මාධ්‍ය නිදහස තහවුරු කරන්න පියවර ගන්න!

මාධ්‍ය නිදහස තහවුරු කරන්න පියවර ගන්න!

කින්නියා පාලම් පාරු අනතුර සිදු වු අවස්ථාවේදි පුවත් ආවරණය කිරීමට ගිය තමන් නාඳුනන තරුණ කණ්ඩායමකින් පහර කෑමට ලක් වු බව පවසමින් ප්‍රාදේශීය මාධ්‍යවේදි ඒල්.රිෆායිදීන් මහතා (60) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

තිරිකුණාමලය, ලව්ලෙන්, අංක 1 දරන ලිපිනයෙහි පදිංච් ඔහු මෙම පැමිණිල්ල කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍ය, තිරිකුණාමලය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සහ කින්නියා ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව ය.

එහි ඔහු ‘2021-11-22 දින කින්නියා පාලම් පාරු අනතුර සිදු වු අවස්ථාවේදි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන මා  ජමාලියා පල්ලියේ ප්‍රධානියා සමග වාහනයක ගමන් ගන්මින් එකී සිද්දිය වීඩියෝ පටිගත කරමින් සිටියදී නාඳුනන තරුණයින් පිරිසක් මගේ රාජකාරිය‍ට බාධා කළා. එපමණක් නොව, මගේ බෙල්ල මිරිකමින් දුරකථනය උදුරා ගැනීමට උත්සාහ කළා. මගේ වාහනයට දරුණු විදියට පහර දුන්නා. මේ සියල්ල වුනේ පොලිසිය බලා ඉද්දි. එගොල්ලෝ මාව අත්හැරියේ මම හැඳුනුම්පත පෙන්නුවට පස්සෙ’ යනුවෙන් සඳහන් කර ඇත.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ පරිපාලන දුර්වලතා සහ දේශපාලන ප්‍රතිපත්ති මෙයට හේතු වී ඇති බවයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි මෙන්ම ඇසින් දුටු සාක්ෂිකරුවක් සිටින බවත් ඔහු සඳහන් කළේය.

එසේම, ඔහු මෙම පැමිණිල්ල හරහා ඉල්ලා සිටින්නේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කටයුතු කළ යුතු බවයි.

මාධ්‍යවේදී  රිෆායිදීන්

This post is also available in: English தமிழ்

More News

යතුරුපැදිය සහ ඇප මුදල ආපසු දෙන්න!

යතුරුපැදිය සහ ඇප මුදල ආපසු දෙන්න! මාධ...

Read More

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!...

Read More

අලුත් ව්‍යවස්ථාවක අභියෝග

අලුත් ව්‍යවස්ථාවක අභියෝග රටක මූලික ...

Read More