පක්ෂග්‍රාහීව හැසිරෙන සමෘද්ධි කළමනාකරු!

පක්ෂග්‍රාහීව හැසිරෙන සමෘද්ධි කළමනාකරු!

වව්නතිව් සමෘද්ධි කළමනාකරු පක්ෂග්‍රාහීව කටයුතු කරන බව මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ පදිංචි ඒ. ඉදයවදනි (31) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

වවුනියාව 5 වැනි හරස් වීදියේ වෙසෙන ඇය මෙම පැමිණිල්ලක් කර ඇත්තේ වව්නතිව් සමෘද්ධි කළමනාකරුට එරෙහිව ය.

‘සමෘද්ධි කළමනාකරු තම සමීපතම ඥාතීන්ට ප්‍රමුඛත්වය ලබා දීම කණගාටුවට කරුණක්. එම නිසා අප වැනි සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වෙනවා. මහජනතාවට මාස 8ක් සහ මාස 4ක් වැනි කාලවලට බෙදලයි සමෘද්ධි මුදල දෙන්නේ. සියලු මුදල් ගෙවන්නෙත් නැහැ; දෙන්නෙ අඩක්; ජනතාව මේ ගැන කිසිවෙක් කථා නොකරන්නෙ බයට’ යැයි පවසන ඇය පැමිණිලි කරමින් ඉල්ලා ඇත්තේ මෙයට විසඳුම් ලබා දෙන ලෙසයි.

ඉදයවදනි විසින් සිදුකර ඇති පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වන්නේ ජනතාගේ සම අයිතිය තහවුරු කළ යුතු බවත්, ඔවුන්ට සමෘද්ධි ප්‍රතිලාභය සෑම මසකම නිසි පරිදි ලැබිය යුතු බවත් ය.

 ඉදයවදනි – මඩකලපුව

This post is also available in: English தமிழ்

More News

අතරමග නතර වූ පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවස්ථාවක් දෙන්න!

අතරමග නතර වූ පාඨමාලාව සම්පූර්ණ කිරීම...

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සංක්‍රමණික යුක්තිය

අධිනීතිඥ හොවාර්ඞ් වානි සමග සාකච්ඡාවක...

Read More

නීතිවිරෝධී ක්‍රියා හෙළිකිරීම නිසා මා ප්‍රහාරයට ලක් වුනා!

නීතිවිරෝධී ක්‍රියා හෙළිකිරීම නිසා ...

Read More

2017 අංක 17 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ (සංශෝධන) පනත

2017 අංක 17 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසී...

Read More