අතරමග නතර වූ පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවස්ථාවක් දෙන්න!

අතරමග නතර වූ පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවස්ථාවක් දෙන්න!

සාගර විශ්වවිද්‍යාලීය මණ්ඩපය විසින් දියත් කරන ලද කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සිටියදී ඇති වූ සිද්ධියක් නිසා එය අතරමග නැවැත්වීමට සිදු වීමෙන් තම මානව හිමිකම් කඩ වී ඇතැයි පවසමින් එස්. ගංගාසුදාර් මහතා (32) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

මඩකලපුව, තාමරෛකේණි යන ලිපිනයෙහි පදිංචි ඔහු මෙම පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ සාගර විශ්වවිද්‍යාලීය මඩකලපුව මණ්ඩපය සහ ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයට එරෙහිව ය.

එම පැමිණිල්ලෙහි ඔහු  ”2016 දී මා සාගර විශ්වවිද්‍යාලයේ මඩකලපුව මණ්ඩපය විසින් පැවැත් වු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සති අන්තයේ හදාරමින් සිටියා. සම්පත් දායකයා ගණිතය සහ ඉංග්‍රීසි විෂය සමඟ සම්බන්ධ කොට ඉගැන්වීමේදී, පාඨමාලාවට සහභාගි වු බොහෝ සිසුන්ට ගණිත විෂයයේ ඇතැම් කොටස් දෙමළ භාෂාවෙන් පැහැදිලි නොකර ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වූ නිසා මා ඒ බව ඇගයීම් කමිටුවට පැමිණිලි කළා. පැමිණිල්ල කර ටික වේලාවකින් කොළඹ සිට පැමිණි සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයා මට පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න බලකරමින් එසේ නොකළහොත් ඩිප්ලෝමාවෙන් අස්කරන බවට තර්ජනය කළා” යනුවෙන් සඳහන් කර ඇත.

ඔහු සාගර විශ්ව විද්‍යාලීය මණ්ඩපයේ දී මානව හිමිකම් උල්ලංඝණය වීම සිදු වු බවත්, පරිපාලන දුර්වලතාව ඊට හේතු වු බවත් පෙන්වා දෙමින් සෙසු සිසුන් සහ පරීක්ෂණ කමිටු සාමාජිකයින් ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස දක්වා ඇත.

උසස් නිලධාරියෙකුගේ තර්ජනය හේතුවෙන් තමාට ඩිප්ලෝමා පාඨමාලාවෙන් ඉවත් වීමට සිදු වු බවත්, පන්තියේදී වෙනස්කොට සැලකීමට ලක් වු බවත් පවසන ගංගාසුධර් මහතා මෙලෙස අසාධාරණය සිදු වූයේ උසස් නිලධාරියෙකුගෙන් වීම හේතුවෙන් තමාට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව ඔහු පවසි සිටී.

තමාට සිදු වූ අසාධාරණයට පිළියමක් ලෙස  ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඔහු මෙම පැමිණිල්ල හරහා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.

ගංගාසුධර් මඩකලපුවේ

 

This post is also available in: English தமிழ்

More News

16/2017 : පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන)

16/2017 : පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශ...

Read More

කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ගැටුම්.

කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්ම...

Read More

සාම විමර්ශී

13 වෙනි වැළුම 02 වෙනි කලාපය / 2016 දෙසැම්බර් ...

Read More