බිය ගෙන දෙන මාර්ග අනතුරකට මැදි වූවා යයි ද මෙය ඔබේ මව්බිම වුවත් ඔබ ඔබේ ජීවිත කාලය පුරාම මේ රටේ ජීවත්ව තිබෙනවා වුවත් සහ ඔබේම භාෂාව මේ රටේ රාජ්ය භාෂාවක් වන්නේ වුවත් පොලීසිය විසින් ඔබ නොදත් භාෂාවකින් ඔබව ප්රශ්න කරනු ලැබී යයි ද සිතන්න. අනතුරුව සායනයකට යාම, වෛද්යවරයා ඔබට ප්රතිකාර කරන්න උත්සාහ කිරීම හා මෙය ඔබේ රටේ සියල්ලන් සඳහා යයි කියනු ලබන සෞඛ්ය සේවාවක් වුවත් ඔබට තේරුම්ගත නොහැකි භාෂාවකින් කතා කිරීම ගැනත් සිතන්න.
දිවයින පුරා වැදගත්කමක් තිබෙන කතන්දර අපි ඔබ වෙත ගෙන එමු. ශ්්රණිවලට එක්වන්නට හා වෙනසක් කරන්නට අපි ඔබට ආධාර කරමු. අප සමග ඔබ ඔබට දකින්ට වුවමනා වෙනස ගෙන එනු පිණිස අසාධාරණයට, ¥ෂණයට, දිළිඳුබවට හා නොඉවසීමට සහ මේ ජාතියේ සියලූ සමාජ ව්යාධීන්ට එරෙහිව සටන්වදිනවා ඇත.
ශ්‍රි ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව ශ්‍රි ලංකාවේ රාජ්ය භාෂවෙන්ට එනම් සිංහල හා දමිළ භාෂාවන්ට සමාන තැනක් දෙයි. කෙසේ වුව ද නීති ලිවීම හා ප්රචලිත කිරීම විශාල වශයෙන් කරගෙන ගොස් තිබෙන්නේ ඉංගී්රසියෙනි. එහෙයින් ශී්ර ලංකාවේ පුරවැසියන් ඔවුන්ට බලපාන නීති කියවා ගැනීමට අවස්ථාව නොලැබේ.
අනු කමිටු යනු ඔවුන් අවට සිදු වන්නේ කුමක් දැ යි පිළිබඳව උනන්දුවක් තිබෙන ඔබ වැනි ජනයාගේ ප්රාදේශීය ප්රජාවකි. ඔවුහු ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම්, ඔවුන්ගේ වටාපිටාව, ඔවුන්ගේ පාලනය, ඔවුන්ගේ ආර්ථිකයන් හා ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවයට බලපාන්නේ මොනවා ද ආදිය පිළිබඳව ඉගෙන ගැනීමට අතිශයින් උනන්දු වෙති. ඔවුන්ට වෙනසක් කරන්නට සමත් වෙන්නට වුවමනා ය. ඔවුන්ට මේ රටට සාධනීය වෙනසක් ඇති කරන්නට වුවමනා ය. ඔවුන්ට එහි අභියෝගයන්ට මුහුණ දෙන්නට හා ප්රතිඵලදායී පියවරක් ගන්නට වුවමනා ය.
වැඩි දුර කියවන්නඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම ...
පුරවැසියන් ඔවුන්ගේ පරිසරයට බලපාන භූ ...
ශිෂ්ටාචාරවත් ලෝකය මුළුල්ලෙහිම වඩා හො...
තරුණ ජනයා හෙට දවසේ නායකයෝ ය. ඔවුන් ඔවු...
එකි නෙකා අවබෝධකර ගැනීම හා අනෙක් සංස්ක...
ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සම තැන ලබා දී තිබෙන රාජ්‍ය භාෂා දෙකකි. ඒ සිංහල දෙමළ භාෂාවන් වේ. නමුත් සියලූ ම නීති සම්පාදනය වන්ජනේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. ඒ නිසා ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට තමන්ට බල පාන නීති පිළිබඳ අවබෝධයක් ලබා ගත නොහැකි ය. මෙම වෙබ් අඩවියෙන් පුරවැසියන්ට වැදගත් වන, පරිවර්තනය කරන ලද නීතී, පණත් සහ සියලූ ම නීතිමය ලේඛන ලබාගත හැකි ය.
පුරවැසියා – බිම් මට්ටමේ කතිකාව - 2 පුරවැසියා 02 - Sinhala - Final - Please Click Here to PDF Download ...
වැඩි දුර කියවන්නපරිසර අමාත්‍යාංශය ජනාධිපතිගේ විෂය ...
වැඩි දුර කියවන්න