හමුදා බුද්ධි නිලධාරින් මගේ නිදහස උදුරා ගනී!

හමුදා බුද්ධි නිලධාරින් මගේ නිදහස උදුරා ගනී!

තමන් කොහේ ගියත් යුද හමුදා බුද්ධි නිලධාරින් තමන්ව ලුහුබඳිමින් ඡායාරූප ගන්න බව පවසමින් මඩකලපුවේ වෙසෙන කේ. සදාසිවම් මහතා (80) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

බුද්ධි නිලධාරීන් එසේ ක්‍රියා කිරීම නිසා තමන්ට නිදහසේ කටයුතු කිරීමට නොහැකි වී ඇති බව ඔහු පවසයි.

මඩකලපුව, තාමරෛකේණි පාර, අංක 9 හි පදිංචිව ඔහු මෙම පැමිණිල්ලක් කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිවය.

දෙමළ ජාතිකයකු වීමේ එකම හේතුව මත තමා දිගින් දිගටම මෙම පීඩාවට මුහුණ දෙන බව පැවසු ඔහු, වැඩිදුරටත් මෙසේ පවසා සිටී.

‘මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කුමන හෝ දේශපාලන උත්සවයකට ගියත් බුද්ධි නිලධාරීන් මාව ලුහුබඳිමින් ඡායාරූප ගන්නවා. මේක මගේ නිදහසට බාධාවක්. මට මගේ වැඩ සීමා කරන්න සිද්ධ වෙලා. නිදහසේ ගමන් බිමන් යන්න බැරිවෙලා. එම නිසා මං ඉන්නේ මට මොනවා හරි වෙයි කියන බයෙන්’.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගතයුතු යැයි ඔහු ඉල්ලා සිටියේ ය.

මඩකලපුව සදාසිවම්

This post is also available in: English தமிழ்