ශී‍්‍ර ලංකාවේ භාෂා
අයිතිවාසිකම්

ඔබ දැන සිටියාද?

ශ්‍රි ලංකාවේ රාජ්ය භාෂා දෙකක් තිබෙන බව ඔබ දන්නෙහි ද?
හොඳයි, 74% ශී්ර ලාංකිකයින්ගෙන් 74% මෙම කාරණය දන්නේ නැත!

බිය ගෙන දෙන මාර්ග අනතුරකට මැදි වූවා යයි ද මෙය ඔබේ මව්බිම වුවත් ඔබ ඔබේ ජීවිත කාලය පුරාම මේ රටේ ජීවත්ව තිබෙනවා වුවත් සහ ඔබේම භාෂාව මේ රටේ රාජ්ය භාෂාවක් වන්නේ වුවත් පොලීසිය විසින් ඔබ නොදත් භාෂාවකින් ඔබව ප්රශ්න කරනු ලැබී යයි ද සිතන්න. අනතුරුව සායනයකට යාම, වෛද්යවරයා ඔබට ප්රතිකාර කරන්න උත්සාහ කිරීම හා මෙය ඔබේ රටේ සියල්ලන් සඳහා යයි කියනු ලබන සෞඛ්ය සේවාවක් වුවත් ඔබට තේරුම්ගත නොහැකි භාෂාවකින් කතා කිරීම ගැනත් සිතන්න. භාෂා සමානත්වයක් තිබේ නම් මෙවැනි සිදුවීම් මග හරවා ගත හැකි ය.

“කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්තී්ර පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය යනුවෙන් පවසයි.”

එහෙයින් භාෂා අයිතිවාසිකම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ, විශේෂයෙන් 13 වෙනි සංශෝධනයේ ඇතුළත් කර හා 1956 රාජ්ය භාෂා පනත, 1620/27 අති විශේෂ ගැසට් පත්රය, රාජ්ය පරිපාලන චක්රලේඛ වැනි ශී්ර ලංකාවේ අනෙකුත් නීති හා නෛතික සාධනපත්ර මගින් පිළිගෙන මූලික අයිතිවාසිකම් වේ. එසේම මෙම සාරධර්ම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සහාය වීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නමින් අමාත්යාංශයක් පවා පිහිටුවනු ලැබිණ. මෙම අමාත්යාංශය රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්ය භාෂා කොමිෂන් සභාව හා ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනය යන ඒවායේ ප්රධානත්වය දැරීය. මෙම සියලූ වැදගත් ආයතනවලට පැවරුණු බලය ශී්ර ලංකාව ගැටුමකින් තොරව සමාජ සංගතිය කරා යාමට නම් භාෂා බාධක ජය ගැනීම අවශ්ය ය යන්න පිළිගනියි.

සමගි සන්ධානය සඳහා භාෂා සමානත්වය අත්යවශ්ය ය!

ශ්‍රි ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙහි පිළිගන්නා ලද මූලික මානව අයිතියක් වූයේ “භාෂා අයිතීන්”.

12(2* වගන්තිය “කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්තී්ර පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය” මෙය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ 2 වෙනි වගන්තියට තරමක් සමාන ය. එය මෙසේ සඳහන් කරයි:

පුරවැසියන්ගේ භාෂාව හා සම්බන්ධ දුක්ගැනවිලි

ව්‍යාපෘති කාලය තුළ කර ගෙන යන ලද බොහෝ ක්ෂේත‍්‍ර සංචාර, සම්මුඛ සාකච්ඡුා හා අනෙකුත් පර්යේෂණවල දී අධ්‍යයනය කරන ලද පරිදි රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවන ලද රෙගුලාසි, නීති හා ආයතන සංඛ්‍යාව හා ඒවායේ දෘශ්‍යමාන බලය නොතකා භාෂා අයිතිවාසිකම්වලට අදාළ භූමියේ සැබෑ තත්ත්වය පැහැදිලි ලෙසම ඛේදනීය වන අතර පහතින් එන දෑ කෙරෙහි බරපතල ගැටළු ඇතිකර තිබේ:

This post is also available in: English தமிழ்

පරිපාලනය හා දෛනික ජීවිතය

ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට යන විට අයෙක...

තොරතුරු වෙත ප්රවේශය

තොරතුරු ප්රදර්ශක - ආණ්ඩුවේ ආයතන විශේෂ...

භාෂා අයිතින් පිළිබඳ නීති

පුරවැසියන්ගේ භාෂාව හා සම්බන්ධ දුක්ගැ...

අධ්යාපනය වෙත ප්රවේශය

ශී්ර ලංකාවේ රාජ්ය අධ්යාපන ක්රමයට යටත...

යුක්තිය වෙත ප්‍රවේශය

චූදිතයෙකුට අධිකරණ කි්රයාවලියේ කවර හෝ...

Read More About Language Rights

භාෂා සමානත්වය වර්ධනය කිරීමට ඔබට කළ හැක්කේ කුමක්ද?