මහජනයාගේ ඉඩම් නිදහස් කළ යුතුයි!

මහජනයාගේ ඉඩම් නිදහස් කළ යුතුයි!

හමුදාව විසින් අත්පත් කරන ලද ජනතාවගේ ඉඩම් මේ දක්වා  නිදහස් කර නැත. මෙය ඹවුන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව පවසමින් මාන්කුලම් ප්‍රදේශයේ පදිංච් ශන්මුගම් තවසීලන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මාන්කුලම්, පනිච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මෙම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සංජය වනසිංහ යන අයට එරෙහිව ය.

2009 යුද්ධය අවසන් වීමත් සමග ජනතාව නැවත පදිංචි කිරීම් සිදු කරන විට හමුදාව විසින් ඹවුන්ගේ ඉඩම් අත්පත් කරන ලදී. වසර 12 ක් ගත වී ඇතත් හමුදාව විසින් ඔවුන්ගේ ඉඩම් නිදහස් කිරීමට පියවර නොගැනීම ජනතාවගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. 2009 දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බව පෙන්වා දුන් ඔහු එය සිදු වූයේ කොප්පාපුලවු හි දී බව ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීමෙන් ද පලක් නොවු බව ඔහු ප්‍රකාශ කර ඇත. තවද, 2018 දී මුලතිව් අධිකරණයේ නඩුවක් පවරා ඇති නමුත් ජනතාවට මෙතෙක් විසදුමක් ලැබී නොමැති බැවින්, මානව හිමිකම් කොමිෂන් සභාව කඩිනමින් ජනතාවගේ ඉඩම් නිදහස් කර දීමට කටයුතු කළ යුතු බව ඔහු එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශන්මුකම් තවසීලන්

This post is also available in: English தமிழ்

More News

කල්ලරාව මෝය කට වසා දැමීම හෙවත් ගැහැණු මුහුද වද කිරීම.

කල්ලරාව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක...

Read More

කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ගැටුම්.

කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්ම...

Read More

A BRIEF REPORT ON THE IMPLEMENTATION OF THE OFFICIAL LANGUAGES POLICY (OLP) IN SELECTED MINISTRIES & GOVERNMENT INSTITUTIONS & PUBLIC PERCEPTION ON OLP IN SRI LANKA

A BRIEF REPORT ON THE IMPLEMENTATION OF THE OFFICIAL LANGUAGES POLICY (OLP) IN SELECTED MINISTRIES &...

Read More