යුක්තිය ඉටුකර වන්දි ලබා දෙන්න!

යුක්තිය ඉටුකර වන්දි ලබා දෙන්න!

මරණීය තර්ජන එල්ල කර දේපළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම මෙතෙක් විමර්ශනයක් සිදු කර නොමැති බව පවසමින් ජයලක්ෂ්මන් මහතා (36) මහතා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කිලිනොච්චිය, අම්බාල්කුලම්, කනකේන්ද්‍රන් ජනපදය යන ලිපිනයෙ හි පදිංචි ඔහු එම පැමිණිල්ලක් කර ඇත්තේ කිලිනොච්චිය පොලිසියට සහ කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිවය.

සිද්ධියක් සම්බන්ධයෙන් තමාට මරණීය තර්ජන එල්ල කර පිහියක් සහ පොලු මුගුරු පෙන්වා එළවා දමා තම බඩු බාහිරාදිය සොරකම් කර ඇති බව ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. පැමිණිල්ල ගොනු කර ඇත්තේ 2021 ඔක්තෝබර් 19 වැනිදා ය. මෙම මානව හිමිකම් කඩවීමේ සිද්ධිය කිලිනොච්චි සහ අම්බාල්කුලම් හි සිදුවූ බව පෙන්වා දෙන ඔහු  ඇසින් දුටු සාක්ෂිකරුවන්  තිදෙනෙකු පිළිබඳ කරුණු දක්වා ඇත. ලේඛන සාක්ෂිය වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ පොලිස් පැමිණිල්ල ය. මේ සම්බක්ධ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇතත් මෙතෙක් විමර්ශනයක් කර නොමැති බව එහි දැකිවේ.

ජයලක්ෂ්මන් මහතා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගොස් විසඳුමක් ලබා දෙන ලෙසයි.

2022 මාර්තු 07 වැනිදා එම ඉල්ලීම පැමිණිල්ලක් ලෙස ගොනු කර ඇත.

ජයලක්ෂ්මන්

This post is also available in: English தமிழ்

More News

සුළං විදුලි කුළුණු හේතුවෙන් ධීවරයන්ගේ ජීවනෝපායට බාධා!

සුළං විදුලි කුළුණු හේතුවෙන් ධීවරයන්ග...

Read More

ශ්‍රී ලංකාවේ ජලය ආශ්‍රිත ගැටුම් සීඝ්‍රයෙන් හඳුනා ගැනීම

ශ්‍රී ලංකාවේ ජලය ආශ්‍රිත ගැටුම් ස�...

Read More

මැතිවරණ ක්‍රමයේත් වෙනසක් අවශ්‍යයි

  මැතිවරණ ක්‍රමයේත් වෙනසක් අවශ්...

Read More