ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2018/2019

ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2018/2019

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙතෙක් විධිමත් පුහුණුව සම්පුර්ණ නොකළ ගුරුවරුන් / ගුරු සහායකවරුන්, චක්‍රලේඛ අංක 28/2016 අනුව සකසා ගත් අයදුම්පත් 2018 අප්‍රේල් 27 දිනට ප්‍රථම “අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය

 

This post is also available in: English தமிழ்