“තේ කහට” පිළිබඳ කතාව

ලාංකේය ආර්ථිකය වඩාත් ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබාදෙන දේශීය කර්මාන්ත අතරින් තේ කර්මාන්තයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලොව ඉදිරියේ ශ්‍රී ලාංකේය නාමය  බැඹලෙන්නේ තේ නිසා ය. නමුත් තේ කර්මාන්තය වෙනුවෙන් ලේ, කඳුළු දහඩිය, ශ්‍රමය කැපකරන කඳුකර සහෝදර දෙමළ ප්‍රජාවගේ ජීවිත තවම උසස් මට්ටමට සංවර්ධනය වී නොමැත.

මෙරට පුරවැසිභාවය හිමි ජන කොට්ටාසයක් හැටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා සියලු අයිතිවාසීකම් භුක්ති විදීමේ පූර්ණ අයිති මෙම ප්‍රජාව සතුවන නමුත් තවත් ලාංකේය රාජ්‍යය මොවුන් අන්තර්ග්‍රහයණය කරගෙන තිබේද යන්න පැනයකි. ඉඩම්, නිවාස, වැනි මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් විශාල හිඩැසක් තවම පවතින අතර අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර ඔස්සේ ද නොවිසිදුණු ගැටලු රාශියකට මෙම ප්‍රජාව මුහුණපාමින් සිටිති.

කඳුකර දෙමළ ප්‍රජාවගේ ජනජීවිතය යහපත් අයුරින් නගාසිටුවීම සඳහා කලාව ඔස්සේ ප්‍රතිපත්ති සංවාදයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කදුකර දෙමළ ප්‍රජාව සමග වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර ඒහිදී අවසන් ප්‍රතිඵලය වූයේ ‘තේ කහට’ ඡායාරූප ප්‍රදර්ශනයයි. එය කදුකර දෙමළ තරුණ තරුණියන් 40 දෙනෙකු විසින් ලබා ගන්න කලාත්මක ඡායාරූප සහිත ප්‍රදර්ශනයක් වන අතර එය ඔබට www.ctitizenlanka.org වෙබ් අඩවිය ඔස්සේ ද නැරඹිය හැකි ය.

Click Here to PDF – Download Here “The Kahata”

This post is also available in: English தமிழ்

More News

මව් භාෂාවෙන් නිල රිසිට්පත් දෙන්න!

මව් භාෂාවෙන් නිල රිසිට්පත් දෙන්න! මඩ...

Read More

නීතිවිරෝධී ක්‍රියා හෙළිකිරීම නිසා මා ප්‍රහාරයට ලක් වුනා!

නීතිවිරෝධී ක්‍රියා හෙළිකිරීම නිසා ...

Read More

මාධ්‍ය නිදහස තහවුරු කරන්න පියවර ගන්න!

මාධ්‍ය නිදහස තහවුරු කරන්න පියවර ගන්...

Read More