සැමරුම උත්සවයට මුවාවී කරන අත්අඩංගුවට ගැනීම් නවත්වන්න!

සැමරුම උත්සවයට මුවාවී කරන අත්අඩංගුවට ගැනීම් නවත්වන්න!

මියගිය දිනය සිහි නිරීමට අවසර දෙන ලෙසය මාධ්‍යවේදී දේව අදිරන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

ඔහු එම මෙම පැමිණිල්ල කර ඇත්තේ ඔහුගේ සහෝදර මාධ්‍යවේදී විමලසේන ලව්කුමාර් වෙනුවෙන් වන අතර ඒ ආරක්ෂක අමාත්‍යාංශය සහ කල්කුඩා පොලිස් ස්ථානයට එරෙහිව ය.

2021 මැයි 18 වැනි දින පැවති සැමරුම් කටයුතු හේතුවෙන් තම සහෝදර මාධ්‍යවේදියාගේ මානව හිමිකම් කඩ වී ඇති බවත් ජාතිය, භාෂාව හා දේශපාලන ප්‍රතිපත්ති නිසා එය සිදුව ඇති බවත් පවසන දේව අදිරන් මහතා එය සිදුව ඇත්තේ වාලච්චේන නාගවත්ත ප්‍රදේශයේ බව ද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කම පැමිණිල්ලෙහි වැඩි දුරටත් පවසා ඇත්තේ,

‘2021 මැයි 18 වැනිදා මුල්ලිවයික්කාල් හි සැමරුම් උත්සවය පැවැත් වු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සි‍ටි සහෝදර මාධ්‍යවේදීන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කර තිබෙනවා. ඔවුහු සෑම මසකම අවසාන් ඉරිදා පොලියට ගොස් අත්සන් කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන අධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇත.

මෙම මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමටත්, නැවතත් මෙවැනි සිදුවීම් සිදු නොවීමට වග බලා ගැනීමටත්, සැමරුම් උත්සව පැවැත්වීමටත්, මියගිය අය සිහිකිරීමටත් අවසර ලබා දීමට පියවර ගන්නා ලෙස ඔහු මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේ ය.

යුද්ධයෙන් මියගිය අය සැමරීමට අදාළව බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීම මූලික මානව හිමිකම් කඩකිරීමකි. විශේෂයෙන්ම, ආරක්ෂක අංශ උතුරේ මානව හිමිකම් කඩකිරීම් සිදුකරන්නේ මුල්ලිවයික්කාල් සැමරුම් උත්සවය දඩමීමා කර ගනිමිනි. මියගිය අයට ගෞරව කිරීම වළක්වන සහ ඔවුන්ගේ ආදරණීයයන් සිහිපත් කිරීම වළක්වන මෙවැනි මර්දනකාරි පිළිවෙත් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අවධානය යොමු කළ යුතුයි.

සියලු දෙනාගේම ඉල්ලීම වී ඇත්තේ යුද්ධයෙන් මියගිය සියලුම දෙනා ත්‍රස්තවාදීන් යැයි සලකන සිතුවිල්ල වෙනස් විය යුතු බව යි. පැහැදිලිවම මෙය ජාතිය සහ භාෂාව පදනම් කරගත් මර්දනයකි. යුද්ධයෙන් මියගිය සෙබළුන් සැමරීමට රාජ්‍ය උත්සව පවත්වද්දි දමිළ ජාතිනයන් වීම නිසා යුද්ධයෙන් මියගිය අය සැමරීම ප්‍රතික්ෂේප කිරීම ඉතා කණගාටුදායකය.

මාධ්‍යවේදී දේව අදිරන් ඉල්ලීමක්

This post is also available in: English தமிழ்