භාෂා ප්‍රශ්නය නිසා අසාධාරණයට ලක්වන අහිංසක ජනතාව!

භාෂා ප්‍රශ්නය නිසා අසාධාරණයට ලක්වන අහිංසක ජනතාව!

එඬේරෙකුට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කිරීමේදී සිදුවී ඇති මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව මාධ්‍යවේදී ආර්.ජීවගන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානයට යොමුකර තිබේ.

මන්නාරම, අඩම්පන්, ආණ්ඩාංකුලම ලිපිනයෙහි පදිංචි මාධ්‍යවේදී ආර්. ජීවගන් (32) පසුගිය 2022 මාර්තු 6 වැනි දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇත.

වනජීවී දෙපාර්තමේන්තුට අයත් භූමිය තුළ ගවයින් ඇතුලූ කළ බව පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පසුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, එම දෙපාර්තමේන්තුට අයත් ඉඩමෙහි ඇති ගස් කැපීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ගොනුකර ඔහුගේ මානව හිමිකම් කඩ කළ බව ඔහු සඳහන් කළේ ය.

වන සම්පත් දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. පැමිණිල්ලේ සඳහන් වන පරිදි මෙය සිදුව ඇත්තේ 2022 පෙබරවාරි 06 වැනි දා සිරුනාවට්කුලම් ප්‍රදේශයේ දී ය.

භාෂාව සහ පරිපාලන දුර්වලතා මෙවැනි සිදුවීම්වලට හේතු වන බව මහු පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත්, මන්නාරම ප්‍රදේශයේ මෙවැනි සිදුවීම් වැඩි වශයෙන් සිදුවන බවත්, එමගින් අහිංසක සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන බවත්, විශේෂයෙන්ම අහිංසක සිවිල් වැසියන්ගෙන් කප්පම් ගැනීමේ අරමුණින් බොහෝ පිරිස් මෙවැනි ක්‍රියාවල නිරත වන බවත් ඔහු අවධාරණය කළේ ය.

පසුගිය වසර හතක් තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ජීවගන් කියා සිටියේ, ඇතැම් රාජ්‍ය නිලධාරීන් අහිංසක සිවිල් වැසියන්ගෙන් පළිගැනීමේ අරමුණින් මෙලෙස ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බවයි.

තවද, මෙවැනි මානව හිමිකම් කඩවීම් පිළිබඳව දැන සිටියත් ඒවා ප්‍රසිද්ධියට පත් නළ නොහැකි තත්ත්වයක් පවතින බවත්, එසේ වුවහොත් වින්දිතයන් පිළිබඳව දැනගනිමින් ඔවුන්ව තවදුරටත් මර්දනයට, පළිගැනීම්වලට සහ බියවැද්දීම්වලට ලක්කරන බව මහු පවසයි. භාෂා ගැටලු හේතුවෙන් බොහෝ දෙනෙකුට තමන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි බව පැවසු ඔහු, මහජනතාවට සිදුවන මෙවැනි අසාධාරණයන් අණාවරනය කරන මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වන බව සඳහන් කළේ ය. විශේෂයෙන්ම වැලි ගොඩදැමීම් සහ වන විනාශය පිළිබඳ පුවත් මහ ජනයාට සමීප කිරීමේදී මෙවැනි ගැටලු මතුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව නිසි පියවර ගත යුතු බවත්, මහජනතාවට සිදුවන මෙවැනි අසාධාරණයන් සම්බන්ධයෙන් මැදිහත් වී යුක්තිය පසිඳලීමට කටයුතු කළ යුතු බවත් ඔහු ඉල්ලා සිටියේය.

– මාධ්‍යවේදී ආර් ජීවගන්

This post is also available in: English தமிழ்

More News

රාජකාරියට බාධා කරන පොලිස් බලධාරීන්!

රාජකාරියට බාධා කරන පොලිස් බලධාරීන්! ...

Read More

හමුදා බුද්ධි නිලධාරින් මගේ නිදහස උදුරා ගනී!

හමුදා බුද්ධි නිලධාරින් මගේ නිදහස උදු...

Read More

මානව හිමිකම් අරුත, සුලමුල සහ විකාශනය 1 කොටස

[caption id="attachment_9367" align="alignleft" width="660"] ඉරිදා 19.06.2016[/caption]...

Read More