තරුණ ජනයා හෙට දවසේ නායකයෝ ය. ඔවුන් ඔවුන්ගේ උපරිම ශක්‍යතාවට ළ`ගා වන සේ දැනුවත් කිරීම, මග පෙන්වීම හා හැඩ ගැස්වීම අවශ්‍ය ය. විශේයෙන්ම ශී‍්‍ර ලංකාවේ තරුණ ජනයා විප්ලවය හා නොඉවසීම හේතු කොට ගෙන බොහෝ සේ පීඩාවට පත්ව තිබේ. එසේ වුව ද අවබෝධය, සමගි සන්ධානය හා අභිවර්ධනය සඳහා විශාලතම විභවය රැුඳී පවතින්නේ ඔවුන්ගේ අත් තුළම ය.
තරුණ අනු කමිටුවල අරමුණ
- තරුණ ජනයා අතර භාෂා අයිතීන් සඳහා ගරුත්වය ප්‍රවර්ධනය කිරීම.
- තරුණ ජනයා විවේචනාත්මක හා විශ්ලේෂණාත්මක සිතීමෙහි දිරි ගැන්වීම.
- සංවර්ධනයෙහි තරුණ ජනයාගේ නිර්මාණාත්මක යෙදවුම් යොදා ගැනීම.
- සැලසුම් කිරීමේ දී හා තීරණ ගැනීමේ දී තරුණ ජනයාගෙන් යෙදවුම් ලබා ගැනීම.
- නිපුණතා සංවර්ධනය හා ඔවුන්ගේ නිර්මාණකත්වය විදහා දැක්වීමේ අවස්ථා සඳහා තරුණ ජනයාට අවස්ථා ලබා දීම.
- පාලනයෙහි තරුණ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම ය.