තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කරීම!

තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කරීම!

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත භාවිත කිරීමට බාධා එල්ලවන බව පවසමින් තිරිකුණාමලයේ වෙසෙන කේ. සූරියකුමාරි (45) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

චීනකුඩා, දෙමළ පාසල් වීදිය, 39/8 ලිපිනයෙහි පදිංචි ඇය විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ පසුගිය 2021දෙසැම්බර් මස 19 වන දින තෙන්නමරවාඩි ගම්මානයේ සිදුවු මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් මුල් කර ගනිමින්.

තිරිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවෙලි ප්‍රාදේශීය සභාව ඇතුළු කුච්චවෙලි පොලිස් බව ප්‍රදේශයට එරෙහිව කර ඇති මෙම පැමිණිල්ලෙ හි,

‘කුච්චවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙන්නමරවාඩි ගම්මානය සම්බන්ධයෙන් තොරතුරක් ලබා ගන්න ගිය අවස්ථාවේ පොලිසිය මැදිහත් වී බාධා කළ නිසා මට තොරතුර ලබා ගන්න බැරි වුනා.’ යැයි සඳහන්.

එසේ තොරතුරු ලබා ගැනීම වළක්වාලීමට හේතුව වාර්ගික මෙන්ම භාෂාමය වෙනස්කොට සැලකීම බව ඇය  පෙන්වා දෙයි.

වර්තමානයේ මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව අවම මට්ටක පවතින බවත්, බලධාරින් සැලසුම් සහගතව ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමට බාධා කරන බවත් ඇය වැඩිදුරටත් කරයි.

තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කරන විට බලධාරීන් ඊට එරෙහිව විවිධ පියවර ගනිමින් සිටී. මෙය මානව හිම්කම් කඩ කිරීමක් වන අකර ජනතාවට ද එරෙහිව කටයුතු කිරීමකි.

මාධ්‍යවේදිනි සූරියකුමාරි

This post is also available in: English தமிழ்