පුවත් වාර්තාකරණය නිසා දේශපාලන පළිගැනීමට ලක්වීම!

පුවත් වාර්තාකරණය නිසා දේශපාලන පළිගැනීමට ලක්වීම!

අතවරයක් සම්බන්ධ සිද්ධියක් වාර්තා නිරීම නිසා අසාධාරණයට පත් වූ බව පවසමින් මුලතිව් මාධ්‍යවේදීනි ජී. සප්තසංගරී (36) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.

මුලතිව්, මුරිකන්ඩි, සෙල්වපුරම්, අංක 99 ලිපිනයේ බදිංචි ඇය එම පැමිණිල්ල කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ මාන්කුලම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට එරෙහිව යි. 2019 දී මානව හිමිකම් කඩවීම සිදුවු බවත්, ඔඩ්ඩුසුඩාන්  ප්‍රාදේශීය ලේකම් ඩී.අකිලන් සහ මාන්කුලම් සමෘද්ධි සංවර්ධන බැංකුවේ කළමනාකාරු යන අය ඊට සම්බන්ධ බවත් ඇය පැවසුවා ය.

‘යහපාලන සමයේදී මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරිය ලෙස කටයුතු කළ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මියගේ මැදිහත් වීමෙන් සිසු වූ වන විනාශය ගෙන මම වාර්තා කළා. එම නිසා මට ලැබුණු රජයේ නිවාස යෝජනා ක්‍රමය අත්හිට වු ඇයගේ ගෝලයින්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාව හරහා මා අනවසර ගොඩනැඟිල්ලක් ඉදිකරන බව පවසමින් නඩු පැවරුවා. මේ දක්වා නිවාස යෝජනා ක්‍රමයේ ඉකිරි මුදල ලැබී නැහැ’ යනුවෙන් ඇය තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් තමන් යාපනය මානව හිමිකම් කොමිසම් කාර්යාලයට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බව ප්‍රකාශ කළ ඈ මෙම හිමිකම් කඩවීම පිළිබඳ ලේඛන සාක්ෂි තිබෙන බවද පැවසුවා ය. තවද, එම ගැටලුව තවමත් නොවිසඳී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොවූ බවත් පෙන්වා දෙයි.

ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙම පැමිණිල්ල ගොනුකරමින් ඉල්ලා සිටින්නේ තමන්ට ඉක්‌මනින් සාධාරණය ඉටු කරන ලෙසයි.

මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන, ප්‍රවෘත්ති වාර්තානඑණයේ දී මාධ්‍යවේදීන් මුහුණ දෙන මෙවැනි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙය මුළුමණින්ම දේශපාලන පලිගැනීමකි. එම නිසා අගතියට පත් පාර්ශ්වය ප්‍රකාශ කර සිටියේ නිදහස් මාධ්‍යය භාකිතය තර්ජනයට ලක් වී ඇති බවය.

මාධ්‍යවේදිනී සප්තසංගරී

 

This post is also available in: English தமிழ்