ජනතාවට ගරු නොකරන පොලිසිය සහ නිලධාරීන්!

ජනතාවට ගරු නොකරන පොලිසිය සහ නිලධාරීන්!

මඩකලපුවේ පදංචි පී.මේගලනාදන් මහතා (37) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ පොලිස් ස්ථානවල ජනතාව ජාතිය, භාෂාව සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන වෙනස්කොට සැලකීමට ලක්වන බවයි.

ඔහු මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ පොලිසිය සහ පොලිස් බලධාරීන්ට එරෙහිවය.

පොලිසිවල ජනතාවට හරියට සලකන්නේ නැහැ; දෙමළ භෂාවෙන් කතා කරන්නෙ නැහැ; නුසුදුසු වචන පාවිච්චි කරනවා; ජනතාව රස්තියාදු කරනවා. එවගේම ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කොට සලකන බවත් ඔහු පවසයි.

මඩකලපුව, පාලෛයඩිතෝනි, ජීවපුරම්  හි වෙසෙන ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම මානව හිමිකම් කඩවීම් දිගින් දිගටම සිදුවන බවයි.

ඔහු සිය පැමිණිල්ලෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතු බවත් සහ ඔවුන්ගේ අයිතිය සුරක්ෂි විය යුතු බවත් ය.

මේගලනාදන් – මඩකලපුව

This post is also available in: English தமிழ்

More News

භාෂා ප්‍රශ්නය නිසා අසාධාරණයට ලක්වන අහිංසක ජනතාව!

භාෂා ප්‍රශ්නය නිසා අසාධාරණයට ලක්වන ...

Read More

වතු කම්කරු පවුල් සඳහා ස්ථිර ලිපිනයන් ලබාදීමේ සමාජ සත්කාරය

2016 මාර්තු 05 මොකා වත්ත මස්කෙළිය වැඩිද...

Read More

සාම විමර්ශී

13 වෙනි වැළුම 02 වෙනි කලාපය / 2016 දෙසැම්බර් ...

Read More