මුහුණු පොතෙහි මහවිරු දිනය පිළිබඳ සටහනක් තැබූ මාධ්‍යවේදීන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට!

මුහුණු පොතෙහි මහවිරු දිනය පිළිබඳ සටහනක් තැබූ මාධ්‍යවේදීන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට!

මඩකලපුව මාධ්‍යවේදී දේව අදීරන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මුහුණු පොතෙහි මහවිරු දිනය සම්බන්ධ සටහනක් තැබීම හේතුවෙන් සහෝදර මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසමිනි.

මෙලෙස අත්අඩංගුවට පත් පළමුවැන්නා චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි කණපතිපිල්ලේ මොහාන් බව පැවසු ඔහු, තවදුරටත් කියා සිටියේ රඳවාගෙන සිටින අතර ඔහුට එරෙහිව විමර්ශන ආරම්භ කර නැති බවයි. දෙවැන්නා කින්නයඩි වාලච්චේනෛ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුට එරෙහිව නඩු පවරා ඇප ලබාදී ඇති බවත් එකී පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.

අදිරන් සිය පැමිණිල්ලෙහි තවදුරටත් සඳහන් කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය සහ එහි නායකයා පිළිබඳ තොරතුරු මුහුණු පොතේ පළ කිරීම සහ කොටි සංවිධානය නැවත පණගැන්වීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබීම යන චෝදනා මත ඔහුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ජාතිය සහ භාෂාව මෙයට භේතු වී ඇති බවත්, පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව තමන් මෙම පැමිණිල්ල කළ  බවත් ඔහු පවසයි.

ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට පියවර ගැනීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමයි.

මාධ්‍යවේදී දේව අදිරන්

This post is also available in: English தமிழ்