නංගිගෙ මඟුල් දවසේ පොලිසියෙන් සිදුවු හිරිහැරය!

නංගිගෙ මඟුල් දවසේ පොලිසියෙන් සිදුවු හිරිහැරය!

මඩකලපුවේ වෙසෙන එල්.භවානන්දිනී (35) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ සිය සොහොයුරියගේ විවාහ දවසේ වවුනතිව් පොලිසියේ නිලධාරීන් තමන්ට බාධා කළ බවයි.

මණ්ඩපතඩි, කණ්ණන්කුඩා හි පදිංචි ඇය මෙම පැමිණිල්ල නර ඇත්තේ වව්නතිව් පොලිසියට එරෙහිවයි.

ඇය සිය පැමිණිල්ල මගින්,

‘මගේ සහෝදරියගේ විවාහ උත්සවය පැවැත්වුනේ 2020.11.26 වැනි දා. අපි ඒ වෙනුවෙන් මඩුවක් හදමින් හිටියා. අපි මහවිරු දිනය නිමිතිකොටගෙන මඩුවක් සාදන බවට හිතු පොලිසිය අපව පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කළා. පහුවදා ග්‍රාම නිලධාරී, සෞඛ්‍ය නිලධාරී වැනි අයගේ ලේඛන පරීක්ෂා කිරීමෙන් පස්සේ අපව මුදා හැරියා’. යනුවෙන් කර ඇත.

ඉදිරියේ දී එවැනි අපහසුතාවක් ඇති නොවීමට පියවර ගන්නා ලෙස ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.

භවානන්දිනී මඩකලපුව

This post is also available in: English தமிழ்