මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට මාධ්‍ය හැඳුනුම්පත තර්ජනයක් වෙයි!

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට මාධ්‍ය හැඳුනුම්පත තර්ජනයක් වෙයි!

ජනතාවගේ පොදු යහපත හා බැඳුනු ගැටලු මාධ්‍ය තුළ වාර්තා කිරීමේදී ආරක්ෂක අංශ විසින් තමන්ට නිරන්තරයෙන් තර්ජන එල්ල වන බව පවසමිනි මුලතිව් හි පදිංචි මාධ්‍යවේදී ජෙගදීස්වරන් ඩිෂාන්ත් මහතා (29) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඔහු මෙම පැමිණිල්ල කර ඇත්තේ මල්ලාවි පොලිසියට සහ ආරක්ෂක මුරපොළේ හි සේවයේ නියුතු යුධ හමුදා නිළධාරීන්ට එරෙහිවයි.

මුලතිව්, නාට්ටාන්කන්ඩල්, පූවරසන්කුලම්, කොම්බවත්තකුලම ප්‍රදේශයේ පදිංචි ඩිෂාන්ත් මහතා පවසන්නේ බුද්ධි අංශයේ නිරීක්ෂණයට ලක්ව සිටීමෙන් තම මාධ්‍ය නිදහස සීමා වී ඇති බවයි.

මෑතකදි සිදුවූ සිද්ධියක් මුල් කර ගන්මින් තමන් මෙම පැමිණිල්ල කර ඇති නමුත්, 2015 සිට එවැනි තර්ජන එල්ල වන බව ඔහු කියා සිටී.

ප්‍රදේශයේ ජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනුව නාට්ටාන්කන්ඩල් පාලම පිළිබඳ පුවත වාර්තා කිරීම සඳහා  ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේදී එහි පිහිටි හමුදා ආරක්ෂක මුරපොළේ සිටි සාමාජිකයින් තම කටයුතුවලට බාධා කළ බව පෙන්වා දුන් ඔහු, තමන් එවැනි සිදුවීම් රැසකට මුහුණ දුන් බව ද සඳහන් කළේ ය.

මානව හිමිකම් කොමිසමට කර ඇති පැමිණිල්ල විස්තර කරමින් ඩිෂාන්ත් මහතා කියා සිටියේ,

“මා සහ තවත් සහෝදර මාධ්‍යවේදියෙක් මල්ලාවි හා පාණ්ඩියන් වැව පිහිටි ප්‍රදේශයේ පුවත් වාර්තාකරණයට ගොස් ආපසු එමින් සිටිය දී හමුදා මුර‍පොළේ සිටි භටයින් අපව නවතා අපේ බඩු බාහිරාදිය පරීක්ෂා කළා. මාධ්‍යවේදීන් යැයි කියමින් හැඳුනුම්පත පෙන්වුවද ඔවුන් අපට එම ස්ථානයෙන් පිටව යාමට ඉඩ දුන්නේ නැහැ. පැය කිහිපයකට පසුව ප්‍රදේශය භාර හමුදා නිලධාරියා පැමිණ අපට පිටත්ව යාමට අවසර දුන්නා. මෙය අපේ මාධ්‍ය භාවිතයට බාධා කිරීමක්”.

ආරක්ෂක අංශවලින් දිගින් දිගටම සිදුවන මෙවැනි හිරිහැර හේතුවෙන් තමන්ට නිදහසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත්, ඕනෑම අවස්ථාවක දී තර්ජනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන මානසිකත්වයෙන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ජනතාව ඹවුන්ගේ ප්‍රශ්න මාධ්‍යවේදීන්ට කියමින් ඒවා විසඳන්න සහයෝගය ඉල්ලයි. එහෙත්, එවැනි ගැටලුවලට මාධ්‍ය ආවරණය ලබා දීමේ දි ආරක්ෂක අංශ සමඟ ඝට්ටනයක් ඇති වේ. ඊට හේතුව ආරක්‍ෂක අංශවලින් මර්දනයට ලක්ව භාෂණයේ නිදහස අහිමිව සිටින මහජනතාව මතුකරන අදහස් ඹවුන්ට ගැටලුවක් විය හැකි බවට සිතීමය. එම නිසා මහජන විරෝධතා මෙන්ම සිදුවීම් ආවරණය කිරීමේ දි හා ඡායාරූප ගැනීමේ දී මාධ්‍යවේදින්ට බාධා එල්ල කිරීම සැලසුම් සහගත ක්‍රියාවක් බව ඔහු පටසයි.

ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් දැඩි ලෙස නිරීක්ෂණය ලක් වන්වන බවත්, පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් යැයි කියමින් පුද්ගලයින් දෙදෙනෙකු තමාගෙන් තොරතුරු ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දි තමන් ඔවුන්ගේ හැඳුනුම්පත් පෙන්වන්නැයි ඉල්ලා සිටි බවත්, සම්පූර්ණ තොරතුරු ලබාගැනීමට ආසන්නයේ පිහිටි හමුදා කඳවුරට පැමිණෙන ලෙස තමා‍ට දැනුම් දුන් බවත් ඔහු පවසයි.

තර්ජන හමුවේ තම කාර්යභාරය සිදු කරන බව කියා සිටි ඔහු, යුද්ධයෙන් තම සහෝදරයන් දෙදෙනා අහිමි වු තත්ත්වයක් තුළ තම ආරක්ෂාව සම්බන්ධයෙන් බියෙන් පසුවන බවත්,  මේ ගැන සංවිධාන ගණනාවක් දැනුම්වත් කර ඇතත් විසඳුමක් නොලැබුණු බව ද ඩිෂාන්ත් අවධාරණය කළේ ය.

සමහර අවස්ථාවල මාධ්‍යවේදීන්ට නිකුත් කරන හැඳුනුම්පතම ඹවුන්ට ගැටලුවක් බවට පත්ව ඇති බවත්, හැඳුනුම්පත පෙන්වා තම අනන්‍යතාව සහතික කිරීමේ දි ආරක්ෂක අංශ නොමනා ලෙස හැසිරෙන බවත් ඩිෂාන්ත් පවසයි.

මාධ්‍යවේදී ඩිෂාන්ත්

This post is also available in: English தமிழ்