ප්‍රදේශයේ සීමා නිර්ණය නිසා මානව හිමිකම් කඩවීම් සිදුවෙලා!

ප්‍රදේශයේ සීමා නිර්ණය නිසා මානව හිමිකම් කඩවීම් සිදුවෙලා!

ප්‍රදේශයේ සීමා නිර්ණය කිරීම හේතුවෙන් ජනතාවට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් පී.සතීසන් මහතා  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වව්නියාව, නෙළුකුලම්, පුදෛයල්පිටිය, අංක 225/3A යන ලිපිනයේ පදිංචි සතීසන් යන අය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වන සම්පත් දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව යි. 2021 නොවැම්බර් 26 වැනිදා වවුනියාව කට්කුලම් ප්‍රදේශයේදී මානව හිමිකම් කඩවීම සිදුවූ බව ඔහු පවසා ඇත.

ඹවු තවදුරටත් පවසා ඇත්තේ පරිපාලන දුර්වලතා හේතුවෙන් මෙය සිදුව ඇති බවයි.

වවුනියාවේ කට්කුලම්-2 ගම්මානයේ පදිංචිකරුවන් වවුනියාව දිස්ත්‍රික්කට අයත් මායිම තුළ ජීවත් වු බවත්, මේ වන විට සීමා නිර්ණය කර ඇති බැවින් ඔවුන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්වන බවත් පෙන්වා දෙන සතීසන් මහකා ඹවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට කිලෝමීටර් ගණනාවක් පසුකර යාමට සිදුවී ඇකි බව ද සිය පැමිණිල්ලහි දක්වා ඇත.

ඒ අනුව, බලපෑමට පත් ජනතාව වෙනුවෙන් ඔහු මෙම පැමිණිල්ල හරහා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ එම ජනතාව වවුනියාව දිස්ත්‍රික්කයට ඇතුළත් කිරීටය පිටවර ගන්නා ලෙස ය.

පරිපාලන දුර්වලතාව හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවන්ට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි.

පී.සතීසන්

This post is also available in: English தமிழ்

More News

කම්කරු නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධව කරනු ලබන පැමිණිල්ල

කම්කරු නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධව ...

Read More

2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත 2003-44_ සි

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධ...

Read More

තොරතුරු ලබා ගැනීමේ ආකෘතිය

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය PDF link...

Read More