ගුවන්විදුලි සේවකයින් 32කට මාස අටක් වැටුප් නොගෙවීම

ගුවන්විදුලි සේවකයින් 32කට මාස අටක් වැටුප් නොගෙවීම

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන සේවයේ සිට කොන්ත්‍රාත් පත්වීම් ලැබූ සහ කොන්ත්‍රාත් සේවයේ සිට ස්ථිර පත්වීම් ලැබූ සේවක පිරිසකට මාස අටක කාලයක් තිස්සේ වැටුප් ගෙවීමට ගුවන් විදුලි සංස්ථාව පියවර නොගැනීම හේතුවෙන් එම සේවක පිරිස් බලවත් අසාධාරණයකට සහ අසීරුතාවකට මුහුණ දී සිටිති.

2021.06.23 දින සිට වර්තමානය දක්වා වැටුප් නොලබා සේවය කිරීමට ඔවුන්ට සිදුව ඇත. මෙසේ කොන්ත්‍රාත් සහ ස්ථිර පත්වීම් ලද සේවකයින් 18 දෙනෙකු සිටින අතර සහන සේවයේ සිට කොන්ත්‍රාත් පත්වීම් ලද සේවක සංඛ්‍යාව 12 කි. මෙසේ අයිතිවාසිකම් සහ කොන්ත්‍රාත් ගිවිසුම් කඩකිරීම්වලට ලක්ව සිටින සේවක සංඛ්‍යාව තිස් දෙනෙකු වන අතර ඔවුන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කොළඹ  ප්‍රධාන කාර්යාලය, රජරට සේවය රුහුණු සේවය සහ කඳුරට සේවය යන ආයතනවල සේවයේ නිරතව සිටිති.

මෙම සියලුම සේවක සේවිකාවන් විවාහකයින් වන අතර සියලු දෙනා පාසල් අධ්‍යාපනය හදාරන දරුවන් සිටින දෙමාපියන්ය. වර්තමානයේ රට තුළ පවතින අයහපත් තත්ත්වය හමුවේ වඩාත් ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත.

තමන්ට හිමි වැටුප ලබා නොදීම අසරණව සිටින සේවක පිරිස් මේ සම්බන්ධයෙන්  පාලනාධිකාරියට වාචිකව මෙන්ම ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කළද ඔවුන් කිසිදු පිළිතුරක් මෙතෙක් ලබා දී නොමැත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සිදුකරන මෙම අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අගතියට පත්ව සිටින රජරට සේවයේ සේවිකාවක විසින් ශ්‍රිලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පත්විම් සියල්ල පසුගිය දිනෙක සංස්ථා මණ්ඩල අනුමැතියක් මත අහෝසි කර ඇති බවට සහ සම්මුඛ පරීක්ෂණයකට ලක්කොට එම පත්වීම් නැවත ලබා දීමට තීරණය කර තිබෙන බවට ආරංචියක් පවතින බව සේවකයින් කියා සිටින අතර මෙතෙක් ඔවුන්ට මෙම තීරණ පිළිබඳව ලිඛිතව දන්වා නොමැත.

This post is also available in: English தமிழ்

More News

ශ්‍රී ලංකාවේ ඉඩම් ආශ්‍රිත ගැටුම් සීඝ්‍රයෙන් හඳුනා ගැනීම

ශ්‍රී ලංකාවේ ඉඩම් ආශ්‍රිත ගැටුම් ...

Read More

පුරවැසියා

පුරවැසියා - බිම් මට්ටමේ කතිකාව Purawasiya 01 - ...

Read More

2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත 2003-44_ සි

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධ...

Read More