අදක්ෂ පරිපාලනය හේතුවෙන් සිදුවන හිරිහැර!

අදක්ෂ පරිපාලනය හේතුවෙන් සිදුවන හිරිහැර!

පරිපාලනය නොදන්නා අදක්ෂ උසස් නිලධාරියෙකුගේ කටයුතු හේතුවෙන් තමන් ගැටළුවලට මුහුණ පා සිටින බව පවසා මඩකලපුවේ පදිංච් මාධ්‍යවේදිනියක වන ක්‍රිෂිකා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

මඩකලපුව, නාවට්කුඩා, කනකුපිල්ලේ පාරේ පදිංචි 23 හැවිරිදි ඇය IBC දෙමළ මාධ්‍යයේ ආයතනයේ සේවය කරමින් සිටී.

ඇය මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ එම ආයතනයේ සේවය කරන විධායක නිලධාරිනියක වන එස්.දරණිකා යන අයට එරෙහිවය.

ක්‍රිෂිකා සිය පැමිණිල්ලෙහි “එම බලධාරියා කාර්ය මණ්ඩලය ගරු කරන්නේ නැහැ. නිදහසේ වැඩ කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ. ඇයට සෙසු සේවකයින් සමඟ කතාබහ කරන්න තේරෙන්නේ නැහැ. හැම දේටම අනවශ්‍ය පීඩනයක් එල්ල කරනවා. කෙටියෙන් කිවහොත් සේවකයින්ට සලකන්නෙ සත්තුන්ට වගේ. මේ කරුණු තහවුරු කිරීමට කාර්ය මණ්ඩලය සමඟ කතා කරන්න. ඔවුන් එහි වැඩ කරන්නේ දැඩි කලකිරීමකින්” බව කර ඇත.

2015 වසරේ සිට මේ දක්වා IBC දෙමළ සේවයේ මෙම මානව හිමිකම් කඩවීම සිදුවන බව පැවසු ඇය තවදුරටත් කියා සිටියේ පරිපාලන ඇනුමේ ඌණතාව සහ නොදැනුවත්කම මෙයට හේතු වී ඇති බවයි.

සේවකයින් මේ සම්බන්ධයෙන් කතා නොකර නිහඬව සිටින්නේ ඹවුන්ගේ රැකියා‍ව අහිමි වනු ඇතැයි යන බියෙනි. එය පවුල් ජීවිතයට ද බලපාන බැවින් ඹවුන් එසේ කිරීයෙන් වැළකි සිටිති.

මෙම පැමිණිල්ල කරමින් ඇය ඉල්ලා සිටින්නේ නිදහසේ වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස ය.

මාධ්‍යවේදී ක්‍රිෂිකා

This post is also available in: English தமிழ்