සමාජ සේවයේදී පිරිමින්ගෙන් හිරිහැර ආරක්ෂාව ලබා දෙන්න!

සමාජ සේවයේදී පිරිමින්ගෙන් හිරිහැර ආරක්ෂාව ලබා දෙන්න!

සමාජ සේවයේ නිරත කාන්තාවක් වීම නිසා ගැටලුවලට මුහුණ දෙන බව පවසමින් මඩකලපුවේ අරුලානන්දම් ගංගා (29) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

කරවෙට්ටි, නාවර්කාඩු ප්‍රදේශයේ පදිංචි ගංගා මහත්මිය පෙන්වා දෙන්නේ තමන් යනෙන සෑම ස්ථානයකදීම තම මානව හිමිකම් පිරිමින් විසින් කඩ කරනු ලබන බවයි.

ඇය සිය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කළේ,

මම වැඩ කරන සමාජයේ මට ගොඩක් ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් වශයෙන්, දුරකථන මගින් නොගැලපෙන වචන පිට කරනවා. සමාජයේ වැඩවල නිරත වෙද්දි සමහර පිරිමින් විවිධ ගැටලු ඇති කරනවා සහ කාන්තාවක් තනිව ගමන් බිමන් යන්න ආරක්ෂාවක් නැති බව ද ඇය පවසයි.

තමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත. මානව හිමිකම් කඩ වු දිනය ලෙස ඇය සඳහන් කර ඇත්තේ 2022.02.10.

ගංගා මඩකලපුව

This post is also available in: English தமிழ்