ගිනි අවිය පෙන්වා තර්ජනය කිරීම සහ මාධ්‍ය කටයුතුවලට බාධා කිරීම!

ගිනි අවිය පෙන්වා තර්ජනය කිරීම සහ මාධ්‍ය කටයුතුවලට බාධා කිරීම!

මාධ්‍යවේදී සුලන්ෂන් මහතා පවසන්නේ ප්‍රවෘත්ති ආවරණය කරමින් සිටියදී තමන්ට ගිනි අවිය පෙන්වා තර්ජනය කළ බව ය.

තොන්ඩමනාරු, කෙලින් වීදිය යන ලිපිනයෙහි පදිංචි මාධ්‍යවේදී සුලක්ෂන් මහතා (29) පොලිස් නිලධාරියෙකු විසින් ගිනි අවිය පෙන්වා තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 2022 මාර්තු මස 7 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ 2021 දෙසැම්බර් මස දෙවැනි දිනයේ දී ය. පුවත් ආවරණය කිරීම සඳහා පේදුරුතුඩුව අධිකරණ පරිශ්‍රය වෙත ගොස් සිටි අවස්ථාවේදී, තමන් සමග ඝට්ටනයක් ඇති කර ගත් පේදුරුතුඩුව පොලිසියේ බලධාරියෙකු පේදුරුතුඩුව පොලිසියේ දී ගිනි අවිය පෙන්වා තර්ජනය කොට අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවත්, මෙය බලය අවභාවිත කිරීමක් බවත් ඔහුගේ පැමිණිල්ලෙහි සඳහන්.

ඔහු තවදුරටත් සඳහන් කර සිටින්නේ මෙම සිදුවීමට අදාළ සී.සී.ටී.වී දර්ශන සාක්ෂි වශයෙන් තමන් සතුව තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් ඉකුත් 2021 දෙසැම්බර් මස 03 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවට කර ඇති පැමිණිල්ල මගින් සුලක්ෂන් මහතා ඉල්ලා සිටින්නේ විභාග වෙමින් පවතින මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට ආරක්ෂාව මෙන්ම යුක්තිය ඉටුකරන කරන ලෙස ය.

පුවත් ආවරණය කරන අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට බාධා ඇති කරමින් තර්ජනය කිරිම ආරක්ෂක අංශ විසින් බහුලව සිදු කරනු ලැබීම සම්බන්ධයෙන් බොහෝ මාධ්‍යවේදීහු පැමිණිලි කරති. මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර මෙවැනි ක්‍රියා සිදුවන්නේ කිසිදු සාධාරණ හේතුවක් නොමැති පසුබිමක් තුළය. එවැනි සිද්ධීන්වලට විරෝධය පෑමේ දී ගිනි අවි පෙන්වා මාධ්‍යවේදීන්ට තර්ජන කිරීම, පහර දීම හෝ ජීවිතයට අනතුරක් සිදුවේ යැයි පවසමින් දැඩි ලෙස අනතුරු හැඟවීම සම්බන්ධයෙන් ද පැමිණිලි රාශියක් ලැබී ඇත. හුදෙක් මෙවැනි තර්ජන එල්ල කිරීමේ අරමුණ වී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරිත්වය අඩපන කිරීම ය.

ජනතාවට නිසි අයුරින් පුවත් සමීප කිරීම මාධ්‍යවේදීන්ගේ ප්‍රමුඛ කාර්යභාරයක් වේ. විවිධ දුෂ්කරතා හමුවේ එම කාර්යය සිදුකරන ඔවුන් ඒ වෙනුවෙන් ගෙවන මිල ද අධික ය. මහජනතාව වෙනුවෙන් මෙම දැවැන්ත වගකීම හිටු කරුණු ලබන මාධ්‍යවේදීන් හට විලංගු දැමීමේ බලය හෝ අයිතිය කිසිවෙකුටත් නැත. සංසන්දනාත්මකව බැලීමේදී, යුද්ධයෙන් පසු උතුරු පළාතේ සේවය කරන මාධ්‍යවේදීන් විවිධ තර්ජනවලට සහ මානව හිමිකම් කඩවීම් වැනි අර්බුදවලට මුහුණ දී ඇති සංදර්භයක් තුළ සුලක්ෂන් වැනි මාධ්‍යවේදීන්ට පූර්ණ වශයෙන් තම රාජකාරිය ඉටු කළ නොහැකි අභාග්‍යසම්පන්න තත්ත්වයක් උද්ගතව ඇත.

මෙවැනි පසුබිමක් තුළ ආරක්ෂාව සහතික කර ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය. සුලක්ෂන් ඇතුළු සමස්ත මාධ්‍යවේදීන්ගේ මූලික ඉල්ලීම වී ඇත්තේ මෙම සිදුවීමට අදාළව යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ගනු ලබන පියවරයන් සහ අනාගතයේදී එවැන්නක් සිදු නොවීම සහතික කිරීමට අදාළ පාර්ශව පියවර ගතයුතු බවයි.

– මාධ්‍යවේදී ජේ. සුලක්ෂන්

 

 

 

 

 

 

 

 

This post is also available in: English தமிழ்