මූල්‍ය අක්‍රමිකතා වැළැක්වීමට නම් රාජ්‍ය සේවකයන්ට වාර්ෂිකව අනිවාර්ය ස්ථාන මාරුවීම් ලබා දිය  යුතුයි!

මූල්‍ය අක්‍රමිකතා වැළැක්වීමට නම් රාජ්‍ය සේවකයන්ට වාර්ෂිකව අනිවාර්ය ස්ථාන මාරුවීම් ලබා දිය  යුතුයි!

රාජ්‍ය සේවකයින් එකම ස්ථානයක අඛණ්ඩව සේවය කිරීමෙන් විවිධ අක්‍රමිකතා සිදුවන හෙයින් ඹවුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලා අබ්දුල් අසීස් යසූර් (49) මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

වව්නියාව, වේප්පංකුලම, පට්ටානිචූර් යන ලිපිනයෙහි පදිංචි ඔහු මෙම පැමිණිල්ල කර ඇත්තේ සමෘද්ධි දෙපාර්තමේන්තුවට සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට එරෙහිව යි.

දේශපාලන පක්ෂ හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහ සංවර්ධන කමිටු ප්‍රධානීන්ගේ මැදිහත්වීම මත රාජ්‍ය සේවකයන්ට වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා දීම සිදු නොවේ. ඒ අනුව රාජ්‍ය සේවකයකු වසර ගණනාවක් එකම ස්ථානයක සේවය කිරීමේදී මුල්‍ය වංචා සහ විවිධ අක්‍රමිකතා සිදුවන බව ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වා  දී ඇත.

මෙවැනි අය නිසා  සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් කඩවන බවත්, මේ හේතුවෙන් 2020-2022 කාලසීමාව තුළ වවුනියාවේ මානව හිමිකම් කඩවීම් රැසක් සිදුව ඇති බවත් පවසන ඔහු, මේ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ ලේඛන සාක්ෂි ඇති බව ද එහි සඳහන් කර ඇත.

රාජ්‍ය පාලනයට දේශපාලන මැදිහත්වීම් සිදු කරන නිසා වෙනස්කම්වලින් තොරව ජනතාවට සේවය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මෙම වෙනස් කොට සැලකීම සහ අක්‍රමිකතා හේතුවෙන් මහජනතාව සේවාවන් ලබා ගැනීමේ දි අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවේ. ඒ වගේම රාජ්‍ය සේවය පිළිබඳ ඹවුන්ගේ විශ්වාසය ද පළුදු ටී ඇත. මෙම පැමිණිල්ල හරහා මතුකර ඇති තවත් කරුණක් වන්නේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන අහිංසක සාමාන්‍ය ජනතාවට අසාධාරණ හේතූන් මත හිරිහැර සිදුවන බව යි. සමෘද්ධිය වැනි දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘතිවල සේවය කරන නිලධාරීන් මහජනතාවට සේවය කිරීම තම මූලික රාජකාරිය කර නොගෙන සහනාධාරවලින් මූදල් ගසා කෑම කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බව ද වැඩිදුරටත් සඳහන් වේ.

එම නිසා රාජ්‍ය පරිපාලනය සිදු විය යුත්තේ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ය. එසේම ජනතාවට හිමි විය යුතු ආධාර සහ ජීවනෝපාය නිසි පරිදි ලැබීමට පියවර ගත යුතු යැයි අබ්දුල් අසීස් යසූර් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

අබ්දුල් අසීස් යසූර්

This post is also available in: English தமிழ்