මැතිවරණ ක්‍රමයේත් වෙනසක් අවශ්‍යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර
රට තුළ අද පවතින සන්දර්භය තුළ ඇත්ත වශයෙන් ම පළමු කාරණය තමා පාර්ලිමේන්තුවේ 225ම අවශ්‍ය නෑ කියන කාරණය. එතැනදී ප්‍රධානම අර්බුදය තමා මේක මේ ලංකාවේ ඉන්න සියලු දෙනාම කියන කාරණයක් නෙමේ, අරගල භුමියේ යම් පිරිසක් විසින් මතුකරපු කාරණයක්. ඔය විදියටම තමා 2019ත් 225ම එපා, පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියල ඒ ගෙනාපු 225ම තමා දැන් ආයේ එපා කියන තත්වයට ඇවිත් තියෙන්නේ.
ඇත්තවශයෙන්ම මේ තියෙන්නේ නොම්මරයක ප්‍රශ්නයක් නෙමේ, තමන් පත් කරන නියෝජිතයා පිළිබඳ විස්වාසය, ගෞරවය, ඔහු හෝ ඇය ඇත්තවශයෙන්ම ගිහින් කරන්නේ මොකක්ද, පාර්ලිමේන්තුව තුළ කරන ක්‍රියා පටිපාටිය, මේ ගැන ගැටලුවක් විදියට තමා මම එය දකින්නේ. දෙවැනි කාරණය තමයි අවුරුදු 74ක් තිස්සේ කරන දේශපාලනය එපා කියන කාරණය. අවුරුදු 74කින් නෙමේ මේ ප්‍රශ්නය ඇති වුණේ. 1977 විවෘත ආර්ථික ක්‍රමව්දයෙන් පසු ඇති වුණ තත්වයක් කියලයි මම මෙය දකින්නේ. 77ට පෙර තිබුණු ආණ්ඩුවල දූෂිත භාවය අඩුයි, පුද්ගලයන් දුෂ්ට නැහැ. අපි දන්නවා සී.ඩබ්.ඩබ්. කන්නංගර මහත්මයා මිය යනකොට ඔහු ගත්තේ පිං පඩියක්. එවැනි දේශපාලකයන්ගෙන් යුක්ත සමාජයක් තමයි 77 පස්සේ සමානුපාතික මැතිවරණ ක්‍රමයත් විවෘත ආර්ථික ක්‍රමයත් නිසා විශාල අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ. ඒ නිසා මම නම් විස්වාස කරන්නේ මේක අවුරුදු 40කට එහා දේශපාලන ඉතිහාසය එක්ක ඇති වුණ තත්ත්වයක්.
ජාතික සභාවක් පිළිබඳ යෝජනාව
ඒ වගේම, මේ අරගල භූමියේම හිටපු අගෙන් ආපු ලොකු යෝජනාවක් තමයි, පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලයට සමගාමීව වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ජාතික සභාවක් ස්ථාපිත කරලා, ඔවුන්ගේ අදහස් උදහස් අරගෙන රාජ්‍ය පාලනය කළ යුතුයි කියන කාරණය. අපි යෝජනා කරලා තියෙන්නෙත් ඒකයි. ඔවුන් පාර්ලිමේන්තුව තුළට අපිව පත්කර යවනවා වගේම අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවට පත් කරලා එවන අය අතරින්ම තවත් පිරිසක් රාජ්‍ය පාලනයට නතු කර ගන්න, ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගන්න, අදහස් යෝජනා සළකා බලන යම් මණ්ඩලයක් තිබිය යුතුයි කියන කාරණය. මෙය එක්තරා විදියකට වටිනාකමක් සහිතව සාකච්ඡා කරමින් තිබෙන කාරණයක් විදියට අපි දකිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපේ සංවිධායකවරුන් පත් කරන්නේ නායකයා නෙමේ. නායකයා ලියුම දුන්නට ඊට පෙරාතුව යම් වැඩසටහන් තියෙනවා. මොකද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් තියනවා, ඒ මණ්ඩලයට පුද්ගලයින් එනවා, ඔවුන්ගේ තොරතුරු සාකච්ඡා කරනවා, එකෙන් තමයි අපි ඒ ඒ ආසනවලට සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීම කරන්නේ. පක්ෂයක නායකයකු විසින් පුද්ගලයකු පත් කිරීම සාධාරණ ක්‍රමයක් නෙමේ. මැතිවරණයකදී තමන් කැමති පුද්ගලයෙකුට ඡන්දය දෙන්න හොඳ ලයිතුවක් නැහැයි කියන එක ජනතාවගෙන් එල්ලවන විශාල චෝදනාවක්. සමහර දිස්ත්‍රිකක්වල ලයිතුව ගත්තම, හොරු, මංකොල්ල කරුවන්, සමාජ දූෂණ චෝදනාවලට ලක් වෙච්ච අය, ත්‍රාඩයින් , රස්තියාදු කාරයින්, ඉගෙන ගත්තු නැති අය, මේ වගේ නම් ගණනාවක් මේ ලයිස්තු තුළ තිබෙනවා. එක තමා තියන ප්‍රධාන අර්බුදය, ජනතාවට තමන්ට කියල තෝරා ගන්න හොඳ මිනිස්සු මේ ලයිස්තුවේ නැහැයි කියන එක.
පිළිගත හැකි අපේක්ෂකයින් අවශ්‍යයි
දේශපාලන පක්ෂ විදියට අපි සියලු දෙනාට වගකීමක් තියනවා, රටේ සමාජයේ පිළිගත්තු පුද්ගලයින් දාන්න. දූෂණ චෝදනාවලට ලක්වුණ අය, මිනීමැරුම් කරපු අය, මිනීමැරුම් චෝදනාවලට ලක් වුණ අය ලැයිතුවක් තුළින් ඉදිරිපත් කළාම තෝරා ගැනීම පිළිබඳව කිසියම් හැකියාවක් ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා වන කරුණු ගණනාවක් අපි සාකච්ඡා කරගෙන යනවා.
ව්‍යවස්ථා සංශෝධනයක් යන කාරණයේදී, මේ කී දේවල්වලට සමගාමීව දැනට පවතින මැතිවරණ ක්‍රමයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි. එ් ගැනත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා, අපේ යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියනවා, අපි බලමු අනාගතේ ඉතාම ඉක්මනින් මේ මතිවරණ සංශෝධන ක්‍රියාවලිය ශක්තිමත් කළොත් පමණයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්නේ. අරගලය හා සම්බන්ධ වෙලා ඉන්න මිනිසුන්ගේ හැඟීම යම් විදියකට සන්තර්පණය කරන්න වෙන්නේ මේ ක්‍රියාවලිය තුළ කියලයි මම විස්වාස කරන්නේ.
පුරවැසි හඬ
This post is also available in: English தமிழ்