යතුරුපැදිය සහ ඇප මුදල ආපසු දෙන්න!

යතුරුපැදිය සහ ඇප මුදල ආපසු දෙන්න!

මාධ්‍යවේදී සෝලමලෛ කේතීස්වරන් මහතා (43) මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ඇප මුදල සහ යතුරුපැදිය නැවත ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

නාවික හමුදාව විසින් තමන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගනිමින් පසුව නිදහස් කළ බවත්, අත්අඩංගුවට ගත් අවස්ථාවේ දි භාරයට ගත් යතුරුපැදි සහ ඇප මුදල  නැවත ලබා ගැනීමට සහය වන ලෙසත් ඔහු මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.

පසුගිය 2005 දෙසැම්බර් 29 දින මන්නාරම තාල්වුපාඩු ප්‍රදේශයේදී නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වන මන්නාරම, නානාට්ටාන්, පල්ලන්කෝට්ටේ ලිපිනයේ පදිංචි කේතීෂ්වරන් මහකා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ මාස 3ක ප්‍රශ්න කිරීම්වලින් පසු අනුරාධපුර නිව් මැගසින් සහ වැලිකඩ වැනි බන්ධනාගාරවල රඳවා තබන ලදී. 2008 දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැරුණු ඔහු 2010 දී වවුනියාව දිසා මහාධිකරණයෙන් නිදහස් කරනු ලැබී ය.

එහෙක්,  තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී භාරයට ගත් යතුරුපැදිය සහ රුපියල් ලක්ෂයක ඇප මුදල මේ දක්වා නැවත භාර දී නොමැති බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්.

ඔහු පැම්ණිලි කර ඇත්තේ පොලිසියට සහ ත්‍රස්ත මර්දන කොට්ඨාසයට එරෙහිව ය. තමා සතු දේපල සහ මුදල් මෙතෙක් ආපසු ලබා නොදීම මානව හිමිකම් කඩකිරීමක් බව පැවසූ ඔහු, මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි අදාළ පාර්ශව දැනුම්වත් කළද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පැවසීය.

සැකපිට මෙතරම් කාලයක් රඳවාගෙන සිටි තමාගේ දේපළ ත්‍රස්ත මර්දන කොට්ඨාසයට විසින් නිසි කලට ආපසු ලබා නොදීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර සිටින කේතීෂ්වරන් මහතා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ තම දේපළ ලබා ගැනීමට සහය වන ලෙසය.

ජාතිය, දේශපාලන ප්‍රතිපත්තිය හා භාෂාව වැනි කරුණු මුල් කර ගනිමින් තමාට මෙම අසාධාරණය සිදු වූ බවත්, එම කරුණුම මානව හිමිකම් කඩවීමට බලපා ඇකි බවත් කේතීස්වරන් පැවසීය.

මාධ්‍යවේදී සෝලමලෛ කේතීස්වරන්

This post is also available in: English தமிழ்

More News

තොරතුරු ලබා ගැනීමේ ආකෘතිය

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය PDF link...

Read More

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නිවේදනය

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවා...

Read More

පක්ෂග්‍රාහීව හැසිරෙන සමෘද්ධි කළමනාකරු!

පක්ෂග්‍රාහීව හැසිරෙන සමෘද්ධි කළමන...

Read More

සංවර්ධන කමිටු රැස්වීම් ආවරණය කිරීමට අවසර දෙන්න!

සංවර්ධන කමිටු රැස්වීම් ආවරණය කිරීමට ...

Read More