වාර්ගික හේතුන් මත පැහැර ගනු ලබන තණබිම්!

වාර්ගික හේතුන් මත පැහැර ගනු ලබන තණබිම්!

ගවයින් සඳහා තණබිම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා මඩකලපුවේ ඩිලක්ෂලා තුරෙයිරත්නම් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇය මෙම පැමිණිල්ල කර ඇත්තේ බලපෑමට ලක් වු ඥාතියෙකු වෙනුවෙනි. ඊරක්කුලම සිත්තාණ්ඩි යන ලිපිනයෙහි පදිංචි ඩිලක්ෂලා මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෛ ප්‍රදේශයේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමුකර තිබේ.

සිය පැමිණිල්ල මගින් සිද්දිය විස්තර කර‍න ඇය,

‘ඉහත ප්‍රදේශය ගොවිපොළවල් පවත්වා ගෙන යන අයගේ ‍ගවයන් සඳහා වෙන්කර තිබෙනවා. නමුත් වෙනත් දිස්ත්‍රික්කවල පදිංචි අය මෙහි අඛණ්ඩව වගා කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් පසු බලයෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන බවට සහතික වුන ද,  නැවතත් බලහත්කාරයෙන් එම ප්‍රදේශයට ඇතුළු වෙනවා”යැයි කියා සිටී.

2009 සිට මෙම උල්ලංඝනය සිදුවන බවද ඇය පෙන්වා දුන්නා ය. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටින බවත් ඊරක්කුලම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එවැනි සාක්කිකරුවෙක් බවත් ඇය පවසයි.

2022 මාර්තු 15 දිනැති ඇයගේ පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වන්නේ ජාතිය සහ පරිපාලන දුර්වලතා නිසා මෙම මානව හිමිකම් කඩවීම් දිගටම සිදුවන බවයි.

එහි බලය යොදා ගනිමින් කිසියම් ක‍ටයුත්තක් නොකළ යුතු බවට අධිකරණය ප්‍රකාශ කර තිබියදීත්, මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීම හෙළා දැකිය යුතු කරුණක් වන අතර එය අධිකරණ නියෝගය කඩකිරීමක් බවත් වින්දිතයන් නෙරෙහි තවදුරටත් මර්දනයක් මුදා හැරීමකි.

එබැවින් කඩිනමින් මැදිහත් වී යුක්තිය ඉටු කරන ලෙස ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි.

මෙම සිද්ධියට ජාතිය හේතුවක් වූ බවත්, ජාතියකට එරෙහිව මර්දනය සහ බලය යෙදවීමක් ලෙස සැලකීමට සිදුවන බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත. ජාතියක් ඉලක්ක කරගනිමින් රට තුළ සිදුවන පීඩනය සහ මර්දනය අනිවාර්යයෙන්ම මානව හිමිකම් කඩකිරීමකි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තෘණ ඉඩම් ගැටලුවට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් ඉල්ලා සිටී.

මඩකලපුව ඩිලක්ෂලා

This post is also available in: English தமிழ்