ශී්ර ලංකාවේ රාජ්ය අධ්යාපන ක්රමයට යටත් විජිත කාලයේ සිට පවා සිංහල හා දමිළ යන භාෂා දෙකෙන්ම ඉගැන්වීම ඇතුළත් කරනු ලැබ තිබේ. කෙසේ වුව ද භාවිතයේ දී බොහෝ ප්රදේශවල අදාළ භාෂාව ඉගැන්වීම සඳහා පාසල් ගුරුවරුන් නොමැත. කලාපීය අධ්යාපන කාර්යාල විසින් ලියුම් නිකුත් කරනු ලබන්නේ සිංහලෙන් පමණි. පරිවර්තන යවන්නේ බොහෝ ප්රමාදවී ය. බොහෝ විට යම් ප්රයෝජනයක් ගැනීමට බොහෝ ප්රමාද ය. කොළඹ වැනි ද්වි භාෂා ප්රදේශවල පාසල්වල ශිෂ්ය රැුස්වීම් පවත්වනු ලබන්නේ සිංහලෙන් පමණි. පාසල් ළමුන්ට බොහෝ විට නිල පරිවර්තන ලබා ගත නොහැක. දෙමාපියන්ට ඔවුන්ගේ පාසලෙන් කවර හෝ සන්දේශනයක් යවනු ලබන්නේ සිංහලෙනි. සිංහල කතා කරන්නට නොහැකි නිසා සමහර අවස්ථාවල දෙමාපියන්ට පාසල් පරිශ්රයන්ට ඇතුළු වීමට පවා නොහැකි ය. විශ්වවිද්යාල සමහර පාඨමාලා පවත් වන්නේ ඉංගී්රසියෙන් හා සිංහලෙන් පමණි. එලෙස අධ්යාපනයට සමාන ප්රවේශය සඳහා සුළුතර ජනයාට ඇති අයිතිය උල්ලංඝනය කෙරේ.