නීතිවිරෝධී වැලි ගොඩදැමීම සම්බන්ධ පැමිණිල්ල මෙතෙක් විමර්ශනය කර නැත!

නීතිවිරෝධී වැලි ගොඩදැමීම සම්බන්ධ පැමිණිල්ල මෙතෙක් විමර්ශනය කර නැත!

නීතිවිරෝධී ලෙස සිදු කළ වැලි ගොඩදැමීම සම්බන්ධ පැමිණිල්ල ගැන මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවට පවසමින් මාධ්‍යවේදී සුබ්‍රමනියම් බාස්කරන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කිලිනොච්චිය, මුරසුමෝට්ටෛ, පරණ  නුවර පාර, 3 වැනි කොටසෙහි පදිංචි බාස්කරන් (47) විසින් කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපකි හා විවිධ පැමිණිලි අංශයට එරෙහිව එම පැමිණිල්ලක් සිදු කරනු ලැබ ඇත.

2022 ජනවාරි 28 සහ මාර්තු 3 යන දිනවල මානව හිමිකම් කඩවීම් සිදුවූ බව පෙන්වා දෙන ඔහු එයට හේතුව සිදු කළ ප්‍රවෘත්ති වාර්තාකරණය බව කියා සිටී.

පටිගත කර ලද දුරකථන සංවාදය ඇසින් දුටු සාක්ෂිය වශයෙන් ඉදිරිපත් කර ඇත.

2022 ජනවාරි 28 සහ 2022 මාර්තු 03 යන දිනවලදී අනවසරෙන් වැලි ගොඩදමමින් සිටි පුද්ගලයකු විසින් තමන්ට තර්ජනය කළ බව බවසන ඔහු, එහිදි යොදා ගෙන තිබූ  ටිපර් රථය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අවස්ථා දෙකකදී පැමිණිලි කළ නමුත් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් සිදුවී නොමැති බව සඳහන් කර ඇත.

ප්‍රදේශය භාර පොලිස් බලධාරීන් එම ප්‍රදේශයේ සිදුවෙමින් තිබෙන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි. එමෙන්ම මෙවැනි නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව සොයා බලා වාර්තා කරන මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව ද තර්ජනයට ලක්වන අතර ඹවුහු නීතිවිරෝධී කටයුතුවල යෙදෙන කල්ලිවල ඉලක්ක බවට ද පත්වෙති. මෙය ඔවුන්ගේ ජීවිත හා දේපළවලට තර්ජනයක් වන අතර ඔවුන්ගේ පවුල්වල අයගේ ආරක්ෂාව ද අර්බුදයට ලක් කරයි.

වින්දිතයින් පවසන්නේ මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී එල්ලවන තර්ජන සහ බිය ගැන්වීම් හමුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. මානව හිමිකම් කොමිසම කඩිනමින් මැදිහත් විය යුතු බව ද ඔවුන්ගේ ඉල්ලීම විය.

ආරක්‍ෂක අංශ පරිසරයට විශාල හානියක් සිදු කරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වගකීමෙන් කොරව කටයුතු කිරීම එම ක්‍රියාවලට අනුබල දීමකි. මාධ්‍යය සහ ජනතාව යුක්තිය වෙනුවෙන් පෙනී සිටින විට නීතිය හා සාමය ආරක්ෂා කළ යුතු ආරක්ෂක අංෂ අයුක්තිය වෙනුවෙන් හිස නැමීම කණගාටුදායක බව පෙන්වා දෙනු ලැබේ.

මෙම නීතිවිරෝධී කටයුත්ත සම්බන්ධයෙන් සාක්ෂි සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් පොලිසිය නිසි පියවර නොගැනීම හෙළා දැකිය යුතු බවද පැමිණිලිකරු බවසයි.

මාධ්‍යවේදී සුබ්‍රමනියම් බාස්කරන්

This post is also available in: English தமிழ்