වැලි ගොඩදැමීමේ පුවත වාර්තා කිරීම නිසා තර්ජනයට ලක් වීම!

වැලි ගොඩදැමීමේ පුවත වාර්තා කිරීම නිසා තර්ජනයට ලක් වීම!

තිරිකුණාමලයෙහි වෙසෙන අච්චුදන් මහතා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් කියා සිටින්නේ තිරිකුණාමලයේ උග්‍ර වෙමින් පවතින නීතිවිරෝධී වැලි ගොඩදැමීමේ පුවත වාර්තා කිරීම නිසා තර්ජනයට ලක්වු බවයි.

තිරිකුණාමලය, විදුලිබල මණ්ඩලය පාර, අංක 56 හි පදිංචි මාධ්‍යවේදී අච්චුදන් මහතා (42), 2019 දී දුරකථන සංවාදයක් හරහා මෙම මානව හිමිකම් කඩකිරීම සිදුවූ බව සඳහන් කර ඇත.

තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ මෑතක සිට නිල සහ නොනිල ම‍ට්ටමෙන් සිදු කෙරෙන වැලි ගොඩදැමීමේ කටයුතු වැඩි වී ඇත. එම පුවත වාර්තා කිරීම හේතුවෙන් තමාට කර්ජන එල්ල වු බව පැවසු ඔහු, කවදුරටත් කියා සිටියේ අපක්ෂපාතිව වැඩ කිරීම කිසා මෙම තත්ත්වට උද්ගත වු බවයි.

තවද, පරිසරයට හානි කරන මෙවැනි කටයුතු හෙළා දකින බව ද ඔහු පවසයි.

වැලි පටවන තැනැත්තන් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමට තරම් මුදල් සහ අධිකාරි බලයක් අත්‍පත් කරගෙන ඇති අතර අනෙක් අතට සම්පත් ආරක්‍ෂා කළ යුතු පාර්ශව නිහඬව බලා සිටී.

එබැවින්, ඔහු ඉල්ලා ඇත්තේ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය සීමා කරන කටයුතුවලට එරෙහිව සහ මාධ්‍යවේදීන්ට නිදහසේ වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය වී යුතු බවයි.

මාධ්‍යවේදි අච්චුදන්

This post is also available in: English தமிழ்