දේශපාලන පක්ෂ සාමාජිකයෙකු මානව හිමිකම් කඩකරයි!

දේශපාලන පක්ෂ සාමාජිකයෙකු මානව හිමිකම් කඩකරයි!

දේශපාලන පක්‍ෂ සාමාජිකයෙකු විසින් වන්තාරුමුලෙයි පොදු වෙළඳපොලේදී සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා තම සහෝදර මාධ්‍යවේදී සහ සහෝදරා වූ එල්.දේවප්‍රදීපන් වෙනුවෙන් ඔහුගේ සහෝදරයා විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ  තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ මාධ්‍යවේදී දේව අදිරන් විසිනි.

ඔහු පවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට අයත් වේළුපිල්ලේ නන්දකුමාර් විසින් මෙම මානව හිමිකම් කඩකිරීම සිදුකර ඇති බවයි.

වන්තාරුමූලෙයි පොදු වෙළඳපොල ඉදිරිපිට පැවති උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය IBC මාධ්‍ය ආයතනයේ දමිළ වාර්තාකරුවෙකු වන මගේ සහෝදරයාට එහි පැමිණි දේශපාලන පක්ෂ සාමාජිකයෙකු වන වේළුපිල්ලේ නන්දකුමාර් පහර දුන් බවත්, පහර කෑමෙන් ඔහුට දින 3ක් රෝහල්ගතව සිටීමට සිදුවු බවත්, මේ සම්බන්ධයෙන් එරාවුර් අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් පැමිණිල්ලේ සඳහන්.

දේශපාලන හේතුන් මත මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම සිදු වූ බව ඔහු පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු බවත්, මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා යුතු බවත් මෙම අසාධාරණයට මුල්‍ය වන්දි ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

මාධ්‍යවේදී දේව අදිරන්

This post is also available in: English தமிழ்

More News

ප්‍රභාකරන්ගේ සොහොන හා මාධ්‍ය මර්දනය!

ප්‍රභාකරන්ගේ සොහොන හා මාධ්‍ය මර්...

Read More

2016 අංක 19 දරන නීති කොමිෂන් සභා සංශෝධන පනත

නීති කොමිෂන් සභා සංශෝධන පනත 2016 අංක 19 න...

Read More

“තේ කහට” පිළිබඳ කතාව

ලාංකේය ආර්ථිකය වඩාත් ශක්තිමත...

Read More

ගිනි අවිය පෙන්වා තර්ජනය කිරීම සහ මාධ්‍ය කටයුතුවලට බාධා කිරීම!

ගිනි අවිය පෙන්වා තර්ජනය කිරීම සහ මාධ්&...

Read More