නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ වත්මන් සාකච්චා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ වත්මන්  සාකච්චා කිරීමේ රැස්වීමක් අද කොළඹ රේණුකකා හෝටලයේදී පැවත් විණි. මෙම අවස්ථාවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්දිරන්, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥ ශිරාල් ලක්තිලක, සහ නීතිඥ නිසාම් කාරියප්පර් යන විද්වතුහු අදහස් දැක්වුහ. ‘නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීම් කමිටුවේ’ සභාපති ලාල් විජේනායක මහතා ද මේ  සහභාගී වූ අතර තවත් සිවිල් ක්‍රියාධරයින් සහ විද්වතුන් බොහෝ පිරිසක් සහභාගී විය. මෙම සංවාදය ව්‍යවස්ථා වෙනසකට  ප්‍රයත්නය සංවිධානය කළ අතර සංවාදය මෙහෙයවනු ලැබුවේ ලයනල් ගුරුගේ මහතාය.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කඩිනම්  කර  ගන්නා ආකාරයත්, ව්‍යවස්ථාවේ අන්තර්ගතය වඩාත් යහපත්  අයුරින් සකස්  කර ගැනීම සඳහා සිවිල් සමාජයේ වගකීම කුමක්ද  යනාදී කරුණු කරණා  බොහොමයක් මෙහෙදී සාකච්චා කෙරුණි.