දිගින් දිගටම සිදු කරන තර්ජන සහ බිය ගැන්වීම් නිසා මාධ්‍ය කටයුතු නිදහසේ කිරීමට නොහැකි වීම

දිගින් දිගටම සිදු කරන තර්ජන සහ බිය ගැන්වීම් නිසා මාධ්‍ය කටයුතු නිදහසේ කිරීමට නොහැකි වීම.

අපක්ෂපාතී පුවත් පළකිරීම හේතුවෙන් තමන් නිරන්තරයෙන් තර්ජනවලට ලක් වන බව පවසමින් මඩකලපුව දිස්ත්‍රික් මාධ්‍යවේදි වී. ශක්තිවේල් මහතා (40) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

වෙන වෙනම පැමිණිලි හතරක් ගොනු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදින්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස යි.

මඩකලපුව, කළුදාවලෛ, වන්නියර් පාර යන ලිපිනයේ පදිංචි ශක්තිවේල් මහතා සිය පළමු පැමිණිල්ලේ සඳහන් නර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු තමන්ට තර්ජනය කළ බවයි.

එම සිදුවීම විග්‍රහ කරමින් ඔහු කියා සිටියේ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මට දුරකථනයෙන් කතා කරලා, මම ඔහු ගැන ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවා කියලත් අන් අයගෙන් ඔහු ගැන විමසනවා කියලත් මට තර්ජනය කළා.’ යනුවෙනි.

ඔහු දෙවන පැමිණිල්ල ගොනු කර ඇත්තේ හිටපු දිසාපත් පී.එම්.එස්. චාල්ස්ට එරෙහිව යි. දිසාපතිවරයාට විරුද්ධව වෙබ් අඩවිවල අසත්‍ය ප්‍රවෘත්ති පළවීම හේතුවෙන්, ඒවා මා විසින් පළකරන ලද්දක් බවට ඔහු මඩකලපුව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබුණා. එම නිසා පොලිසිය මගෙන් ප්‍රශ්න කළා යැයි ඔහු එහි සඳහන් කර ඇත. මෙම සිද්ධිය සිදුවුයේ 2016 දී ය.

තුන්වන පැමිණිල්ලෙහි ඔහු කියා සිටියේ ‘ මඩකලපුව මාධ්‍ය මධ්‍යස්ථානය මට විරුද්ධව මගේ ඡායාරූපය ඇතුළත් අත්පත්‍රිකාවකින් මට තර්ජනය කළා’ යනුවෙනි. 2020.11.20 දින එය සිචු වු බව පවසන ඔහු ඒ ගැන තමන් මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පැවසී ය.

ඔහු තම සිව්වැනි පැමිණිල්ලෙහි,

‘2020.01.23 දින මඩකලපුව මධ්‍යම බස් නැවතුම්පොළ ගොඩනැගිල්ලේ පිහිටි මඩකලපුව මාධ්‍ය මධ්‍යස්ථාන කාර්යාලයෙන් මා ඇතුළු මාධ්‍යවේදීන් 7 දෙනෙකුට අත්පත්‍රිකා පළකර මරණ තර්ජන එල්ල කළා. මේ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා’ යැයි සඳහන් කොට ඇත.

මේ තර්ජනය කළේ කවුද? ඔවුන් එසේ කළේ ඇයි? යන්න අනාවරණය කර ගනිමින් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ඔහු මෙම පැමිණිල්ල හරහා ඉල්ලා සිටී.

තවදුරටත් ඔහු පෙන්වා දෙන්නේ මාධ්‍ය කටයුතු අඛණ්ඩව කරගෙන යාමට නොහැකි අයුරින් තමාට නිරන්තරයෙන් මෙවැනි තර්ජන එල්ල වන බවයි.

ජනතාවගේ ප්‍රකාශ කරලියට ගෙන එන විට දිගින් දිගටම මෙවැනි ගැටළු මතුවන බැවින් මාධ්‍යවේදීන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට මානව හිමිකම් කොමිෂන් සභාව, මාධ්‍ය සංවිධාන සහ ආරක්ෂක අංශ ඉදිරිපත් විය යුතු යැයි ඔහු ඉල්ලා සිටී.

මඩකලපුව මාධ්‍යවේදී වී.ශක්තිවේල්

This post is also available in: English தமிழ்

More News

A BRIEF REPORT ON THE IMPLEMENTATION OF THE OFFICIAL LANGUAGES POLICY (OLP) IN SELECTED MINISTRIES & GOVERNMENT INSTITUTIONS & PUBLIC PERCEPTION ON OLP IN SRI LANKA

A BRIEF REPORT ON THE IMPLEMENTATION OF THE OFFICIAL LANGUAGES POLICY (OLP) IN SELECTED MINISTRIES &...

Read More

ප්‍රභාකරන්ගේ සොහොන හා මාධ්‍ය මර්දනය!

ප්‍රභාකරන්ගේ සොහොන හා මාධ්‍ය මර්...

Read More

Diamond Leadership Study on Women Political Empowerment in Sri Lanka (2019/2020)

Diamond Leadership Study on Women Political Empowerment in Sri Lanka (2019/2020) The Centre for P...

Read More