රාජකාරියට බාධා කරන පොලිස් බලධාරීන්!

රාජකාරියට බාධා කරන පොලිස් බලධාරීන්!

යහපානය පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයකු (PC 92646) විසින් තම රාජකාරියට බාධා සිදුකරන ලද බව පවසමින් මාධ්‍යවේදී සොර්නලිංගම් වර්ණන් මහතා (32) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය 2022 මාර්තු 07 වැනි දා පැමිණිල්ලක් සිදුකර ඇත.

උරුම්බිරායි, උරුම්බිරායි නැගෙනහිර ඤාණවෛරවර් යන ලිපිනයෙහි පදිංචි වර්ණන් මහතා අදාළ සිදුවීම 2022 පෙබරවාරි 21 වැනි දා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු වූ බව එහි සඳහන් කර ඇත.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පෙර පාසල් ගුරුවරුන් විසින් සිදු කරනු ලැබූ උද්ඝෝෂනය හා සම්බන්ධ පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී පොලිසිය තමන්ට බාධා කළ බවත්, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ බලධාරීන් කිසිදු නියෝගයකින් තොරව පුවත් ආවරණය කළ මාධ්‍යවේදීන්ට බාධා කළ බවත් ඔහුගේ පැමිණිල්ලෙහි සඳහන්. මෙය පරිපාලනමය දුර්වලතාවක් නිසා සිදු වූ බව පෙන්වා දෙන වර්ණන් මහතා, සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ විස්තර සහ ලේඛන සාක්ෂි වශයෙන් තිනක්කුරල් පුවත්පත, (Jaffna Zone) නැමැති ජනමාධ්‍ය පිළිබඳ විස්තර ද ඊට ඇතුළත් කර තිබේ. පොලිස් බලධාරීන්ගෙන් ඔවුන්ට බාධා එල්ල විය ඇත්තේ උද්ඝෝෂණකරුවන් සමග කාර්යාලය තුළට ඇතුළුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ය. කාර්යාලයට ඇතුළුවීමට අවසර නොදෙන්නේ නම්, උද්ඝෝෂණයට ලබාදෙන විසඳුම් කවරේදැයි අදාළ බලධාරීන්ගෙන් අසා තමන් දැනුවත් කරන ලෙස මාධ්‍යවේදීහු පෙරළා පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කළහ. එවිට පොලිස් නිලධාරියා පවසා ඇත්තේ ඇතුළු වීමට කිසිසේත් අවසර ලබාදිය නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමාගේ සහකාර ලේකම්වරයා දැනුවක් කලවිට ඔහු, තමන් එවැනි නියෝගයක් ලබා නොදුන් බව සඳහන් කළේ යැයි වර්ණන් මහතාගේ පැමිණිල්ලෙ හි සඳහන් වේ.

වසර 5ක් තිස්සේ මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරන වර්ණන් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හේතු වූයේ, මාධ්‍යවේදීන් හට ආරක්ෂක අංශවලින් දිගින් දිගටම එල්ල වන මර්දනකාරී පිළිවෙත ය. බලධාරීන්ගෙන් මාධ්‍යවේදීන්ට අනුමැතිය ලැබුණ ද, ඹවුන්ට ආරක්ෂාව සලසන පොලිසිය සහ ආරක්ෂක අංශ නියෝජනය කරන වෙනත් පාර්ශව තමන්ගේ රාජකාරියට බාධා කරන බව ඔහු පෙන්වා දෙයි.

පශ්චාත් යුද සමය තුළ ආරක්ෂක අංශවල පැමිණීම හේතුවෙන් නිදහස් මාධ්‍ය ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල වන බව පෙනී ගොස් ඇතැයි පවසන ඔහු මෙම සිදුවීම එයට කදිම නිදසුනක් වී ඇතැයි ද පවසයි.

ආරක්ෂක අංශ නියෝජනය කරන පිරිස සිංහල හෝ දමිළ භාෂාව කතා කරන අය වුව ද, ඔවුන් දියත් කරන මාධ්‍ය මර්දනය අඛණ්ඩව සිදු වෙමින් තිබෙන බව සඳහන් කිරීමට ද වර්ණන් මහතා අමතක කළේ නැත.

මාධ්‍යවේදී සොර්ණලිංගම් වර්ණන්

 

 

 

 

 

This post is also available in: English தமிழ்

More News

ගුවන්විදුලි සේවකයින් 32කට මාස අටක් වැටුප් නොගෙවීම

ගුවන්විදුලි සේවකයින් 32කට මාස අටක් වැට...

Read More

සමාජ සේවයේදී පිරිමින්ගෙන් හිරිහැර ආරක්ෂාව ලබා දෙන්න!

සමාජ සේවයේදී පිරිමින්ගෙන් හිරිහැර ආ...

Read More

මහජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගන්න!

මහජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගන්න! මන...

Read More

හිටපු කැරලි කරුවෙක් වීමෙන් දිගින් දිගට තර්ජනයට ලක්වීම!

හිටපු කැරලි කරුවෙක් වීමෙන් දිගින් දි...

Read More