සිංහල භාෂාවෙන් පමණක් සකස්කළ පෝරමයක් නිසා සෙසු සමාජීය කොටස් අපහසුතාවට පත්වෙයි !

සිංහල භාෂාවෙන් පමණක් සකස්කළ පෝරමයක් නිසා සෙසු සමාජීය කොටස් අපහසුතාවට පත්වෙයි !

පොලිසිය විසින් සිංහල භාෂාවෙන් පමණක් සකස්කරන ලද පෝරමයක් ලබා දීම හේතුවෙන්  සුළුකර ජනතාව අපහසුතාවට පත්වන බව පවසමින් තිරිකුණාමල මාධ්‍යෙව්දී මොහොමඩ් අස්වර් මහකා (45) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

තිරිකුණාමලය, තක්කියා පාර, 36/14 යන ලිපිනයෙහි පදිංච් ඔහු පීඩාවට පත් වූවන් වෙනුවෙන් මෙම පැමිණිල්ල කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව හා පොලිස්පති යන අයට එරෙහිවය.

පවුලේ විස්තර එකතු කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරන ලද පෝරමය  සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් පමණක් තිබීම හේතුවෙන් සිංහල භාෂාව නොදන්නා දෙමළ මුස්ලිම් ජනතාව මෙම පෝරමය පිරවීමේදී මහත් අපහසුතාවට ලක්ව ඇති බව ඔහු විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ඔහු පවසන පරිදි රට පුරා මෙම පෝරමය බෙදා හැර ඇත.

සිංහල භාෂාවෙන් පරිචයක් නොමැති ජන නො‍ටසක් ගැන නොසිතා කටයුතු කිරීම පරිපාලන දුර්වලතාවක් බවත්, ඒ සඳහා ලේඛන සාක්ෂි තමා සතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මොහොමඩ් අස්වර් තිරිකුණාමලය

This post is also available in: English தமிழ்

More News

ජනතාවට ගරු නොකරන පොලිසිය සහ නිලධාරීන්!

ජනතාවට ගරු නොකරන පොලිසිය සහ නිලධාරීන...

Read More

යතුරුපැදිය සහ ඇප මුදල ආපසු දෙන්න!

යතුරුපැදිය සහ ඇප මුදල ආපසු දෙන්න! මාධ...

Read More