දේශපාලන හේතූන් මත මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරනු ලබන පලිගැනීම්!

දේශපාලන හේතූන් මත මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරනු ලබන පලිගැනීම්!

වසර එකොළහකට පෙර සිදුවූ සිද්ධියක් මුල් කර ගනිමින් සැලසුම් සහගතව තම මානව හිමිකම්  උල්ලංඝණය කරමින් තිබෙන බව කොකුවිල් නැගෙනහිර,  පොට්පදි පාර, දෙවන පටුමග අංක 15 දරන ලිපිනයේ පදිංචි මාධ්‍යවේදී ටී. විනෝජිත් මහතා (36) පසුගිය මාර්තු 7 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

දෘශ්‍යාබාධිත දැරියකට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ආධාර මුදලක් රැස් කර දුන් සිද්ධියක් මුල් කර ගනිමින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබීම ගැන අප්‍රසාදය පළ කරන ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව ය. පුද්ගලික සහ දේශපාලන හේතූන් මත මෙය සිදු වන බවත්, වඩු කෝට්ටේ පොලිස් නිලධාරීන් මානව හිමිකම් කඩවීමට සම්බන්ධ වී ඇති බවත් ඔහුගේ පැමිණිල්ල මගින් අනාවරණය කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට යුක්තිය ඉටු විය යුතු බව අවධාරණය කරන විනෝජිත් මහතා පසුගිය ජනවාරි 16 වෙනිදා අදාළ සිදුවීම සම්බන්ධයෙන් නැවතත් කටඋත්තරයක් ලබා ගැන තිබීම මගින් සහමුලින්ම මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව පවසයි.

පුද්ගලයෙකු තම දියණියගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් රැස් කිරීමට කළ ඉල්ලීමක් මාධ්‍ය තුළ පළ කිරීමට උපකාර කළ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම චෝදනාව එල්ල කර ඇති බවත්, එම චෝදනාවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් පවසන ඔහු, අදාළ සිද්ධිය සිදුවී අවුරුදු 11කට පසු තමා අදාළ පුද්ගලයාට තර්ජනය කර ඇති බව පවසමින් ඔහු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව පොලිසියේ විමර්ශන ආරම්භ කර ඇතැයි ද සඳහන් කළේය.

බැංකු ගිණුම් සියල්ල එම පුද්ගලයා සතු වන බවත් තමාට එම ගිණුමෙන් වංචනික ලෙස මුදල් ලබා ගත හැක්කේ කෙසේද යන්නත් විමසන විනෝජිත් මහතා කියා සිටියේ තමාගේ කීර්ති නාමයට කැළලක් වන අයුරින්ද, ගම්වැසියන් අතර තමන් අවඥාවට ලක්වෙන අයුරින් ද පොලිසිය සංවිධානාත්මක ව කටයුතු කරන බවයි. මෙම පලිගැනීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව අවධාරණය කළ ඔහු අදාළ දැන්වීම පළ කිරීමට උපකාර කළ තමාට සහ තම මිත්‍ර මාධ්‍යවේදියාට එරෙහිව සැලසුම් සහගතව දියත් කරමින් තිබෙන මෙම කටයුතුවලට එකී දේශපාලනඥයාගේ සහාය ද ලැබෙන බවත් කියා සිටියේය.

 

මෙය, ජනමාධ්‍යවේදීන් සිය එදිරිවාදීන් යැයි සලකන එම දේශපාලඥයාගේ කුමන්ත්‍රණයක් බවත්, මෙවැනි තර්ජන වලින් යාපනයෙහි සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය අඩපන කිරීමට ඔහු උත්සාහ දරන බවත් පවසන විනෝජිත් මහතා ආරක්ෂක අංශ එයට අනුබල දෙන බව ද සඳහන් කළේය.

 

 

 

 

 

 

This post is also available in: English தமிழ்

More News

වාර්ගික හේතුන් මත පැහැර ගනු ලබන තණබිම්!

වාර්ගික හේතුන් මත පැහැර ගනු ලබන තණබිම...

Read More

Muslim journalists have no land due to ethnic differences!

Muslim journalists have no land due to ethnic differences! Batticaloa journalist AH Abdul Hussain...

Read More

පුරවැසියා

පුරවැසියා - බිම් මට්ටමේ කතිකාව Purawasiya 01 - ...

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සංක්‍රමණික යුක්තිය

අධිනීතිඥ හොවාර්ඞ් වානි සමග සාකච්ඡාවක...

Read More