පරිසර

පුරවැසියන් ඔවුන්ගේ පරිසරයට බලපාන භූ දේශපාලන බලවේග අවබෝධකර ගැනීම හා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ආණ්ඩු නියාමනය කිරීමෙහි හා වගවීමෙහි රඳවා ගැනීම අවශ්‍ය ය. පරිසර යුක්තිය මානව හිමිකම්වල වෙන් කළ නොහැකි කොටසක් ලෙස දිරි ගැන්විය යුතු ය.

“අවසන් ගස කපා දමනු ලැබූ විටෙක , අවසන් මාළුවා මරා ගනු ලැබූ විටක හා අවසන් ග`ගට වස දමනු ලැබූ විටක, එවිට ඔබට මුදල් කන්නට නොහැකි බව දක්නට ලැබෙනු ඇත.”
― නායක සියැට්ල්

පරිසර අනු කමිටුවල අරමුණ

  1. කෘෂිකර්ම, සත්ව පාලන හා ධීවර ව්‍යාපෘතිවල ප‍්‍රගතියේ චිරස්ථායීභාවය පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීම.
  2. යෝග්‍ය කෘෂිකාර්මික ක‍්‍රමවේදයන්ට අවධානය යෙදීම.
  3. කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි හානිකර අතුරු ප‍්‍රතිවිපාක අඩුකරමින් හා විකල්ප හඳුනා ගනිමින් කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීම.
  4. දේශීය ඖෂධ ශාක, අවේණික බීජ හා ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම.
  5. පතල් හෑරීම, වැලි ගොඩ දැමීම, කසල ඉවතලීම, කැලෑ ගිනි තැබීම හා කැපීම පිළිබඳ අවධානයෙන් සිටිමින් පරිසරය ආරක්ෂා කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
  6. ගමේ පරිසර යුක්තිය නියාමනය කිරීම හා සහතික කිරීම ය.

This post is also available in: English தமிழ்