කන්කසන්තුරය පොලිසිය වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් බාධා කිරීම්වල නිරත වෙයි!

කන්කසන්තුරය පොලිසිය වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් බාධා කිරීම්වල නිරත වෙයි!

මාදගල් ප්‍රදේශයේ ධීවරයන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි පවසමින් ධීවර ප්‍රජාව දියත් කළ උද්ඝෝෂණය හා සම්බන්ධ පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදී රාජරත්නම් දර්ෂන් මහතාගේ (25) රාජකාරියට බාධාවන අයුරින් සිදු වූ මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගිය මාර්තු 7 වැනිදා පැමිණිල්ලක් කර ඇත. කන්කසන්තුරය පොලිසියේ බලධාරියකු තමාව වීඩියෝ කරගනිමින් තර්ජනය කළ බව ඔහු එම පැමිණිල්ලෙ හි සඳහන් කර ඇත.

සුලිපුරම්, සුලිපුරම් බටහිර යන ලිපිනයේ පදිංචි දර්ෂන් මහතා එම තර්ජනය කිරීමට අදාළව ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු පිළිබඳ විස්තර සහ ලේඛන සාක්ෂි වශයෙන් ඡායාරූපයක් ද ඊට ඇතුළත් කර තිබේ. තමන් මේ සම්බන්ධයෙන් කතෘවරයා දැනුම්වත් කළ බවත් අන්තර්ජාලයේ මෙම සිද්ධිය අළලා පුවත් පළමු බවත් පවසන ඔහු පරිපාලනමය හේතුවක් මේයට මුල් වන්නට ඇතැයි සිතන බව ද පවසයි. එසේම, මින් ඉදිරියට වීඩියෝ දර්ශන පෙන්වමින් මාධ්‍යවේදීන් ට තර්ජන එල්ල කරන අයවලුන් නීතියේ රැහැනට කොටු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

ආරක්ෂක හේතු උලුප්පමින් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ලබා ගැනීම සහ ඔවුන් වීඩියෝ කිරීම සුලබ වී ඇති අතර මෙවැනි සිදුවීම් යහපානය අර්ධද්වීපයේ සිටින මාධ්‍යවේදීන් තුළ බියකරු තත්ත්වයක් නිර්මාණය කර ඇත. ඔහුන්ට අනුව, මෙම ක්‍රියාවන් අනාගතයේ දී තමන්ට එරෙහිව යොදා ගන්නා අවි බවට පත්විය හැකි ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන උද්ඝෝෂණ, සමුළු සහ ජන රැලිවලට සහභාගීවන  මාධ්‍යවේදීන් නිරන්තරයෙන් ආරක්ෂක අංශවල සහ හමුදාවේ නිරීක්ෂණයට ලක් වන්නේ ය. මේ තත්ත්වය යුද සමය තුළත් පශ්චාත් යුද සමය තුළත් දක්නට ලැබෙන අතර එයින් තමන්ගේ නිදහස සහ අයිතීන් කඩ වන බවත් මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙලෙස ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීමේදී මාධ්‍යවේදීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීමක් සිදු නොවේ. පුද්ගලයෙකුගේ අනුමැතිය සහ කැමැත්ත නොමැතිව ඡායාරූප ගැනීමටත් වීඩියෝ කිරීමටත් කිසිවෙකුටත් අයිතියක් නොමැති තත්ත්වයක් තුළ, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් මෙවැනි දෑ සිදු කරනු ලැබීමට හේතු වී ඇත්තේ මාධ්‍යවේදීන් තර්ජනය කොට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම ය.

වීඩියෝ කිරීමේ අරමුණ කවරේද? ඡායාරූප ගන්නේ කුමක් සඳහා ද? යන්න පැහැදිලි කිරිමේ වගකීමෙන් ආරක්ෂක අංශය ඈත් වී සිටින බව පෙනේ. ආරක්ෂක හේතු දක්වමින් මාධ්‍යවේදීන්ගේ නිදහසට සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීම හෙළා දැකිය යුත්තක්. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙවැනි ක්‍රියා වැළැක්වීමට නීතිමය පියවර ගත යුතු බවය.

සමස්ත මාධ්‍යවේදීන්ගේ අදහස වී ඇත්තේ ‘දමිල මාධ්‍යවේදීන් යනු ත්‍රස්තවාදීන්’ යන ආකල්පයෙන් යුතුව ක්‍රියාත්මකවන ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය හෙළා දැකිය යුතු බව ය.

මාධ්‍යවේදී රාජරත්නම් දර්ෂන්

 

 

 

 

 

 

 

 

This post is also available in: English தமிழ்

More News

පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු කළ යුතුයි.

පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්Ȁ...

Read More

නැවත පදිංචි වූ ජනතාවට මූලික පහසුකම් අවශ්‍යයි!

නැවත පදිංචි වූ ජනතාවට මූලික පහසුකම් අ...

Read More

සංවර්ධන කමිටු රැස්වීම් ආවරණය කිරීමට අවසර දෙන්න!

සංවර්ධන කමිටු රැස්වීම් ආවරණය කිරීමට ...

Read More

මුහුණු පොතේ ප්‍රභාකරන්ගේ ඡායාරුපය පළ කිරීම නිසා අත්අඩංගුවට

මුහුණු පොතේ ප්‍රභාකරන්ගේ ඡායාරුපය ...

Read More