නිවාස ව්‍යාපෘතියෙන් සිදු වූ අසාධාරණයට විසඳුමක් දෙන්න!

නිවාස ව්‍යාපෘතියෙන් සිදු වූ අසාධාරණයට විසඳුමක් දෙන්න!

ලක්ෂ්මන් භවානන්දිනී (35) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ නිවාස ව්‍යාපෘතියක් නිසා තම මානව හිමිකම් කඩවු බවයි.

මණ්ඩපතඩි, කණ්ණන්කුඩා හි පදිංචි ඇය මෙම පැමිණිල්ල නර ඇත්තේ නිවාස අධිකාරිය සහ මණ්ඩපතඩි ග්‍රාම නිලධාරිනි දිව්‍යා යන අයට එරෙහිවයි.

එකී පැමිණිල්ලෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

මම විවාහ වී වසර 7ක් ගත වී ඇතත් ජීවත් වීමට නිවසක් නොමැති වීමේ අවාසනාවන්ත තත්ත්වයට පත්වෙලා. 2018 දී නිවාස ව්‍යාපෘතියක් (සැමට සරණ) බව පවසමින් ලබාදුන් මුදල් ගෙවා වසර 4ක් ගතවී ඇතත් අපට නිවසක් ලබා දීලා නැහැ. එහෙත් වෙනත් පුද්ගලයන්ට නිවාස ලබාදී ඇති බවද ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. තවද ණය අරගෙන බාගෙට වැඩ අවසන් කර තිබුනත් ඒ සම්බන්ධ ලේඛන නැහැ. මා ඇතුළුව  මෙවැනි පවුල් 17ක් ඉන්නවා. ඔවුන් ඉන්නේ ඔවුන්ගේ ඥාතීන්ගේ ගෙවල්වල.

ගමේ නිවාස ව්‍යාපෘතියට මුදල් ලබාගන්න ඕන. එවගේම මාර්ග ප්‍රතිසංස්කරණය කළ යුතුයි. නිවාස සම්බන්ධ ලේඛන ලබා දිය යුතු බව ද ඇය ඉල්ලි සිටී.

භවානන්දිනී මඩකලපුව

This post is also available in: English தமிழ்

More News

අලුත් ව්‍යවස්ථාවක අභියෝග

අලුත් ව්‍යවස්ථාවක අභියෝග රටක මූලික ...

Read More

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය අර්බුදය

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය අර...

Read More

වැලි බලපත්‍ර ප්‍රමාදයෙන් අපහසුතා අත්විඳින මහජනතාව !

වැලි බලපත්‍ර ප්‍රමාදයෙන් අපහසුතා...

Read More