මානව හිමිකම් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වු නිසා ප්‍රශ්නවලට මුහුණ දෙනවා!

මානව හිමිකම් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වු නිසා ප්‍රශ්නවලට මුහුණ දෙනවා!

මානව හිමිකම් ක්‍රියාකාරකම්වල නිරතවීම හේතුවෙන් ආරක්ෂක අංශවලින් තමන්ට හිරිහැර සිදුවන බව බවසමින් මඩකලපුවේ පදිංච් භාරතිදාසන් මහතා (64) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමා මඩකලපුවේ පිහිටි ඉණෛයමි නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා ලෙස 2019-2021 කාලසීමාව තුළ සිදු කළ මානව හිමිකම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ලක් වු බව ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මඩකලපුව, අධිකාර් පාරේ අංක 15/ 4 හි පදිංචි ඹවු එම පැමිණිල්ල කර ඇත්තේ මඩකලපුව සහකාර පොලිස් අධිකාරී සහ විමර්ශන භාර නිලධාරි යන අයට එරෙහිව ය.

තමන් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ සිදු වූ පරීක්ෂණ සහ තර්ජන තවමත් සිදුවන බවද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

මානව හිමිකම් කඩකිරීමේ සිද්ධිය 2019 නොවැම්බර් 06 වැනි දින සිදුවූ බව සඳහන් කළ ඔහු ආරක්ෂක අංශවල මෙම ක්‍රියාවන්ට හේතුව මානව හිමිකම් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම බව පෙන්වා දුන්නේය. මෙය මානව හිමිකම් ක්‍රියාකාරීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බව ද ඔහු පැවසයි.

නිරන්තර සෝදිසි කිරීම් සහ ප්‍රශ්න කිරීම් මෙන්ම ආරක්ෂක අංශවලින් කෙරෙන විවිධ බලපෑම් තමන්ගේ කටයුතුවලට විශාල බාධාවක් බව ඔහු පෙන්වා දෙන භාරතිදාසන් මහතා මානව හිමිකම් ක්‍රියාකාරීන් මර්දනය කිරීමෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධි හෙළිදරව් වීම වැළැක්විය හැකි බවට ආරක්ෂක අංශ විශ්වාස කරන බව අවධාරණය කළේ ය. මානව හිමිකම්වලට ගරු කරන බව ජාත්‍යන්තරට හඟවන ශ්‍රී ලංකාවට මෙය හිතකර නොවන බවද ඔහු පැවසීය.

මෙම පැමිණිල්ල හරහා ඔහු ඉල්ලා ඇත්තේ ඉදිරියේ දී මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ කටයුතුවලට බුද්ධි අංශ මැදිහත් නොවන බව සහතික කිරීම සඳහා මානව හිමිකම් කොමිසම නිසි පියවර ගත යුතු බවයි.

මානව හිමිකම් ක්‍රියාකාරී භාරතිදාසන්මඩකලපුව

This post is also available in: English தமிழ்