තොරතුරු වෙත ප්රවේශය

තොරතුරු ප්රදර්ශක – ආණ්ඩුවේ ආයතන විශේෂයෙන් ද්විභාෂීය ප්රදේශවල සියලූම සංඥා පුවරු, වීදි නාම පුවරු හා නිල ලියවිලි භාෂා තුනෙන්ම තිබිය යුතු යයි පිළි ගන්නේ වුව ද භූමියේ යථාර්ථය වනුයේ ආණ්ඩුවේ ආයතන ගණනාවක්ම එවැනි නාම පුවරු ප්රදර්ශනය කරන්නේ හෝ නිල ලියවිලි භාෂා තුනෙන්ම සපයනු ලබන්නේ හෝ නැති බව ය. නිදසුන් ලෙස කොළඹ දිස්ති්රක්කයේ තිඹිරිගස්යාය හා කොටහේන ප්රාදේශීය ලේකම් කොට්ඨාස මෙම ප්රතිපත්තිය පිළිගත හැකි කවර හෝ ප්රමාණයකට කි්රයාත්මක නොකරයි. ප්රතිඵල වශයෙන් සිදු වන්නේ සුළුතර ප්රජාවේ ජන කොටස්වලට උප්පැන්න, මරණ හා විවාහ සහතික වැනි ඔවුන්ගේ සමහර ඉතාමත්ම අත්යවශ්ය ලියවිලි ඔවුන්ගේ නොවන භාෂාවකින් ලැබීම ය.

නිෂ්පාදන තොරතුරු- ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ උල්ලංඝනයන්:
භාවිතයේ දී භාෂා අයිතිවාසිකම්වල බරපතල උල්ලංඝනයන් සිදු කෙරෙන තවත් ක්ෂේත්රයක් පවතින්නේ ඖෂධ, උපකරණ හා අනෙකුත් බෙහෙත් වර්ග සියල්ලම වාගේ වර්තමානයේ ඉංගී්රසියෙන් පමණක් ලේබල්කර තිබෙන ඖෂධ කර්මාන්තය ඇතුළත ය. රටේ බහුතරය තනන සිංහල හා දමිළ පාරිභෝගිකයින්ට ඔවුන් ඖෂධ මිළ දී ගන්නා විට ප්රමාණයන්, ගන්නා මාත්රාවන්, අතුරු ආබාධ, වෙනත් විකල්ප වර්ග හෝ රෝගීන්ට හා සත්කාරකයින්ට අවශ්ය අදාළ වෙනත් තොරතුරු පිළිබඳ අදහසක් නොමැත. මෙහි දී විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර ආණ්ඩුවේ රෝහල්වල ඇතම් වෛද්යවරුන්, හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලත් දමිළ කතා නොකිරීම අපහසුතාව තවත් වැඩි කරයි. එහෙයින් ඒ වනවිටත් අනාරක්ෂිත, රෝගය හෝ තුවාල හේතු කොට ගෙන වේදනාවෙන් හා බියෙන් ඉන්නා පුද්ගලයෙකුට බෙහෙත් වර්ග පිළිබඳ අයෝග්ය තොරතුරු සමග කටයුතු කරන්නට සිදුවීම තවත් අභාග්යයක් වෙයි.

This post is also available in: English தமிழ்