අබායා ඇදුම හේතුවෙන් පාසල අහිමිවු ෆාතිමා ෆක්මිතා රමීෂ්

අබායා ඇදුම හේතුවෙන් පාසල අහිමිවු ෆාතිමා ෆක්මිතා රමීෂ්

විද්‍යා පීඨ ගුරුවරියක්වු ෆාතිමා ෆස්මිදා ගුරුවරිය ත්‍රීකුණාමලය සම්මුගා හින්දු බාලිකාවට පැමිණෙන්නේ,2013 වසරේදීය.ඊට පෙර ඇය සේවය කර ඇත්තේ,මූතුර්  මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේය.ගුරු වෘත්තියට රජයෙන් මෙතෙක් නිෂ්චිත වු නිල ඇදුමක් නියම කර නොමැති නිසාදෝ බොහෝ මුස්ලිම් පාසල්වල ගුරුවරියන් අබායා ඇදුමෙන් සැරසී පාසලට පැමිණිම සුලබ දසුනකි.

ෆාතිමා ෆස්මිදා ගුරුතුමිය 2013 වසරේ සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයට පළමු වර පැමිණෙන විටද සැරසී ඇත්තේ,අබායා ඇදුමකනි.කෙසේ වෙතත්, ෆාතිමා ෆස්මිදා මහත්මියට එවකට විදුහල්පතිනිය ලෙස කටයුතු කල සුලෝචනා මහත්මිය දැනුම් දී ඇත්තේ,තම පාසලේ ගුරුවරියන්ට අබායා ඇදුමෙන් සැරසීමට අවසරයක් නොමැති බවත්,ඇයට එය අපහසු කටයුත්තක් නම්,වෙනත් පාසලකට මාරුවීමක් ලබා ගෙන යන ලෙසත්ය.

ෆාතිමා ෆස්මිදා මහත්මිය සති දෙකක් පමණ එසේ අබායා ඇදුමෙන් සැරසී පාසලට ගොස් ඇති බව කියවේ. අනතුරුව ඇය විදුහල්පතිනියගේ දැනුම්දීම  මත එතැන් සිට පාසලට පැමිණ ඇත්තේ,සාරියකින් සැරසී හිස වැසෙන අන්දමින් ස්කාෆ් එකක් පැලදීමෙනි. කෙසේ වෙතත්,මේ අතර තුර කින්නියා ප්‍රදේශයේ සිට තවත් මුස්ලිම් ජාතික ගුරුවරියක් සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලබා පැමිණ ඇති අතර,ඇය විදුහල්පතිනියගේ දැනුම්දීම තැකීමක් නොකර දිගින් දිගටම අබායා ඇදුමෙන් සැරසී පාසලට පැමිණ ඇති අතර,ඇය එහිදී කලු පැහැති අබායා ඇදුමද පාසලට භාවිතා කර ඇති බව ෆාතිමා ෆෂ්මිදා ගුරුතුමිය කියා සිටි. කෙසේ වෙතත්,සුලෝචනා විදුහල්පතිතුමියගේ නියෝගය නොතකා අබායා හැද පැමිණි එම ගුරුවරිය සම්බන්දයෙන් කුමන හෝ හේතුවක් මත අදාල නීතිය ක්‍රියාත්මක වී නැති බව ෆාතිමා ෆෂ්මිදා ගුරුවරිය කියා සිටි.

මෙය තුරුම්පුවක් කර ගත්, තමාද නැවත වරක් සාරියෙන් අබායා ඇදුමට මාරු වු බව ෆාතිමා ෆෂ්මිදා මහත්මිය කියා සිටි.විදුහල්පතිනියගේ නියෝගය නොතකා අබායා ඇදුමෙන් සැරසී පැමිණි කින්නියා ප්‍රදේශයේ ගුරුවරිය මසක පමණ කාලයක් සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ සේවය කර පසුව වෙනත් පාසලකට ස්ථාන මාරුවීම් ලබා පිටව ගොස් ඇති අතර,ෆාතිමා ෆස්මිදා මහත්මිය ඇතුළු තවත් මුස්ලිම් ගුරුවරුන් තිදෙනකු තව දුරටත් එම විද්‍යාලයේම සේවය කර ඇත.ඔවුන් එහිදී කලු පැහැති අබායා ඇදුම හැදීමෙන් වැලකී  වෙනත් වර්ණ වලින් සැරසී හිස ස්කාෆ් එකකින් වසා ගැණීමට ඔවුන් වග බලා ගෙන ඇත.

කෙසේ වෙතත්,අබායා ඇදුම සම්බන්දයෙන් දිගින් දිගටම පාසලෙන් විරෝධය එල්ලවීමත් සමග,ඔවුන් මෙම ගැටළුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.එහිදී බළධාරීන් අදාල ගුරුවරියන් සිව් දෙනාට දැනුම් දී ඇත්තේ,අබායා ඇදුම සම්බන්දයෙන්  විසදුමක් ලබා දෙන තෙක්,ඔවුන් ඒ ආසන්නයේ පිහිටි සහිරා මුස්ලිම් විද්‍යාලයට තාවකාලිකව අණුයුක්ත කිරීමට කටයුතු කරන බවයි.ඒ අනුව 2018.04.27 වන දින මෙම ගුරුවරියන් පිරිස සහිරා මුස්ලිම් විද්‍යාලයට අණු      යුක්ත කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගැටළුව සම්බන්දයෙන් අවධානයක් යොමු නොකොට අදාල ගුරුවරියන්ගේ තාවකාලික ස්ථාන මාරුවීම් දිගින් දිගටම යාවත් කාලීන කිරීමට කටයුතු කල බව ෆාතිමා ෆෂ්මිදා මහත්මිය කියා සිටි.මේ නිසාම ඔවුන් මෙම ගැටළුව සිය මානව හිමිකම් කඩ කිරීමක් සේ සලකා  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාවට පැමිණිලි කිරීමට වග බලාගෙන තිබේ.

මේ ගුරුවරියන් පිරිස මුලින්ම ත්‍රීකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාවට මේ සම්බන්දයෙන් පැමිණිලි කලද,පසුව  ඔවුන් එය කොළඹ පිහිටි ප්‍රධාන කාර්‍යාලය වෙත යොමු කර ගෙන ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාව මෙම ගැටළුව සම්බන්දයෙන් සියළු පාර්ශවයන් අවස්ථා හතකදී පමණ සිදුකල විමර්ශන අවසානයේ 2019.02.19 වන දින  ලබා දී ඇති නිර්දේශය වී ඇත්තේ,අදාල ගුරුවරියගේ මානව හිමිකම් පාසල් බලධාරීන් අතින්  කඩවී වී  ඇති බවත්,පාසල් බළධාරීන් වහා එය නිවැරදි කිරීමට කටයුතු කල යුතු බවත්ය.

සිය සංස්කෘතියේ අංගයක් වු අබායා ඇදුම පාසලට ඇදීමට පාසල් බළදාරීන් අත්තනෝමතික ලෙස ඉඩ නොදීම,ඒ සම්බන්දයෙන් අධ්‍යාපන බළධාරීන්ගේ නිහඩ පිලිවෙත සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාවේ නිර්දේශ පාසල් බළධාරීන් පිලිනොපැදීම යන කාරණා මත ෆාතිමා ෆස්මිදා මහත්මිය සිය නීතිඥවරු මගින් අභියාචනාධිකරණයටද  රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිපති දෙපාර්මේන්තුව මෙම රීට් පෙත්සම විභාග කිරීමේදී පැමිණිලි පාර්ශවය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර එකගතාවයකට පැමිණීමට කැමැත්ත පල කර තිබේ.ඒ එකගතාවයට අනුව,මානව හිමිකම් කොමිෂම් සභාව විසින් ලබා දුන් නිර්දේශ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සහ අදාල ගුරුවරියගේ හිග වැටුප් වර්ධක සමග යලි අදාල විද්‍යාලයේම සේවයේ පිහිටුවීමට එකගතාවය පල කර ඇති බව ෆාතිමා ෆෂ්මිදා මහත්මියගේ සැමියා වන අබ්දුල් රහීම් රමීෂ් මහතා කියා සිටි.

කෙසේ වෙතත්,නැවත වරක් ෆාතිමා ෆෂ්මිදා ගුරුවරිය ඉකුත් 2022.02.02  දින සම්මුගා විද්‍යාලයට අණුයුක්ත කිරීම,ඇය අබායා ඇදුමෙන් සැරසී පාසලට පැමිණීම හා ඇයට එහිදී පාසලෙන් විරෝධය එල්ල වී නොසන්සුන්කාරි තත්වයක් ඇතිවීම යන කාරණා අවසන්වූයේ,ඇය නැවත වරක් කලාප අධ්‍යාපන කාර්‍යාලයට අණුයුක්ත කිරීමෙනි.කෙසේ වෙතත්,ෆාතිමා ෆෂ්මිදා මහත්මියගේ මානව හිමිකම් කඩවී ඇති බව අධිකරණය මෙන්ම මානව හිමිකම් කොමිෂම් සභාවද තීරණය කර තිබියදී ඒ සදහා නිර්දේශ නිකුත් කර තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු බළධාරීන්ගේ හැසිරීම ඇය තව දුරටත් අභියෝගයට ලක්කරමින් සිටි.

This post is also available in: English தமிழ்