සුළං විදුලි කුළුණු හේතුවෙන් ධීවරයන්ගේ ජීවනෝපායට බාධා!

සුළං විදුලි කුළුණු හේතුවෙන් ධීවරයන්ගේ ජීවනෝපායට බාධා!

මාධ්‍යවේදී එන්. යූ. පොලිස්ටර් බච්චේක් මහතා විසින් සුළං මෝල සවි කිරීම නිසා ධීවරයින්ට තම ජීවනෝපාය අහිමිවීමේ ගැටලුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානයට යොමු කරනු ලැබ ඇත.

මන්නාරම, පේසාලේ, 8 වැනි කොටසෙහි පදිංචි මාධ්‍යවේදී පොලිස්ටර් බච්චේක් මහතා ඉකුත් 2022 මාර්තු 06 වන දින මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පුනර්ජනනීය බලශක්ති, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට එරෙහිවය.

මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝට්ටවෙලි සිට නඩුක්කුඩා දක්වා වු මුහුදු තීරයේ සුළං විදුලි කුළුණු 32ක් ස්ථාපිත කර ඇති අතර, එමනිසා එම ප්‍රදේශයේ සෘතුමය ධීවර කර්මාන්තයේ නිරත වූ ප්‍රදේශයේ ධීවරයින්ට ජීවනෝපාය අහිමි වී ඇත. මත්ස්‍ය ගහනය අඩුවීම නිසා ධීවරයින්ට සිය ජීවනෝපාය අහිමි වී ඇති බව ඔහු සිය පැමිණිල්ලෙහි සඳහන් කළේය. කවද, මෙම සුළං විදුලි බලාගාරය ඉදිකිරීමෙන් ධීවරයින්ට බලපෑම් එල්ලවන බව පෙන්වා දුන්නද බලහත්කාරයෙන් ඉදිකිරීම් කළ බව පවසන ඔහු, තවත් බොහෝ සුළං උත්පාදක යන්ත්‍ර ස්ථාපිත කිරීමට ඇති බැවින් ජනතාව එයට අප්‍රසාදය පළ කර ඇතැයි ද පැමිණිල්ලේ පැහැදිලිව දක්වා ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාවට නැගුණු 2015 වසරේ සිට එය විවෘත කිරීමේ උත්සවය පැවති 2021 දක්වා වු කාල පරාසය මානව හිමිකම් කඩ වූ කාල පරිච්ඡේදයක් ලෙස සඳහන් කරන බච්චේක් මහතා ප්‍රදේශයේ ජනතාව සහ රජයේ නිලධාරීන් ඇසින් දුටු සාක්ෂිකරුවන් වශයෙන් දක්වා ඇත.

මෙම ව්‍යාපෘතිය නතර කරන ලෙස ජනතාව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත් එම ඉල්ලීම සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබේ.

මෙවැනි වතාවරණයක් තුළ සුළං විදුලි බලාගාර ඉදිකිරීමෙන් වැළකි ධීවරයින්ගේ ජීවනෝපාය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස බලපෑමට පත් ජනතාව වෙනුවෙන් පොලිස්ටර් බච්චේක් මහතා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.

ජනතාවගේ ජීවනෝපායට බලපාන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මගින් ඔහුන්ගේ මානව හිමිකම් කඩ වන්නේ ය. ඒවගේම එවැනි බලපෑමක් එල්ල වෙද්දි එකී ජනතාවගේ ජීවනෝපාය ගැන සැලකිලිමත් නොවී ක්‍රියා කිරීමත් එක්තරා විදියකට ඹවුන්ට කරන ලොකුම අසාධාරණයකි. ඒ බව අවබෝධ කරගනිමින් ජනතාව වෙනුවෙන් හඬක් නගන මාධ්‍යවේදි පොලිස්ටර් බච්චේක් මහතා මෙම ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සාධාරණයක් ඉටුකිරීමේ අපේක්ෂාවෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

මාධාවේදී එන්. යූ. පොලිස්ටර් බච්චේක්

This post is also available in: English தமிழ்