියෝ දර්ශන තිබෙන බවත් ඔහු මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ වාහන නැවැත්වීමේ ටිකට්පත් නිකුත් කළ පුද්ගලයාට එරෙහිව ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි.

‘ත්‍රිකුණාමලය මහ රෝහල ඉදිරිපිට තිබෙන වාහන නැවැත්වීමේ ස්ථානයෙහි නීති විරෝධී ලෙස ටිකට්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට ගිය අවස්ථාවේදී, ටිකට්පත් නිකුත් කළ පුද්ගලයා නුසුදුසු වචන භාවිත කරමින් මරණ තර්ජන එල්ල කළා. මහ රෝහලට යන අයටත් ඔහු පුද්ගලයා නුසුදුසු වචන භාවිත කරනවා. සංචරණ සීමා පනවා තිබූ කාලය තුළ තමන්ට ආදායමක් නැති නිසා ටිකට් පත් නිකුත් කිරීමෙන් ලැබෙන ආදායම ත්‍රිකුණාමලය මහ නගර සභාවට ගෙවිය හැකි බවට දන්වා තිබෙනවා. පොදු ගොඩනැඟිලි හෝ වාහන නැවැත්වීමේ ගාස්තු අය නොකළ යුතු බවට වන රජය විසින් පනවා ඇති නීතියද උල්ලංඝනය වී තිබෙනවා’.

මෙම සිද්ධිය නිසා මාධ්‍ය නිදහස මෙන්ම පුද්ගලික නිදහස උල්ලංඝනය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මාධ්‍යවේදී අලියාර් මොහොමඩ් හීත්

This post is also available in: English தமிழ்

More News

මානව හිමිකම් අරුත, සුලමුල සහ විකාශනය 1 කොටස

[caption id="attachment_9367" align="alignleft" width="660"] ඉරිදා 19.06.2016[/caption]...

Read More

ශ්‍රී ලංකාවේ ඉඩම් ආශ්‍රිත ගැටුම් සීඝ්‍රයෙන් හඳුනා ගැනීම

ශ්‍රී ලංකාවේ ඉඩම් ආශ්‍රිත ගැටුම් ...

Read More

නංගිගෙ මඟුල් දවසේ පොලිසියෙන් සිදුවු හිරිහැරය!

නංගිගෙ මඟුල් දවසේ පොලිසියෙන් සිදුවු ...

Read More

භාෂා ප්‍රශ්නය නිසා අසාධාරණයට ලක්වන අහිංසක ජනතාව!

භාෂා ප්‍රශ්නය නිසා අසාධාරණයට ලක්වන ...

Read More